26.7 C
Colombo
Saturday, June 14, 2025

පාස්කු ප්‍රහාරයට කලින් හතරවතාවක් තොරතුරු ඇවිත්

- Advertisement -

පාස්කු ඉරු දින ප්‍රහාරය සිදුවීමට කලින් අවස්ථා හතරකදී පාස්කු ඉරු දින හෝ ඊට පෙර කතෝලික පල්ලි සහ හෝටල්වලට ප්‍රහාරයක් එල්ල වන බවට බුද්ධි අංශවලට තොරතුරු ලැබී තිබූ බව ආරක්ෂක අමාත්‍යංශය දැනුම් දී ඇතැයි සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පාර්ලිමේන්තුවට දැනුම්දී තිබෙනවා.

එම තොරතුරුවලට අනුව බුද්ධි අංශ නිලධාරීන් හරි විදිහට කටයුතු කළා ද නැද්ද යන්න පිළිබඳ කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වී තිබෙන බව සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා පැවසුවා.

ඒ අනුව 2019/04,18,20,21 යන දිනවලදී මෙම දැනුම් දීම කර ඇති බව ද රාජ්‍ය බුද්ධි අංශ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන විසින් මෙම සිද්ධි පිළිබඳ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න දැනුවත් කර ඇති බවට ද මෙහිදී කරුණු හෙළිවි තිබෙනවා.

පසුගිය 2019 වසරේ අප්‍රේල් 16 දින කාලංකුඩා ප්‍රදේශයේදී යතුරුපැදියක් පුපුරවා හැරීම මින් එක් සිද්ධියක් වන අතර පාස්කු ප්‍රහාරය අත්හදා බැලීමක් ලෙස එම පිපිරවීම සිදුකර ඇති බව ද සහරාන් ගනුදෙනු කරන විදේශ ජාලය සම්බන්ධයෙන් ද බුද්ධි අංශ දැනුවත් කර ඇති බවද සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා කීයා සිටියා.

මෙම කටයුතු මෙසේ කර තිබියදී මේ සම්බන්ධයෙන් වගකීම් ඉටු කර නැති පිරිස පිළිබඳ මේ වෙනුවෙන් පත් කළ කමිටු වාර්තා වේ සඳහන් වී ඇති බවද ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රි හෙක්ටර් අප්පුහාමි ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

නමුත් මේ පිළිතුර පිළිබඳ තමා සෑහීමකට පත් නොවන බව අප්පුහාමි මන්ත්‍රිවරයා පැවසු අතර ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා මේ පිළිබඳ ඉදිරි දිනකදී පිළිතුරු දෙනු ඇති බව මෙහිදී සභානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

“මම මුලින්ම කරේ ලොකු පුටුව අයින් කරපු එක” – ලාල් කාන්ත

තමා අමාත්‍යාංශයට ගොස් සිදු කළ පළමු කාර්යය වූයේ අමාත්‍යවරයාට වෙන් කොට තිබූ “ලොකු පුටුව”ඉවත් කිරීම බව කෘෂිකර්ම, වාරිමාර්ග, පශු සම්පත් අමාත්‍ය කේ.ඩි. ලාල් කාන්ත...

බලන්ගොඩ පාසල් සිසුවාගේ මිය යෑම ගැන පරීක්ෂණයක්

බලංගොඩ රජවක මහ විදුහලේ  ගසක අත්තක් කඩා වැටීමෙන් සිසුවකු මිය යෑම සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිදු කර සතියක් තුළ වාර්තාවක් ලබාදෙන ලෙස අධ්‍යාපන සහ උසස්...

ඖෂධ හිඟය ගැන පැහැදිලි කිරීමක්

ඇතැම් පුද්ගලයින් බෙහෙත් සම්බන්ධ සංවේදී කාරණා යොදාගනිමින් සමාජ අවධානය ලබා ගැනීමට උත්සාහ දරන බවත් එලෙස ජනතාව බිය වැද්දීම නොකළ යුතු බවත්  සෞඛ්‍ය හා ජනමාධ්‍ය...

POPULAR ARTICLES