27 C
Colombo
Friday, April 19, 2024

ගිණිතියන්න ඕනෙ අහිංසක මහින්දානන්දව නෙවෙයි..!

- Advertisement -

සැබවින්ම පිළිස්සිය යුත්තේ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ රූප නොවන බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.

ඒ, ඊයේ (23) දින පැවති ජනහමුවකදීයි.

මහ කන්නයේ සිට සම්පුර්ණයෙන් කාබනික පොහොර වගාව ආරම්භ කිරීමට උපදෙස් දුන් අය මේ වන විට සොයා ගැනීමට නෙමැති බවත් රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා.

අනුරුද්ධ පාදෙණිය මහතා හා යාපා මහතා මෙම වැඩසටහන හඳුන්වා දුන් බවත් ඔහු පෙන්වා දෙනවා.

කාබනික පොහොර සෞඛ්‍යයට යහපත් වූවත් එය සිදුවූයේ නිසි පිළිවෙලකින් තොරව අනවශ්‍ය අයුරින් කඩිනමින් බවත් වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය සහ මහාචාර්ය යාපා යන පුද්ගලයින් ඊට වගකිවයුතු බවත් ඔහු පවසනවා.

“දැන් අනුරුද්ධ පාදෙනිය හොයා ගන්නත් නෑ. මහාචාර්ය යාපා හොය ගන්නත් නෑ. අනේ අර අහිංසක මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයාගේ රූප ගගහා පුච්චනවා.පුච්චන්න තියෙන්නේ කාගෙවත් නෙමෙයි ඕක දුන්න අනුරුද්ධ පාදෙනියගෙන් මහාචාර්ය යාපයිගෙයි දෙන්නගේ.

ඇතුළේ ලියපු කොපියක් උස්සගෙන ගිහින් වැඩේ කරන්න ගියා. ගම ඇතුලේ ඒක කරන්න බෑ. ප්‍රා යෝගික නෑ. ඒ නිසයි ප්‍රශ්න තියෙන්නේ. කොච්චරවත් පුච්චන්නේ මහින්දානන්ද අලුත්ගමගේ මහතාගෙයි මූණයි.

ඇත්තටම හොයා ගන්න ඕන මේක බේත දුන්න දෙන්නගෙ මූණවල් පුච්චන්න. ඒ අයට වෙච්ච දෙයක් නෑ. මුළු ආණ්ඩුවම විශාල අපහසුතාවයකට පත්වෙලා ඉන්නේ. මෙකෙන් ජනාධිපතිතුමත් අපහසුතාවට පත්වෙලා තිබෙනවා. එතුමා හදන්නේ කොහොමහරි මේක සාර්ථකව කරන්න. අපි මේකට සහයෝගය දෙනවා. නොදෙනවා නෙමෙයි.

මම කිව්වේ ඒකයි සියයට 50ක් රසායනික, සියයට 50ක් කාබනික ලෙස වැඩේ පටන් අරගෙන ඉස්සරහට ගියානම් ඉස්සරහට යන්න පුළුවන්. ඒක තමයි ලෝකයේ හැම තැනම අත්හදා බලපු ක්‍රම වේදය. ඒක අපි කියද්දී නැට්ට පාගත්ත මන්ත්‍රීවරු ඇමතිවරු කියනවා ශ්‍රී ලංකා එක තමයි මේ වැඩේ බකල් කරන්නේ උඹලා පලයන් කියලා. මේවා අපි කියන්නේ ආණ්ඩුවක් ශක්තිමත් කරන්න ආණ්ඩුවේ මතය අනිත් මිනිස්සුන්ටත් කියන්න පුළුවන් කාරණා විදිහට.”

ගොවියන් මුහුණ දී සිටින පොහොර ප්‍රශ්නයේදී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පඹයෙකු වුවත් එම පඹයා පුළුස්සා පලක් නැති අතර දඬුවම් හිමිවිය යුත්තේ මෙහි මහ මොළකරු වන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතාද පසුගියදා පවසා සිටියා.

”මෙය විපක්ෂය විසින් නිර්මාණය කළ අරගලයක් නෙවෙයි. මෙය ගොවි බිමේ සැබෑ ප්‍රශ්නයක්. ගොවියෝ සනසන්න එක එක අය එක එක දේවල් කියනවා. සාගර කාරියවසම් මහත්තයා කියනවා වන්දි ගෙවනවලු. සාගර කාරියවසම් මහත්තයෝ මේක වන්දි ගෙවලා විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. මේක ස්වභාවික උවදුරක් නෙවෙයි,ආපදාවක නෙවෙයි. ගං වතුරක් නෙවෙයි. නායේ යාමක් නෙවෙයි. නියඟයක් නෙවෙයි. මේක ඔබතුමන්ලා විසින් නිර්මාණය කරපු පැළපදියම් කරපු ප්‍රශ්නයක්.

ගොවියෝ සනසන්න මහින්දානන්ද මහත්තයා කියනවා මම දැක්කා ලබන කන්නයේ වී වලට රු.70ක් දෙනවා කියල. 70ට දෙන්න කෝ වී. 70ක් නෙවෙයි ලබන කන්නයේ වී කිලෝවකට 150ක් විතර ගන්න පුළුවන් වෙයි. මොකද අස්වැන්නෙන් 50%ක් විතර හානි වෙලා තියෙන්නේ.” යැයි ඒ මහතා පවසා සිටියා.

RECENT ARTICLES - SINHALA

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක්

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙළිවී ඇති බව කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසනවා. කොළඹ මහ...

විදේශිකයෙකුට වැඩි මුදලට ආහාර විකිණූ තවත් අයෙක් අත්අඩංගුවට

කළුතර ප්‍රදේශයේ ආපනශාලාවකදී විදේශීය ජාතිකයෙකු නොමඟ යවමින් අධික මිලකට උළුඳු වඩයක් සහ තේ කෝප්පයක් විකිණීමේ සිද්ධියට අදාළ සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (18)...

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වූ බවට සැකපිට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (18) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මාවතගම පොලිස් ස්ථානයට අනුයුක්තව...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...