28.4 C
Colombo
Friday, April 26, 2024

රජයේ මුදල් අවභාවිතයට සම්බන්ධ වූ මැතිඇමතීන් සහ නිලධාරින් 200 ක් ගැන හෙළිදරව්වක්

- Advertisement -

පකිස්තානයේ ණය පිළිබද කොමිසම විසින් පසුගිය වසර දෙකක කාලය තුළ සිදුකළ විමර්ශනවලදී ණය, ආධාර ඇතුළු රාජ්‍ය අරමුදල් අවභාවිතා කළ ඇමතිවරුන්, මන්ත්‍රීවරුන් සහ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරින් 200ක් පමණ පිළිබදව තොරතුරු හෙළිව තිබේ.

එරට මාධ්‍ය වාර්තා ක⁣ළේ පාලක පීටීයි පක්ෂයට සම්බන්ධ මැති ඇමතිවරුන්, පසුගිය ආණ්ඩුවලට සම්බන්ධව සිටි මැතිඇමතිවරුන් මෙන්ම විශ්‍රාමික මෙන්ම සක්‍රීය රාජ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක් ද මෙලෙස චෝදනා එල්ල වී සිටින පිරිස අතර වන බවයි.

සිදුවීම් 56 ක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී මෙම කරුණු අනාවරණය වී ඇති අතර අවභාවිතා කළ මුදල් අතරින් පකිස්තාන රුපියල් බිලියන 350 ක පමණ මුදලක් විවිධ ආයතන සහ පුද්ගලයන් වෙතින් යළි අයකරගැනීමටද බලධාරීන් සමත්ව තිබේ.

සීනි වංචාවක්, තිරිගු පිටි වංචාවක්, උමං මාර්ග ව්‍යාපෘතියක සිදුවූ දූෂණයක්, රැක් රෝපණ ව්‍යාපෘතියක සිදුවූ අයථා ක්‍රියාවක්, මේටරෝ දුම්රිය ඉදිකිරීමට සම්බන්ධ වංචාවක් ආදි වශයෙන් වන මහා පරිමාණ දූෂණ ක්‍රියා රැසක් මෙම පරික්ෂණවලදී විමර්ශනයට ලක්කර ඇති බව සදහන් වේ.

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...