ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා.
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ආයතන වල ප්‍රධානීන් සමඟ ඊයේ (27) පැවති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා.
ක්‍රීඩා අමාත්‍යංශයේ ප්‍රතිපාදන වියදම් කිරීම පිළිබඳ සංඛ්‍යා ලේඛන පැවතිය ද එහි ප්‍රගතිය සම්බන්ධයෙන් නිසි විගණනයක් අවශ්‍ය බවත්, කඩිනමින් ඒ පිළිබඳ අභ්‍යන්තර විගණනයක් සිදු කරන ලෙස ඇය එහිදී නිලධාරීන් දැනුවත් කර තිබෙනවා.
මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,
“අග්‍රාමාත්‍යවරිය ලෙස මට භාරව තිබෙන සියලු අමාත්‍යංශ වල සිදුවිය යුතු සහ මෙතෙක් සිදු නොවුණ ප්‍රමුඛතා හඳුනා ගනිමින් යනවා. විශේෂයෙන් ක්‍රිඩා අමාත්‍යාංශයේදී විශේෂ කාරණා කිහිපයක් මතු වුණා.
රාජ්‍ය මුදල් නාස්තිය සහ අවභාවිතය පිළිබඳව රජයක් ලෙස අපි දැඩි අවධානයෙන් ඉන්නවා, ඒවගේම අපි වියදම් පාලනය කරන්න කටයුතු කරමින් ඉන්නවා. ඒනිසා උත්සව සඳහා සිදුකරන නාස්තිය අඩු කරන්න.
රාජ්‍ය ප්‍රතිපාදන ලැබෙන සහ වියදම් කළ ප්‍රමාණ පිළිබද සංඛ්‍යා ලේඛන අමාත්‍යංශය සතුව තිබෙනවා. නමුත් ඒ වියදම් වල ප්‍රගතිය පිළිබඳ කිසිදු නිරීක්ෂණයක් මේ වන තෙක් කර නැහැ. වියදම් වූ මුදලින් සිදු වූ දේ පිළිබඳ කඩිනමින් අභ්‍යන්තර විගණනයක් සිදු කරන්න.
රාජ්‍ය ආයතන වල සිදුව තිබෙන විවිධ වංචා, දූෂණ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ආයතනිකව කමිටු පත් කරන්නේ නැහැ. ඒ සඳහා ක්‍රමවත් වැඩ පිළිවෙලක් රජය මගින් සකස් කර තිබෙනවා.
තවත් වැදගත් කාරණයක් මෙම සාකච්ඡාවේදී ඉස්මතු වුණා. ක්‍රිඩා කටයුතු වලදී සහ රජකාරීයේදී සිදුවන හිංසන සහ අපයෝජන පිළිබඳ සොයා බැලීමට සහ එ් පිළිබඳ ක්‍රියා කිරීමට නිශ්චිත වැඩ පිළිවෙලක් ක්‍රීඩා අමාත්‍යංශයට නැහැ. ඒ නිසා මම දැනුම් දුන්නා හිංසන සහ අපයෝජන පිලිබඳ සොයාබැලීමට සහ දැනුවත් කිරීමට නිසි වැඩ පිළිවෙලක් සකස් කරන ලෙස
පාසල්වල උත්සවවලට අනවශ්‍ය විදියට දේශපාලඥයින් මැදිහත් වෙන්න ඕන නැහැ. හැම එකටම දේශපාලඥයෙක් එන එකෙන් වියදම සහ නාස්තිය වැඩි වෙනවා. පාසල් දරුවෝ දේශපාලන ව්‍යාපෘතියක් වෙනුවෙන් පාවිච්චි වෙනවා. අපි පුළුවන් තරන් ඒ සංස්කෘතිය වෙනස් කරන්න ඕන”