28 C
Colombo
Wednesday, April 24, 2024

බුද්ධි අංශ ෆේල්…! – ඇමති දිලුම් අමුණුගම

- Advertisement -

ජනාධිපතිවරයාගේ සහ ජනාධිපති ආර්යාවගේ ජීවිතවලට තර්ජනයක් ඇති බවට බුද්ධි අංශ මගින් පූර්ව දැනුම් දීමක් සිදුකර නොමැති බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

ඒ, ජනාධිපති මාධ්‍ය ඒකකයේ අද (01) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින්.

එසේම, ජනාධිපතිවරයාගේ මිරිහානේ පිහිටි නිවස අසල උද්ඝෝෂණයක් පැවැත්වීම සම්බන්ධයෙන් පමණක් බුද්ධි අංශ තොරතුරු අනාවරණය කරගෙන තිබුණද, ඔවුන් පොලු මුගුරු රැගෙන ප්‍රචන්ඩකාරීව හැසිරෙන බවට දැනුම්දීමක් කර නැතැයි ද අමාත්‍යවරයා සදහන් කරනවා.

මේ අනුව මිරිහාන සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු ලබාදීමේදී බුද්ධි අංශ අසමත්ව (ෆේල්) ඇති හෙයින් එම අංශයන්හි ප්‍රසංස්කරණයක් ද සිදුවිය යුතු බව ද ඔහු පවසනවා.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේදී සිදුවූයේ මෙහි අනෙක් පැත්ත බවත්, බුද්ධී අංශ තොරතුරු ලබාදී තිබියදී ආරක්ෂක අංශ ක්‍රියාත්මක නොවීම එහිදී සිදුවූ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටිනවා.

RECENT ARTICLES - SINHALA

හොර ඒජන්සිවලට වැඩවරදියි

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් නීති විරෝධී ලෙස මුදල් එක් කරන පුද්ගලයින් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස කම්කරු සහ විදේශ රැකියා...

ඉරාන සහ ලංකාව අතර ගිවිසුම් 05ක්

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තබා තිබෙනවා. මෙම අවබෝධතා ගිවිසුම් මගින් දෙරට අතර චිත්‍රපට කර්මාන්තය,...

රිලා ගහනය අඩු කරන්න පේරෙන් ලුපයක්

රිළා ගහනය අවම කිරීමේ පර්යේෂණ ප්‍රතිඵලයක් ලෙස රිළවියක ගේ ගර්භාෂයේ ලූපයක් තැන්පත් කිරීම අද (24) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ දී සාර්ථකව සිදු කරනු...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...