30 C
Colombo
Monday, May 29, 2023

බුද්ධිමත් අය උද්ඝෝෂණ කරන්නෙ නෑ – ජොන්ස්ටන්

- Advertisement -

රටේ කිසිදු බුද්ධිමත් පුද්ගලයෙක් උද්ඝෝෂණයක් කිරීමට කල්පනා නොකරන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ බව පැවසුවේ නව කැළණි පාලමේ කොන්ක්‍රීට් කොටස් දෙක එකතු කිරීමේ උත්සව අවස්ථාවට ඊයේ (10) එක්වෙමින්.

එසේ සිදුකරන දේශපාලන පක්ෂවලටද කිසිඳු අනාගතයක් නොමැති බවයි ඔහු පවසන්නේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“මාස තුනක් ඇතුළත, අගෝස්තු අපට අන්තිම සතිය දීලා තියෙන්නෙ මේ වැඩකටයුතු අවසන් කරන්න. අපි විශ්වාස කරනවා අගෝස්තු අන්තිම සතියේ නැත්නම් සැප්තැම්බර්වල මේ කැළණි පාලම මේ රටේ ජනතාවට පාවිච්චි කරන්න පුළුවන් විදියට අපට වැඩ අවසන් කරලා විවෘත කරන්න පුළුවන් වෙයි කියලා. අපට පහරදෙනවා අපි චීනෙත් එක්ක වැඩ කරනවා කියලා. නෑ, අපි චීනෙත් එක්කත් වැඩකරනවා, ජපානය එක්කත් වැඩ කරනවා, බ්‍රිතාන්‍ය එක්කත් වැඩ කරනවා. ඒවගේම මේ රටේ ව්‍යාපෘති, ආයෝජකයො ගත්තාම ලෝකයේ විවිධ රටවල්වලින් අපේ රටේ ආයෝජනය කරනවා. මේ චීන රට විතරක් අල්ලාගෙන අපට පහරදෙන්නෙ මේ ව්‍යාපෘති නතර කරන්න. ඒක තමයි ඇත්ත.

අපි දන්නවා විවිධ බාධක ඇති කරන්න හදනවා. අපි දකිනවා දැන් උද්ඝෝෂණ වෙනවා. මේ රටේ කිසිදු බුද්ධිමත් පුද්ගලයෙක් උද්ඝෝෂණයක් කරන්න කල්පනා කරන්නෙ නෑ. බුද්ධිමත් දේශපාලන පක්ෂයක නායකයෙක් කවදාවත් උද්ඝෝෂණයකට උදව් කරන්න යන්නෙ නෑ අනුබල දෙන්නෙ නෑ.

මහා සංඝරත්නය සමහර පක්ෂවල, ඒ පක්ෂ නියෝජනය කරන මහා සංඝරත්නය ගෙනල්ලා පාරවල් වලට බස්සලා මේ කොවිඩ් එකෙන් බේරෙන්න හදන වෙලාවෙදි කොවිඩ් මර්දනය කරලා රට විවෘත කරලා මේ රටේ මිනිස්සුන්ගෙන් ආර්ථිකය ශක්තිමත් කරන්න අපි සැලසුම් සකස් කරලා තියෙන වෙලාවෙදි මේ අහිංසක මිනිස්සු පාරට බස්සලා විනාශයක් වෙන දේවල්වලට ගිහිල්ලා අත ගහන්න එපා. ඒ ශාපයෙන් ඒ දේශපාලන පක්ෂවලට කවදාවත් ගොඩ එන්න හම්බෙන්නෙ නෑ කියන එක ඉතාමත්ම ආදරයෙන් මං මේ වෙලාවෙදි මතක් කරනවා”

RECENT ARTICLES - SINHALA

ළමා වින්දිතයන් සහ චූදිතයන් මාධ්‍ය මඟින් හෙළිදරව් කිරීම ගැටලුවක්

ළමා වින්දිතයන් සහ චූදිතයන් මාධ්‍යවලින් නිරාවරණය කිරීම හේතුවෙන් විශාල සමාජ ගැටළු රැසක් ඇතිවී තිබෙන හෙයින් ඒ තත්වය වැලැක්වීම සඳහා වහා පියවර ගත...

ආගමික සංහිඳියාව රකින්න විශේෂ පොලිස් ඒකකයක්

ආගමික සංහිඳියාවට බාධා කරන කණ්ඩායම් පිළිබඳ සොයා බලා ක්‍රියාත්මක වීමට විශේෂ පොලිස් ඒකකයක් ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම් දීමක්

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට නව විදේශ ගමන් බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමේදී සහ විදේශ ගමන් බලපත්‍රය අලුත් කිරීමේදී අන්තර්ජාලය ඔස්සේ අයදුම් කළ හැකි බව...

RECENT ARTICLES - ENGLISH

Parliament Caucul raises concerns on media exposure of child victims and accused

0
Chair of the Parliamentary Caucus for Children Rohini Kumari Wijerathna emphasized that many social problems have arisen due to the exposure of...

Special Police unit to protect religious harmony

0
President Ranil Wickremesinghe has directed Minister of Public Security, Tiran Alles, to promptly initiate the formation of a specialized police unit to...

Rajangane Saddharathana Thera arrested

0
Ven. Rajangane Saddharathana Thera who is with a significant presence on social media, has been arrested by Anuradhapura Police.