30 C
Colombo
Saturday, October 5, 2024

පාස්පෝට් මිලදී ගැනීමට එරෙහි අතුරු තහනම ඉවතට

- Advertisement -

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර 750,000ක් පෞද්ගලික සමාගම්වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය ඉවත් කිරීමට අධිකරණය අද (01) නියෝග කළා.

කෙසේ වෙතත් ඊ – විදේශ ගමන බලපත්‍ර මිලියන පහක් මිලදී ගැනීම වළක්වාලමින් දැනට පනවා තිබෙන අතුරු තහනම් නියෝගය මීළඟ නඩු දිනය දක්වා දීර්ඝ කිරීමට ද කරුණු සලකා බැලු ද්වි පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කර තිබෙනවා.

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර 750,000ක් සහ ඊ – විදේශ ගමන් බලපත්‍ර මිලියන 05ක් පෞද්ගලික සමාගම්වලින් මිලදී ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝග දෙකක් නිකුත් කිරීමට මුල්වූ එපික් ලංකා පුද්ගලික සමාගම ගොනුකර තිබු රිට් පෙත්සම අද (01) යළි කැඳවනු ලැබුවා.

එහිදී එම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති ආගමන හා විගමන පාලක, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු පිරිසක් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා කියා සිටියේ මේ වනවිට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සතුව පවතින්නේ හිස් විදේශ ගමන් බලපත්‍ර 13,080ක් පමණක් බවයි.

එය ප්‍රමාණවත් වන්නේ වැඩ කරන දින 13 ක් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමට පමණක් බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පෙන්වා දුන්නා.

එම ප්‍රමාණය අවසන් වීමෙන් පසු විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වනු ඇති බව පැවසූ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා එවැනි තත්ත්වයක් උද්ගත වුවහොත්විදේශ රැකියා, වෛද්‍ය ප්‍රතිකාර ඇතුළු විවිධ කාරණා සඳහා විදේශ ගතවීමට බලාපොරොත්තු වන මහජනතාවට දැඩි අසීරුතාවන්ට මුහුණ පෑමක සිදුවන බව සඳහන් කළා.

එබැවින් මෙම කරුණු සලකාබලා සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර මිලදී ගැනීමට හැකි වනපරිදි දැනට පනවා තිබෙන අතුරු තහනම් නියෝගය වෙනස් කරන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියා.

පෙත්සම් නොවැම්බර් මස 06 වනදා යළි සලකා බැලීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කෙරේ

පිරිවෙන් සාමාන්‍ය පෙළ 2023 (2024) විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. අද දිනයේ දී එම ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඒ අනුව, විභාග...

RMV ලොක්කෙක් ඇතුළු තිදෙනෙක් රිමාන්ඩ්

බස් රථ 03ක පරම අයිතිය අයිතිකරු වෙත පවරාදීම සඳහා රුපියල් ලක්ෂ 03ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට කාර්යාලයේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු...

කාල්ටන් වත්තේ විදුලි රැහැන් ගලවලා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල මණ්ඩලයේ...

POPULAR ARTICLES

පාස්කු වාර්තා අස්ථානගතවීම ගැන නාමල් අප්සෙට් වෙලා

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන ඇතුළත් ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අස්ථානගත වී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් තමා කණස්සල්ලට පත්වන බව ශ්‍රී...

වාහන ප්‍රශ්නයක් ගැන ජනාධිපති මාධ්‍ය අංශය සමාව ඉල්ලලා

0
ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දී ඇති වාහන සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඊයේ (30) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ, අනුයුක්ත කරන ලද රථ...

පහුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 241ක් ඉඳලා

පසුගිය සැප්තැම්බර් මස 24 වැනිදා ජනාධිපතිවරයා විසින් විසුරුවා හරිනු ලැබූ 09 වැනි පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් 241 දෙනෙකු නියෝජනය කර තිබෙනවා. පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ,මෙම කාලසීමාව...