30.3 C
Colombo
Thursday, April 25, 2024

ශ්‍රී ලංකාවේ යුද අපරාධ සබන්ධයෙන් ජාත්‍යන්තර විමර්ශනයක් අවශ්‍යයි – කම්සි ගුණරත්නම්

- Advertisement -

නෝර්වේ රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර අඛණ්ඩ සහයෝගීතාවයක් පවත්වාගත යුතු යැයි තමා විශ්වාස කරන බව නෝර්වේජියානු පාර්ලිමේන්තුවට තේරී පත්වූ කම්සි ගුණරත්නම් පවසයි.

ඒ, පෙරේදා (26) දින විඩියෝ තාක්ෂණය ඔස්සේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

තමා හට ශ්‍රී ලංකාවේ උපත ලද බැවින්ද, ද්‍රවිඩ බස තම මව් බස බැවින්ද, තමා වසර 13ක් දෙමළ පාසලක උගත් බැවින්ද ශ්‍රී ලංකාව සමඟත් ද්‍රවිඩ ඩයස්පෝරාව සමගත් සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි ඇය පවසන්නේ.

යුධ අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය විය යුතු බවට තමා විශ්වාස කරන බවත් ශ්‍රී ලංකා රජය විසින් ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ස්වාධීන පරීක්ෂණයකට ඉඩ දිය යුතු බවත් ඇය පවසනවා. විවෘත භාවය සහ විනිවිදභාවය ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඉතා වැදගත් බවයි ඇය පවසන්නේ.

කෙසේ නමුත් නෝර්වේ රාජ්‍යයට ඉදිරියටත් ශ්‍රී ලංකාවට සහාය දිය හැක්කේ කෙසේදැයි නෝර්වේජියානු විදේශ අමාත්‍යවරයා සතුව හොඳ සැලැස්මක් ඇති බවට තමා විශ්වාස කරන බවත් ඇය පවසනවා.

ශ්‍රී ලාංකික සම්භවයක් ඇති කම්ශාජිනී ගුණරත්නම් මීට පෙර ඔස්ලෝ අගනුවර නියෝජ්‍ය පුරපතිනිය වශයෙන් ද කටයුතු කර තිබෙනවා.

1988 මාර්තු 27 වැනිදා යාපනයේ උපත ලද කම්ශාජිනී ගුණරත්නම් මීට පෙර ඔස්ලෝ අගනුවර නියෝජ්‍ය පුරපතිනිය වශයෙන් ද කටයුතු කර තිබෙනවා.

පසුගිය දා පැවැති නෝර්වීජියානු පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජොනාස් ගාහ් ස්ටෝර්ගේ (Jonas Gahr Støre) කම්කරු පක්ෂය ජයග්‍රහණය කළේය. එම පක්ෂය නියෝජනය කරමින් කම්සි ද පාර්ලිමේන්තුවට තේරී පත්වී තිබේ. ඇය නෝර්වීජියානු පාර්ලිමේන්තුවට පත්වූ පළමු ශ්‍රී ලාංකිකයායි.

May be an image of 1 person

RECENT ARTICLES - SINHALA

සජිත් සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ නියෝජිතයින් අතර හමුවක්

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ දෙපාරතමේන්තුවේ ප්‍රධානීන් පිරිසක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමග ජන සන්ධානයේ නියෝජිතයන් අතර, හමුවක් අද (25) පස්වරුවේ විපක්ෂ...

පඩි සහිතව සම්බන්ධන්ට නිවාඩු දීලා

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද (25) අවසර ලබාදි තිබෙනවා. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල...

රන් මිලේ වෙනසක්

මෙරට රත්‍රං මිල ගණන් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරනවා. ඒ අනුව, අද (25) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි "කැරට් 22" රන්...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...