26 C
Colombo
Friday, February 14, 2025

අපරාධකරුවන් 68කට ඉන්ටර්පෝල් රතු නිවේදන

- Advertisement -

විදේශගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් 68 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට මේ වන විට රතු නිවේදන නිකුත් කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග මහතා සඳහන් කළා.

මෙම රතු නිවේදනවලට අනුව විදේශ රටවලදී අදාළ අත්අඩංගුවට ගැනීම් සිදුකරන බවත් පෙරේදා දිනයේ ඩුබායි රාජ්‍යයේදී පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවත් ඔහු පවසනවා.

මෙම තිදෙනා මෙම සතියේදී මෙරට රැගෙන විත් නීතිය ඉදිරියට පැමිණවීමට කටයුතු කරන බවත් මේ ආකාරයට විදේශ ගත වී සිටින අපරාධකරුවන් මෙරටට රැගෙනවිත් නීතිය ඉදිරියට ඉදිරිපත් කරන බවත් සඳහන් කළා.

මේ වසරේ ගෙවීගිය කාලයෙහිදී වෙඩි තැබීම් සිද්ධි 11ක් වාර්තා වී තිබෙන බවද මීට අදාළව සැකකරුවන් විසි දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවද ඔහු සඳහන් කරනවා.

මෙම වෙඩිතැබීම්වලින් පහක් සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් සිදුකර තිබෙන බවත් පුද්ගලයන් හත් දෙනෙකු මිය ගොස් තිබෙන බවත් පැවසු මනතුංග මහතා ඉතිරි වෙඩි තැබීම් හය පුද්ගලික හේතු මත සිදුවී තිබෙන බවත් වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයන් කෙටිකාලයකදී අත්අඩංගුවට ගෙන ඇති බවත් පැවසුවා.

මේ අනුව සැකකරුවන් විසිදෙනෙකු, පිස්තෝල ගිනි අවියක් හා ටී පනස් හය ගිනි අවි තුනක් අත්අඩංගුවට ගත් බවත්, මෙම ටී පනස් හය ගිනි අවි වෙඩි තැබීම්වලට සම්බන්ධද නැද්ද යන්න විමර්ශන සිදුවන බවත් ඔහු පවසා සිටියා.

RECENT ARTICLES - SINHALA

මාලිමා මන්ත්‍රී ගමන් ගත් මෝටර් රථ අනතුර ගැන තොරතුරු හෙළි වෙයි

රිය අනතුරක් සම්බන්ධයෙන් ජාතික ජනබලවේගය පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොමඩ් ෆයිසාල් මහතාගේ සහෝදරයා පොලීසිය විසින් අත්අඩංගුවට අද (14) අත්අඩංගුවට ගෙන තිබුණා.  ඒ පුත්තලම සිට මාදම්පේ...

නවීන් දිසානායකට තනතුරක්

එක්සත් ජාතික පක්ෂයේ නව උප සභාපති ලෙස නවීන් දිසානායක මහතා පත් කර තිබෙනවා. ඒ අද (14) පැවැති පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීයි. පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල්...

මිලියන ගණනක මුදල් වංචාවකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරුවෙක් අත්අඩංගුවට

“Little Harts” නමින් ව්‍යාජ ගිණුමක් පවත්වාගෙන යමින් මුදල් වංචා කළ දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (13)...

POPULAR ARTICLES

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝහල් ගත කරයි

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ බ්‍රොන්කයිට්ස් රෝගය වැළඳීම හේතුවෙන් එහි වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා රෝමයේ රෝහලක් වෙත ඇතුළත් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 2023 වසරේදී ද...

මෙවර ශූරයන්ගේ කුසලාන තරඟයට දෙන මුදල් තෑගි වැඩි කරලා

අට වසරකට පසු පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ (Champions Trophy) ජයග්‍රාහකයන් වෙනුවෙන් දැවැන්ත මුදල් ත්‍යාග ලබා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. ඒ අනුව,...

මාලිමා මන්ත්‍රී ගමන් ගත් මෝටර් රථ අනතුර ගැන තොරතුරු හෙළි වෙයි

රිය අනතුරක් සම්බන්ධයෙන් ජාතික ජනබලවේගය පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොමඩ් ෆයිසාල් මහතාගේ සහෝදරයා පොලීසිය විසින් අත්අඩංගුවට අද (14) අත්අඩංගුවට ගෙන තිබුණා.  ඒ පුත්තලම සිට මාදම්පේ...