26.7 C
Colombo
Monday, June 16, 2025

බන්ධනාගාර නිලධාරීන්ගේ වත්කම් බැරකම් හොයන්න – නීතිපති දෙපාර්තමේන්තුව

- Advertisement -

රට පුරා තිබෙන සියලුම බන්ධනාගාරවල සේවය කරන බන්ධනාගාර අධිකාරිවරුන් ඇතුළු උසස් නිලධාරීන්ගේ වත්කම් බැරකම් පිළිබඳව සොයා බැලීමට වෙනමම විමර්ශනයක් සිදු කිරීමේ අවශ්‍යතාවය මතුවී ඇතැයි ද අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට පෙන්වා දෙනවා.

ඒ, අධිකරණය මගින් වරදකරුවන් කරනු ලබන සිරකරුවන් ජනාධිපති විශේෂ පොදු සමාව ලබා ඇති බවට අසත්‍ය ලේඛන ඉදිරිපත් කරමින් අධිකරණය වෙත අසත්‍ය වාර්තා සැපයීම සඳහා ආධාර අනුබලදීම ඇතුළු චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේ මේ වන විට වැඩ තහනමට ලක්කර ඇති බන්ධනාගාර කොමසාරි ජෙනරාල් හේරත් මුදියන්සේලාගේ තුෂාර නිශාන්ත උපුල්දෙනිය හෙට (11) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (10) නියෝග කළ අවථාවේදියී.

එම සැකකරු ඕනෑම කොන්දේසියක් යටතේ ඇප මත මුදාහරින ලෙසට විත්තියේ නීතිඥවරයා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අතිරේක මහේස්ත්‍රත්වරයා සැකකරු හෙට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් සැකකරු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.

2025 ජුනි මස 6 වන දින ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කේ. ප්‍රසන්න චන්දිත් මහතා විසින් කරන ලද ලිඛිත පැමිණිල්ලක් අනුව ඊට පසු දින තුෂාර උපුල්දෙනිය මහාතාගෙන් ප්‍රකාශ සටහන්කර විමර්ශන ආරම්භ කළ බවත් අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි විජයකෝන් මුදියන්සසේලාගේ අතුල තිලකරන්න නමැත්තා බන්ධනාගාරගත කර දින කිහිපයක් ඇතුළත ජනාධිපති පොදු සමාවට මුවාවි අනීතික ලෙස මුදාහැර ඇති බවත් අධිකරණයට දන්වනු ලැබුවා.

ඔහුට අමතරව එම බන්ධනාගාරයේම රඳවා සිටි තවත් රැඳවියකුද එලෙස අනීතික ලෙස මුදාහැර ඇති බව මෙතෙක් සිදු කළ විමර්ශන අනුව අනාවරණයවි ඇති බවද දැනුම් දුන්නා.

පසුගිය වෙසක් පුන් පොහෝ දිනය නිමිත්තෙන් නියමිත කොන්දේසි සපුරා තිබූ දිවයින පුරා පිහිටි බන්ධනාගාර 29ක රඳවා සිටි සිරකරුවන් 338 දෙනෙකු අතරින් පෙර සඳහන් කළ සිරකරුවන් දෙදෙනා අනීතික ලෙස මුදාහැර ඇති බව මෙතෙක් සිදුකළ විමර්ශන අනුව අනාවරණය වී ඇති බව අධිකරණය හමුවේ පැවසූ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා 2024 දෙසැම්බර් 25 වන දින නත්තල් උත්සවය වෙනුවෙන් සිරකරුවන් 332කුට හා 2025 පෙබරවාරි 4 වන දින නිදහස් උත්සවය නිමිත්තෙන් සිරකරුවන් 274 ක්ද ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කර ඇතැයි ද අධිකරණයට දන්වනු ලැබුවා.

කෙසේ නමුත් ජනාධිපතිවරයා අනුමත නොකළ නියමිත කොන්දේසි සපුරාලනු නොලැබූ 57 දෙනෙකු නත්තල් උත්සවයේදී ද තවත් 11 දෙනකු නිදහස් උත්සව දිනයේ ද නිදහස් කර ඇති බව මෙතෙක් සිදුකළ විමර්ශන අනුව අනාවරණය වී ඇතැයි පැවසූ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා විමර්ශන අවසන්වී නොමැති බැවින් මෙම සැකකරු ඇප මත මුදා නොහරින ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියා.

මෙම ක්‍රියා කලාපය අනුව තමන් පෙර සඳහන් කළ පරිදිම නීතියේ ආධිපත්‍යයට එපිටින් ගිය පාලන තන්ත්‍ර රටේ බන්ධනාගාරය, පොලිසිය ඇතුළු ආයතනවල ගොඩනගාගෙන නීතිය අතට ගෙන කටයුතු කරන බව මනාව පැහැදිලි වන්නේ යැයි ද අධිකරණයට පැවසූ දිලීප පීරිස් මහතා එම අනිතික බලකොටු බිඳ දැමීමට ජනාධිපතිවරයාට හා විමර්ශන නිලධාරීන්ට අධිකරණ පද්ධතියේ සහය අවශ්‍ය බවද පැවසුවා.

RECENT ARTICLES - SINHALA

IMF වැඩසටහන ගැන අනුරගේ බලාපොරොත්තුව

ශ්‍රී ලංකාව මේ වන විට අනුගතව ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එවන් වැඩසටහනකට යන අවසාන අවස්ථාව බවට...

Breaking: කොළඹ නගරාධිපති මෙන්න

කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරිය ලෙස ව්‍රායි කැලී බර්තසාල් මීට සුළු මොහොතකට පෙර තේරී පත් වුණා. ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ඉදිරිපත් වූ ව්‍රායි...

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

උඩරට දුම්රිය මාර්ගයේ බලන සහ කඩුගන්නාව අතර දුම්රිය මාර්ගයට විශාල ගසක් අද (16) උදෑසන කඩා වැටීමෙන් කොළඹ කොටුව - බදුල්ල දුම්රිය ධාවනයට බාධා සිදුව...

POPULAR ARTICLES

IMF වැඩසටහන ගැන අනුරගේ බලාපොරොත්තුව

ශ්‍රී ලංකාව මේ වන විට අනුගතව ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එවන් වැඩසටහනකට යන අවසාන අවස්ථාව බවට...

Breaking: කොළඹ නගරාධිපති මෙන්න

කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරිය ලෙස ව්‍රායි කැලී බර්තසාල් මීට සුළු මොහොතකට පෙර තේරී පත් වුණා. ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ඉදිරිපත් වූ ව්‍රායි...

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

උඩරට දුම්රිය මාර්ගයේ බලන සහ කඩුගන්නාව අතර දුම්රිය මාර්ගයට විශාල ගසක් අද (16) උදෑසන කඩා වැටීමෙන් කොළඹ කොටුව - බදුල්ල දුම්රිය ධාවනයට බාධා සිදුව...