31 C
Colombo
Thursday, April 18, 2024

නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ගැන වහාම විමර්ශනයක් කරන්න – උපුල් රෝහණ

- Advertisement -

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන මහජන සෞඛ්‍ය ඒකකයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු ලෙස කටයුතු කරන සුපුන් ලහිරු ප්‍රකාශ්ට එරෙහිව, එම ඒකකය බාර නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය එස්.එම්.ආනල්ඩ් විසින් සිදුකරන අත්තනෝමතික කටයුතු සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදුකරන ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ලිඛිතව ඉල්ලා තිබෙනවා.

එම සංගමයේ සභාපති උපුල් රෝහණගේ අත්සනින් යොමුකර ඇති මේ ලිපිය මගින් අවධාරණය කර ඇත්තේ දුම්පානයෙන් තොර කලාප පිහිටුවීමේ නව සංකල්පය ලෝකයට හඳුන්වාදීමේදී සුපුන් ලහිරු ප්‍රකාශ් පුරෝගාමී මෙහෙවරක නිරත වූ බවයි.

එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂ ඇගයීමට ලක්වූ අතර ඔහු මෙම විෂයට අදාළව පර්යේෂණ රැසක් ද සිදුකර තිබෙන බව එම සංගමය කරුණු සහිතව ලේකම්වරයාට පෙන්වා දී තිබෙනවා.

එසේ තිබියදී දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ කටයුතුවලට සම්පත්දායකයෙකු ලෙස මැදිහත්වීම වළක්වමින්, සුපුන් ලහිරු ප්‍රකාශ්ට එරෙහිව අසත්‍ය චෝදනා නැගීමට අදාළ නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

විශේෂඥ දැනුම ඇති පුද්ගලයන් එක් තැනකට හිරකිරීම සඳහා ඉහළ නිලධාරීන් මෙවැනි අත්තනෝමතික කටයුතු සිදුකිරීමේ අවස්ථා රැසක් මීට පෙර ද මාධ්‍ය මගින් වාර්තා කෙර තිබුණා.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමේදී අදාළ චෝදනාව එල්ල වන නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් එස්.එම්.ආනල්ඩ් පැවසුවේ මෙම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ රාජකාරි විෂයපථයට අදාළ නොවන කටයුතු කිරීමට තමන් අවස්ථාව නොදෙන බවයි.

ප්‍ර : එහෙත් මෙය සෞඛ්‍ය අමාත්‍යාංශයටම අදාළ විෂයක්…?
පි : ඒක ඇත්ත. ඒත් මෙයා ඉන්නෙ මගෙ යටතේ. එයාගෙ රාජකාරි තීරණය කරන්නෙ මම. ඒ වැඩවලට වෙනම අංශයක් තියෙනවා.
ප්‍ර : ඒත් විශේෂඥ දැනුම සහිත පුද්ගලයන් අවශ්‍ය අවස්ථාවලදි අමතර වැඩවලට නිදහස් කිරීම රාජ්‍ය ආයතනවල සිදුකරනවා…?
පි : මෙයා තමන්ගෙ ඒකකයෙ රාජකාරි හරියට කරලත් නෑ. එහෙම කෙනෙක්ව නිදහස් කරන්න අමාරුයි.
ප්‍ර : රාජකාරි හරියට නොකිරීම ගැන මොනවද ගත්ත පියවර…?
පි : මට ඒ සම්බන්ධයෙන් මාධ්‍යයට කියන්න බෑ. අනෙක පර්‍යේෂණ කළා කියලා වෙනම එහෙම වැඩ කරන්න පුළුවන් ද. එහෙම නම් මාත් පර්‍යේෂණ ගණනාවක් කරලා තියෙනවා.

අදාළ ගැටළුව සම්බන්ධයෙන් විමසීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්. ජනක චන්ද්‍රගුප්ත පැවසුවේ මේ කරුණ පිළිබඳව සොයාබැලීමට තමන්ට කාලය අවශ්‍ය බවයි.

ඉන්පසු සුදුසු පියවර ගත හැකි බව ද ඔහු සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

ඉන්දුනීසියාවට සුනාමි අනතුරු ඇඟවීමක්

ඉන්දුනීසියාවේ 'Ruang' ගිනි කන්ද සක්‍රිය වීම හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. බලධාරීන් අනතුරු අඟවන්නේ, විධාරණය වෙමින් පවතින...

ගෙවල් බිඳින ළමා කල්ලියක් කොටු වෙයි

නිවෙස් වෙත පැන භාණ්ඩ සොරා ගන්නා බාලවයස්කාර කල්ලියක සාමාජිකයන් තිදෙනකු කහතුඩුව පොලිස් අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසනවා. මෙම සැකකරුවන් කහතුඩුව අවට...

වැඩිම මරණවලට හේතුවන රෝගය ගැන අනාවරණයක්

මෑත කාලීනව සිදුවන මරණවලට ප්‍රධානතම හේතුව හෘදයාබාධ බව සෞඛ්‍ය අංශ පවසනවා. සෞඛ්‍ය අංශ පෙන්වාදෙන්නේ 2010 වසරේ සිට 2020 වසර දක්වා රජයේ රෝහල්වලින් වාර්තා වූ වැඩිම...

POPULAR ARTICLES

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

සෞඛ්‍ය අංශවලින් දැනුම් දීමක්

උත්සව සමයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පූර්ණ කැපවීම හා දායකත්වය යටතේ රෝගී සත්කාරක සේවා කාර්යක්ෂමව හා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පියවර ගෙන ඇති බව සෞඛ්‍ය...