32 C
Colombo
Saturday, April 20, 2024

පොලිස් සිරමැදිරියේ සිටි සැකකරුවෙකු වෙඩි වැදීම ගැන විමර්ශනයක්

- Advertisement -

මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මාතර, ගන්දර පොලිසියේ රඳවා සිටි සැකකරුවෙකු වෙඩි වැදීමේ තුවාල සහිතව රෝහල් ගත කිරීමක් සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසීය.

දකුණු පළාත් භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සෘජු උපදෙස් මත මෙම පරීක්ෂණය සිදුකරන අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරියෙකු වැඩ තහනමට ලක් කර ඔහු මේ වන විට මාතර පොලිසියට මාරු කොට ඇති බවත් ඒ මහතා පැවසීය.

රාජකාරි සඳහා ගොස් පැමිණි පොලිස් නිලධාරියෙකු යලි පොලිස් ස්ථානයට පැමිණ ඔහු රැගෙන ගිය පිස්තෝලය ඒ වන විට ගන්දර පොලිසියේ රාජකාරියේ නියුතු පොලිස් උප සේවා නිලධාරියාට භාරදී ඇති අතර ඔහු එම ගිනි අවියේ තිබු උණ්ඩ ඉවත් කිරීමට යාමේදී අත්වැරදීමකින් උණ්ඩයක් පිටවූ බවත් එය සිර මැදිරියේ සිටි සැකකරුට වැදුණු බවට ප්‍රකාශ කර ඇති බවත් ඒ මහතා පැවසීය.

තුවාල ලැබූ සැකකරුගේ තත්ත්වය බරපතල නොවන බවත්, සිද්ධිය වූ අවස්ථාවේදී තවත් සිරකරුවන් පිරිසක් පොලිසියේ සිර මැදිරිය තුල රඳවා සිට ඇති බැවින් ඔවුන්ගේ ප්‍රකාශ ස්වාධින ප්‍රකාශ ලෙස සලකා ලබා ගැනීමට පියවර ගෙන ඇති බවත් අජිත් රෝහණ මහතා පැවසීය.

යම් හෙයකින් සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරියා චෝදනා ලැබුවහොත් ඔහුට එරෙහිව අපරාධ නිතිය යටතේ නඩු පැවරීමට කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

RECENT ARTICLES - SINHALA

අයිස් සමඟ කොටු වූ නාවික හමුදා ලොක්කන් රඳවාගෙන ප්‍රශ්න කරයි

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනා ඇතුළු සිව්දෙනා ලබන 26 වන දින දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය අද (20) අවසර...

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩවලට මිල සූත්‍රයක්

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. එම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පවසා ඇත්තේ ඉදිකිරීම් භාණ්ඩ නොයෙක් මිල ගණන් යටතේ විකිණීම වැළැක්වීම...

මිලියන 45 ක් නාස්ති කර පාස්කු ගැන තවත් විවාදයක්

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව පැවැත්වීමට නියමිත දින තුනක පාර්ලිමේන්තු විවාදය සඳහා රුපියල් මිලියන 45ක්  පමණ වැය වනු ඇති බවට පුවතක් ‘ඩේලි මිරර්’ වාර්තා කරනවා. මෙය...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

ඊශ්‍රායලයෙන් ඉවත් වෙන්නැයි ඕස්ට්‍රේලියානුවන්ට නිවේදනයක්

ඉරානය වෙත ඊශ්‍රායලය ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ ඊශ්‍රායලයේ වෙසෙන සිය වැසියන්ට එරටින් ඉවත් වෙන ලෙස ඕස්ට්‍රේලියාව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඊශ්‍රාලයෙන් ඉවත් වීම...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...