28.9 C
Colombo
Thursday, July 10, 2025

නාමල්ට එරෙහිව අල්ලස් කොමිසමෙන් විමර්ශනයක්

- Advertisement -

කොළඹ කොටුව ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක් චතුරස්‍රයේ ඉඩම් අක්කර 4.3ක් බදු දීමේදී රුපියල් මිලියන 70ක් මුල්‍ය අක්‍රමිකතාවයක් සිදුවූයේ යැයි පැවසෙන සිදුවීම සම්බන්ධයෙන් වූ නඩුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී අද (22) යළි කැඳවනු ලැබුවා.

අදාළ නඩුව සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස නම්කර ඇප මත මුදා හැර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාද අද නඩුව කැඳවූ අවස්ථාවේ විවෘත අධිකරණය හමුවේ පෙනී සිටීමට අධිකරණයට පැමිණ සිටියා.

නඩුව කැඳවූ අවස්ථාවේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් විමර්ශන නිලධාරින් කියා සිටියේ එම සිදුවීමට අදාළව නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වෙනම විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය ක්‍රීෂ් මුල්‍ය වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිය අධිකරණයේ පවත්වාගෙන යන නඩුව නීතිපති උපදෙස් සඳහා එළඹෙන ජුනි මස 04 වනදා යළි කැඳවීමට නියෝග කළා.


RECENT ARTICLES - SINHALA

අමෙරිකාවෙන් අත්‍යවශ්‍ය ඖෂධ ලබා දෙන්න එකඟතාවක්

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි ජේ.චංග් මහත්මිය අතර හමුවක් අද (10) පස්වරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය...

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණ පනත් කෙටුම්පත පිළිබඳ සාකච්ඡාවක්

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ පනත් කෙටුම්පත හා වැඩපිළිවෙල සම්බන්ධයෙන් වෘත්තීය සමිති නියෝජිතයින් හා බලශක්ති අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් බලශක්ති අමාත්‍යංශයේදී පැවැත්වුණා. මෙහිදී ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය...

ඔටිසම් සහ ස්නායු ගැටලුවලින් පෙළෙන ළමුන් සඳහා දිවා සුරැකුම් මධ්‍යස්ථාන

ඔටිසම් තත්ත්වය සහ ස්නායු සංවර්ධනය පිළිබඳ ගැටලුවලින් පෙළෙන ළමුන් වෙනුවෙන් ප්‍රතිකාර හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා ජාතික මට්ටමේ යාන්ත්‍රණයක් සකස් කිරීමේ යෝජනාවක් සති...

POPULAR ARTICLES

අමෙරිකාවෙන් අත්‍යවශ්‍ය ඖෂධ ලබා දෙන්න එකඟතාවක්

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි ජේ.චංග් මහත්මිය අතර හමුවක් අද (10) පස්වරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය...

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණ පනත් කෙටුම්පත පිළිබඳ සාකච්ඡාවක්

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ පනත් කෙටුම්පත හා වැඩපිළිවෙල සම්බන්ධයෙන් වෘත්තීය සමිති නියෝජිතයින් හා බලශක්ති අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් බලශක්ති අමාත්‍යංශයේදී පැවැත්වුණා. මෙහිදී ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය...

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන පළමු විස්සයි20 ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දු යැවීමට තීරණය කළා. පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ...