24 C
Colombo
Tuesday, March 21, 2023

කුරුවිට බන්ධනාගාර අධිකාරි ඝාතන විමර්ශනය කොටඋඩ

- Advertisement -

කුරුවිට බන්ධනාගාර අධිකාරි ඝාතන තැත සම්බන්ධයෙන් වූ පොලිස් විමර්ශන නතර වී ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

බන්ධනාගාර සැරයන්වරයකු තමා ඝාතනය කිරීමට පාතාලය සමග කුමන්ත්‍රණය කළ බවට කුරුවිට බන්ධනාගාර අධිකාරි ධම්මික දසනායක මහතා කළ පැමිණිල්ලක් මත ආරම්භ කළ පොලිස් විමර්ශන මෙසේ අතරමග නතර වී ඇතැයි පොලිසියේ ප්‍රකාශකයෙක් ‘නිව්ස් 19’ට පැවැසීය.

බන්ධනාගාර අධිකාරිවරයා පසුගිය ඔක්තෝබර් මාසයේදී මෙම පැමිණිල්ල පළමුව කළේ කුරුවිට පොලිසියටය.
පසුව තමාට ව්‍යාජ චෝදනාවක් නගමින් කුරුවිට පොලිසිය පක්ෂග්‍රාහී විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පල්ලේකැලේ බන්ධනාගාරයේ සේවයේ නියුතු අදාළ සැරයන්වරයා විසින් රත්නපුර සහකාර පොලිස් අධිකාරිවරයාට ඔක්තෝබර් 20 වැනිදා පැමිණිල්ලක් කරනු ලැබීය.

ඇහැලියගොඩ ගමගේ ජීවන්ත අනුරාධ නමැති සැරයන්වරයකු විසින් මෙම පැමිණිල්ල කරනු ලබමින් ඉල්ලා සිටියේ කුරුවිට බන්ධනාගාර අධිකාරිවරයා පෞද්ගලිකව තමාගෙන් පලිගැනීමේ අරමුණෙන් කුරුවිට පොලිසියේ සහාය ගෙන මෙසේ අසත්‍ය චෝදනාවක් එල්ල කර ඇතැයි ද එමනිසා අදාළ පොලිස් විමර්ශන වෙනත් පොලිස් ඒකකයකට මාරු කරන්නැයි ද කියාය.

බන්ධනාගාර අධිකාරිවරයා තමාට චෝදනා එල්ල කළ ද තමාට එරෙහිව බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් විනය පරීක්ෂණයක් හෝ අඩුම තරමින් චෝදනා පත්‍රයක්වත් නිකුත් කර නැතැයි හෙතෙම එහි සඳහන් කර තිබිණි.

අදාළ සැරයන්වරයාට කුරුවිට බන්ධනාගාරයේ මත්ද්‍රව්‍ය වැටලීම්වලට සහාය දැක්වීම වෙනුවෙන් බන්ධනාගාර අධිකාරි ධම්මික දසනායක මහතා විසින් පසුගිය වසරේ දී ප්‍රශංසා ලිපියක් පවා නිකුත් කරනු ලැබ තිබිණි.

කෙසේ වෙතත් බන්ධනාගාර අධිකාරි ධම්මික දසනායක මහතා සිරකරුවන්ට අයුතු වාසි සලසන බවට චෝදනා කරමින් චාපා බණ්ඩාර නමැති මාධ්‍යවේදියා විසින් මෙම මස 12 වැනිදා අන්තර්ජාලයට වීඩියෝවක් නිකුත් කර තිබිණි.

RECENT ARTICLES - SINHALA

ලංකාවට IMF එකෙන් ලැබෙන පළමු මුදල ගැන හෙළිදරව්වක්

0
ශ්‍රී ලංකාව සඳහා ඩොලර් බිලියන 3කට ආසන්න විස්තීර්ණ මුල්‍ය සහනයක් අනුමත කළ බවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ඊයේ (20) රාත්‍රියේ නිල වශයෙන්...

IMF වෙත ජනපතිගෙන් ස්තුතිය

0
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට සහ සෙසු අන්තර්ජාතික පාර්ශවකරුවන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ස්තුතිය පළකර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔහු...

කැබිනට් රැස්වීමේ දී ගත් විශේෂ තීන්දුව

0
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටු අනුමැතිය ලැබුණු වහාම ඒ පිළිබඳව වන පොරොන්දු පත්‍රයට සහ...

RECENT ARTICLES - ENGLISH

SL passes through IMF assistance

0
The Executive Board of the International Monetary Fund (IMF) approved today a 48‑month extended arrangement under the Extended Fund Facility (EFF) with...

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.