24 C
Colombo
Thursday, January 23, 2025

උතුරුමැද පළාතේ ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිදුවිම විමර්ශනයට

- Advertisement -

තාවකාලිකව අත්හිටවූ උතුරුමැද පළාතේ 11 වන ශ්‍රේණියේ පිට වූ බව පැවසෙන විෂයන්වලට අදාළ වාර පරීක්ෂණ දින 10ක් ඇතුළත පවත්වන බව උතුරු මැද පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

අමාත්‍යාංශ ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතා සඳහන් කළේ, පිට වූ බව කියන ප්‍රශ්න පත්‍ර යළි සකස් කරන බවයි.

මේ අතර උතුරුමැද පළාතේ රජයේ පාසල්වල 11 වන ශ්‍රේණියේ ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය පිළිබඳ විමර්ශන කටයුතු අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට භාර දී තිබෙනවා.

ඒ, අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මතයි.

ප්‍රශ්න පත්‍ර පිටිවී ඇති බවට ඊයේ (06) අනුරාධපුර පොලීසියට පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් අවස්ථා දෙකකදී පැමිණිලි කර තිබුණා.

උතුරු මැද පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රකාශ කළේ, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා විමර්ශන කණ්ඩායමක් පත් කරන බවයි.

උතුරු මැද පළාතේ සියලුම රජයේ පාසල්වල 11 වන ශ්‍රේණියේ විභාග කටයුතු යළි දැනුම් දෙනතුරු අවලංගු කර තිබෙනවා.

ඒ, වාර විභාගයේ සිංහල සාහිත්‍ය, විද්‍යාව සහ ඉංග්‍රීසි යන ප්‍රශ්න පත්‍ර පිටවූ බවට තොරතුරු ලැබීම හේතුවෙන්.

උතුරු මැද පළාත් අධ්‍යාපන සහ ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතා පැවසුවේ, එම තත්ත්වය සැලකිල්ලට ගෙන අද සහ හෙට පැවැත්වීමට නියමිත 11 ශ්‍රේණි වාර පරීක්ෂණය අත්හිටවූ බවයි.

RECENT ARTICLES - SINHALA

Breaking: අනුර ප්‍රියදර්ශන යාපා අත්අඩංගුවට

හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (22) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා පවසනවා. මීට අමතරව...

අම්බලන්තොට වෙඩි තැබීමක්

අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ අද (22) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් කළ විමසීමකදී පවසා සිටියේ, මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම...

ජනපති හා මුදල් අමාත්‍යාංශ නිළධාරීන් අතර හමුවක්

රටේ සෑම ජන කොටසක්ම ආර්ථික ක්‍රියාවලියට සහභාගි කර  ගැනීමේ අරමුණින් මෙවර අයවැය සකස් කරන බව,  ජනාධිපති අනුර කුමාර  දිසානායක  මහතා  ප්‍රකාශ කළා. ඒ 2025 අයවැය...

POPULAR ARTICLES