33 C
Colombo
Friday, March 29, 2024

ව්‍යාජ මරණ සහතිකයක් ඉදිරිපත් කර භූමදානය කරලා

- Advertisement -

වැල්ලම්පිටිය ප්‍රදේශයේ පෙරේදා (25) නිවසේ දී හදිසියේ මිය ගිය පුද්ගලයෙකුගේ දේහයක් ව්‍යාජ මරණ සහතිකයක් ඉදිරිපත් කර භූමදානය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

වැල්ලම්පිටිය කුමාරදාස පෙදෙසෙහි පදිංචි 64 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති අතර එදින ම පවුලේ උදවිය විසින් එම තැනැත්තාගේ මෘත ශරීරය මෙලෙස ව්‍යාජ මරණ සහතිකයක් ඉදිරිපත් කර දෙමටගොඩ සුසාන භුමියක භූමදානය කර ඇති බවට පොලිසියට තොරතුරු ලැබී ඇත.

කොරෝනා වසංගතය තත්ත්වය හේතුවෙන් කිසිවෙකු නිවෙසේ හදිසියේ මිය යෑමකදී සෞඛ්‍ය අංශ සහ පොලිසිය දැනුවත් කළ යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ සඳහන් කරයි.

නිවසේ සිටි බිරියගේ හා දරුවාගේ පී.සී.ආර් පරීක්ෂණ සිදු කර නිරෝධනයට යොමු කර ඇති අතර තවම ඔවුන්ට හෝ මියගිය අයට කොරෝනා ආසාදිතවූයේද යන්න හඳුනාගෙන නොමැත. මෙම පුද්ගලයාගේ දේහය භුමදානය කිරීමට අදාළ ආධාර අනුබල දුන් සියලු දෙනා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

RECENT ARTICLES - SINHALA

විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද වෙනුවට අලුත් බද්දක්

දේශිය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කරන බවත් දේශිය ගොවීන් සහ...

500ක අල්ලසක් ගත් සැරයන් වසර 4ක් හිරේ

රුපියල් 500 ක අල්ලස් මුදලක් ලබා ගත් පොලිස් සැරයන්වරයෙකුට වසර හතරක සිර දඬුවමක් නියම කර ඇති බවට පුවතක් වාර්තා වෙනවා. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන...

අපි විදේශ ගිවිසුම් වලට විරුද්ධ නෑ – විමල්ගේ පක්යෙන් අමුතු එළියක් (වීඩියෝ)

ජාතික නිදහස් පෙරමුණ විදේශ රටවල් සමඟ ඇති කරගන්නා ගිවිසුම් කිසිවකට විරුද්ධ නොවන බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පවසනවා. අන්තර්ජාල නාලිකාවක්...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...