28 C
Colombo
Thursday, October 3, 2024

ඝාතන කොන්ත්‍රාත්තුවක් ගැන විමර්ශන

- Advertisement -

ත්‍රිකුණාමලය දිසා අධිකරණයේ විභාග වන ඉඩම් නඩුවකට අදාළව එම නඩුවේ විත්තිකාරිනිය විසින් නඩුවේ පැමිණිකරු ඝාතනය කිරීම් සඳහා රුපියල් ලක්ෂ 50ක කොන්ත්‍රාත්තුවක් ලබාදීමේ සැලසුමක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව පුල්මුඩේ පොලිසිය පවසනවා.

මෙම ඉඩම් නඩුවේ පැමිණිලිකරු වන පුල්මුඩේ, නුරානියා නගර්, පදිංචි ජෙයිනුලාබ්දින් බුහාරී යන අය මේ සම්බන්ධයෙන් කළ පැමිණිල්ලක් අනුව පුල්මුඩේ පොලිසිය මෙසේ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

විත්තිකාර කාන්තාව තමන් ඝාතනය කිරීම සඳහා රුපියල් ලක්ෂ 50ක කොන්ත්‍රාත්තුවක් දී ඝාතනය කිරීමෙන් පසු අදාළ ලක්ෂ පනහක මුදල ලබාදීමට කොන්ත්‍රාත්තුව පැවරූ පුද්ගලයා තමන්ගේ මිතුරෙක් වන බැවින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම මිතුරා තමාට මෙම හෙළිදරව්ව කල බව බුහාරි නැමැති අය කල පොලිසියට කල පැමිණිල්ලේ සඳහන් වනවා.

මෙම ඉඩම් නඩුව ලබන 20 වෙනිදා ත්‍රිකුණාමල දිසා අධිකරණයේ විභාගවීමට නියමිතයි.

පුල්මුඩේ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

බදු බරට සහන දෙනවා- ජනපති මූල්‍ය අරමුදලට කියයි

ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ඉහළ පෙළේ නියෝජිත පිරිස අද (03) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන්...

සිසුවා ඝාතනයට පෙම්වතිය ඇතුළු 7ක් අත්අඩංගුවට

මහවෙල මඩවල උල්පත ප්‍රදේශයේ සිසුවෙකු අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සියලුදෙනාට දැඩි දඬුවම් ලබාදෙන්නැයි ඉල්ලා ප්‍රදේශවාසීන් අද (03) විරෝධතාවක නිරත වි තිබෙනවා. ඔවුන්...

මෙරට සංවර්ධනයට කොරියානු එක්සීම් බැංකුවේ මූල්‍ය සහාය

ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඒ...

POPULAR ARTICLES

වාහන ප්‍රශ්නයක් ගැන ජනාධිපති මාධ්‍ය අංශය සමාව ඉල්ලලා

0
ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දී ඇති වාහන සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඊයේ (30) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ, අනුයුක්ත කරන ලද රථ...

Breaking: ශිෂ්‍යත්ව විභාගය ගැන රජය ගත් විශේෂ තීරණය

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටලුව සම්බන්ධයෙන් උද්ඝෝෂණයක නිරත වූ දෙමව්පියන් පිරිසක් අතර සාකච්ඡාවක් ඊයේ (30) පස්වරුවේ ජනාධිපති...

අනුර පත් කරන පමාවට ලේකම් කෙනෙක් ගෙදර ගිහින්

නව රජය බලයට පත්වීමත් සමග අමාත්‍යාංශ 17ක් සඳහා පසුගිය අඟහරුවාදා (23) නව ලේකම්වරු පත් කෙරුණා. මෙහිදී රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන...