පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව වියදම් වාර්තා භාරනොදුන් අපේක්ෂකයින් ඇතුළු පිරිස් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා සඳහන් කර ඇත්තේ එක් එක් පළාත්වල සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් සමග සාකච්ඡා කර මෙම විමර්ශන ආරම්භ කිරීම සිදු කරන බවයි.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්ව මේ වනතෙක් අදායම් වියදම් වාර්තා ඉදිරිපත් නොකළ අපේක්ෂකයින්ගේ ලැයිස්තු පොලිසියට ලබා දීමට මැතිවරණ කොමිෂන් සභාව පසුගියදා පියවර ගෙන තිබුණා.
එහි සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පැවසුවේ, ඒ අනුව පොලිසිය ඒ සම්බන්ධයෙන් නීතීමය පියවර ගනු ඇති බවයි.
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව වියදම් වාර්තා භාරනොදුන් අපේක්ෂකයින් ඇතුළු 1040 දෙනෙකුට එරෙහිව මෙලෙස මැතිවරණ කොමිෂන් සභාව පොලිසියට කරුනු වාර්තා කරනු ලැබුවා.
එම පිරිස අතරට අපේක්ෂකයින් 900කට අධික පිරිසක් පක්ෂ කිහිපයක් සහ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුද ඇතුළත් බවයි වාර්තා වෙන්නේ.
වියදම් වාර්තා ලබානොදීම මත යම් අපේක්ෂකයෙකුට නඩු පැවරුවහොත් එම අපේක්ෂකයාට පළාත් සභා හෝ පළාත් පාලන ඡන්ද විමසීමක අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමට හැකියාවක් නොමැති බවද මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කරනවා.
024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව වියදම් වාර්තා ලබාදීමේ කාලසීමාව පසුගිය 6 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා.