26 C
Colombo
Monday, January 13, 2025

සිසුවියක් අපයෝජනය කළ ගුරුවරයෙක් ගැන පරීක්ෂණ

- Advertisement -

16 හැවිරිදි සිසුවියකගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ පට ගෙන්වා ගෙන අපයෝජනයට ලක් කළ බවට සැක කෙරෙන පාසල් ගුරුවරයෙක් සම්බන්ධයෙන් දිවුලපිටිය පොලිසිය මගින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

පොලීසිය පවසන්නේ මෙම ගුරුවරයා ඔහුගේ ජංගම දුරකථනය උපයෝගී කරගෙන පාසලේ තමන් විසින් අධ්‍යාපනය ලබා දෙන තරුණ දැරියන්ගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ පට ගෙන්වා ගෙන ඔවුන් අපයෝජනයට ලක් කර ඇති බවට චෝදනා එල්ල වී ඇති බවයි.

මෙම ගුරුවරයා මව් පිය සෙනෙහස අහිමිවන, වෙනත් ගැටළු සහිත බව පෙනෙන දැරියන් ඉලක්ක කරගමින් ඔවුන් සමඟ සමීප සම්බන්ධතා ගොඩනඟා ගෙන එම දැරියන් අපයෝජනයට ලක් කර ඇති බවද පොලීසිය තවදුරටත් සඳහන් කර තිබෙනවා.

මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර ඇත්තේ මෙම ගුරුවරයා විසින් අපයෝජනයට ලක් කළ බව පැවසෙන සාමාන්‍ය පෙළ විභාගය සඳහා සූදානම් වන 16 හැවිරිදි වියේ පසුවන සිසුවියක් සම්බන්ධයෙන්.

අවස්ථා කිහිපයකදී ගුරුවරයා විසින් මෙම දැරියට මුදල් ලබා දී ඇති බවත් වට්ස් ඇප් පණිවිඩ මඟින් ඇයව පිටත ස්ථානයක් කරා රැගෙන යාමට දැරියට යෝජනා කර ඇති බවත් පොලීසිය විසින් අනාවරණය කරගෙන තිබෙනවා.

මේ අතර, මෙම සිදුවීම සම්බන්ධ පැමිණිල්ල විමර්ශනය කිරීමේදී මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය විසින් වින්දිත දැරියට අපහාස වන ආකරයේ හැසිරීමක් පෙන්නුම් කර ඇති බවද වාර්තා වෙනවා.

කෙසේවෙතත්, ඊයේ (09) දිනයේද මෙම පාසලේ ගුරුවරයා උගන්වන පාසලේ විදුහල්පතිවරයාටද ප්‍රකාශයක් ලබා දීම සඳහා දිවුලපිටිය පොලීසියට පැමිණෙන ලෙස දැනුම් දී තිබෙනවා.

එමෙන්ම මෙම ගුරුවරයා සම්බන්ධයෙන්  මිනුවන්ගොඩ ‍පොලිස් ස්ථානය සහ දිවුලපිටි පොලිස් ස්ථානය මේ වන විට පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

පළාත් මට්ටමින් අපරාධ විමර්ශන කොට්ඨාස

පළාත් මට්ටමින් අපරාධ විමර්ශන කොට්ඨාස ස්ථාපිත කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා ඉදිරියේ දී කටයුතු කරන අතර ඊට අදාළ කැබිනට් පත්‍රිකාව මේ වන විටත්...

අනුර චීනය බලා පිටත්ව යයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිව්දින නිල සංචාරයක් සඳහා චීනය බලා අද (13) රාත්‍රියේදී පිටත්ව ගියා. චීන ජනාධිපති ෂී ජින් පිංගේ (Xi Jinping) ආරාධනයෙන් ජනාධිපති...

දුරකථන පැකේජවල මිල ගණන් සම්බන්ධයෙන් දැනුම්දීමක්

ජංගම දුරකථන සේවා සපයන සමාගම් තම ජංගම දුරකථන පැකේජයන්වල මිල ගණන් ඉහළ දමා ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව ශ්‍රී ලකා විදුලි සංදේශ නියාමන...

POPULAR ARTICLES

කුම්භ මේලා උත්සවය ඇරඹේ

ලොව වැඩි ම බැතිමතුන් පිරිසක් සහභාගී වන ඉන්දියාවේ ‘කුම්භ මේලා’ උත්සවය අද (13) ආරම්භ කර තිබෙනවා. සෑම වසර 12කට ම වරක් උතුරු ඉන්දියාවේ පෙරේයාග්රාජ් නගරයේදී...

පළාත් මට්ටමින් අපරාධ විමර්ශන කොට්ඨාස

පළාත් මට්ටමින් අපරාධ විමර්ශන කොට්ඨාස ස්ථාපිත කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා ඉදිරියේ දී කටයුතු කරන අතර ඊට අදාළ කැබිනට් පත්‍රිකාව මේ වන විටත්...

පහර කෑ තරුණයෙක් පොලීසියේ රඳවා ගැනීම ගැන විමර්ශනයක්

පුද්ගලයන් පිරිසක් විසින් පහර දෙනු ලැබූ තරුණයකු රෝහල් ගත නොකර යක්කල පොලිසියේ  සිර මැදිරියේ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා...