2022 මාර්තු 31 ගිණුම් වර්ෂය අවසාන වන විට ශ්‍රී ලංකා ඉන්දියානු ඔයිල් සමාගම (LIOC) රුපියල් බිලියන 05 කට ආසන්න ලාභයක් උපයා තිබෙනවා.
ඒ අනුව ලංකා ඉන්දියානු ඔයිල් සමාගම මාර්තු 31 වන විට උපයා ඇති ලාභය රුපියල් මිලියන 4,818,455 ක් ලෙස දැක්වෙනවා.
නමුත් එම සමාගම 2022 වසරේ බදු ගෙවීමට පෙර ලාභය ලෙස සටහන්වන්නේ රුපියල් බිලියන 5.61 ක් හෙවත් රුපියල් මිලියන 5,611,672,000 ලෙසයි.
එම සමාගම උපයා ඇති ලාභයෙන් මෙරට රජයට ආදායම් බදු ලෙස ගෙවා ඇති මුදල රුපියල් කෝටි 79 කට අධික බවයි සදහන් වන්නේ.
2021 වසරේදී ඔවුන්ගේ ලාභය කෝටි 88 දක්වා අඩුවී ඇතත්, 2021 ගිණුම් වර්ෂය අවසාන වන විට LIOC ලාභය ලෙස රුපියල් 882,634,000 ක මුදලක් සටහන් වනවා.