26.1 C
Colombo
Monday, July 21, 2025

හෝමූස් වසා දැමීමට ඉරාන පාර්ලිමේන්තුවෙන් අනුමැතිය

- Advertisement -

ඉරාන පාර්ලිමේන්තුව විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට අද (22) ඡන්දය ප්‍රකාශ කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

ඉරානය ඇතුළු මැදපෙරදිග රටවල් තෙල් අපනයනය කරන්නේ මෙම ‘හෝමූස්’ සමුද්‍ර සන්ධිය හරහායි.

ලෝකයේ තෙල් ප්‍රවාහන කටයුතුවලින් වැඩි ප්‍රමාණයක් සිදුවන්නේ මෙම සමුද්‍ර සන්ධිය හරහා බැවින් මෙය ලොව ප්‍රධාන පෙළේ තෙල් ප්‍රවාහන මාර්ගයක් ලෙස සැලකෙනවා.

කෙසේ වෙතත් මෙම තීරණය ක්‍රියාවට නැංවීමේ අවසන් තීරණය ගෙන ඇත්තේ ඉරානයේ උත්තරීතර කවුන්සිලය විසිනි.

හෝමූස් සමුද්‍ර සන්ධිය පිහිටා ඇත්තේ ඉරානයට උතුරින් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට හා ඕමානයට දකුණින් ය.

මැදපෙරදිග තෙල් නිපදවන රටවල් වන ඉරානය, ඉරාකය, කුවේට්, බහරේන්, කටාර්, එක්සත් අරාබි එමීර් සහ සවුදි අරාබියට අයත් නැව් ජාත්‍යන්තර මුහුදු සීමාවට පිවිසෙන්නේ මෙම කලාපය හරහායි.

එම නිසා මෙම සමුද්‍ර සන්ධිය අවහිර වුවහොත් ගෝලීය තෙල් සැපයුමට විශාල බලපෑමක් ඇති විය හැකි අතර, තෙල් මිල ඉහළ යෑමට ද කරුණක් වනු ඇති.

RECENT ARTICLES - SINHALA

ලෝක ටෙස්ට් ශූරතාවේ අවසන් තරඟ තුනක සත්කාරක රට මෙන්න

ලෝක ටෙස්ට් ශූරතාවේ එළැඹෙන අදියර (2027) ඇතුළුව 2029 සහ 2031 වර්ෂන්හි පැවැත්වෙන අවසන් මහා තරග සඳහා ද සත්කාරක රට ලෙස එංගලන්තය නම්කර තිබෙනවා. 2027 අදියරේ...

කොල්ලුපිටියේ සමාජ ශාලාවක දී වෙඩිතැබීමට ගත් උත්සහයක් ව්‍යර්ථ වෙයි

කොල්ලු‍පිටිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක් තුළදී පාතාල කල්ලි සාමාජිකයෙකු ඉලක්ක කර වෙඩි තැබීම සඳහා පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකුට එම රාත්‍රී සමාජ ශාලාවේ ආරක්ෂකයින් පහර දී...

හොර පාස්පෝට් එකකින් රට පනින්න ගිය අයෙක් අත්අඩංගුවට

ව්‍යාජ ලෙස සකස් කළ බ්‍රිතාන්‍ය ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කරගනිමින් ජපානය, තුර්කිය හරහා යුරෝපය වෙත යාමට උත්සහ කළ ඉරාන ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී...

POPULAR ARTICLES