28 C
Colombo
Friday, July 19, 2024

අල්ලස් ගත් වාරි ඉංජිනේරුවරයා රිමාන්ඩ්

- Advertisement -

අක්කරපත්තුව කොට්ඨාශයේ වාරිමාර්ග රක්ෂිත ඉඩමක් ගොඩකිරීම සදහා අවසර ලබාදීමට රුපියල් ලක්ෂ 04 ක් අල්ලස් ලෙස ඉල්ලා එයින් රුපියල් ලක්ෂ 02ක් සිය රියදුරා ලවා ලබාගනිමින් සිටි වාරිමාර්ග ඉංජිනේරුවරයෙකු සහ මුදල් ලබාගත් රියදුරා ලබන 19 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැටුණුවෙල මහතා අද (11) නියෝග කළා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදදේ, ඉංජිනේරුවරයා හා ඔහුගේ රියදුරු ලෙස සේවය කළේ යැයි කියන එම කාර්යාලයේ කාර්යාල කාර්ය සහායකයි.

වැලි හා පස් ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාලයට අයත් කලපු සහ කුඹුරු වලට දැමීම නීති විරෝධී හෙයින් රජයේ අනෙකුත් කාර්යාල නිලධාරීන්ගෙන්ද සහය ලබාගෙන නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට මෙම අල්ලස ඉල්ලා ලබාගෙන ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළා.

එමෙන්ම විමර්ශන අවසන් නොමැති බැවින් සැකකරුවන් බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා සිටියා.


RECENT ARTICLES - SINHALA

පාස්පෝට් කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්වයක්

ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට අද (19) උදෑසන උණුසුම් තත්වයක් හට ගෙන තිබෙනවා. විදෙස් ගමන් බලපත්‍ර අයදුම්කරුවන්ගේ පහසුව සඳහා ගමන් බලපත්‍ර අයදුම් කිරීම නව ක්‍රමවේදයක් ඔස්සේ...

ලංකාවේ කුකුළුමස් චීනයට යවන්න අවසර

මෙරට නිෂ්පාදනය කෙරෙන කුකුළු මස් හා බිත්තර මෙන්ම අන්නාසි චීනයට අපනයනය සඳහා දීර්ඝ කාලයක් තිස්සේ පැවැති බාධක චීන රජය විසින්  ඉවත් කර තිබෙනවා. කෘෂිකර්ම හා...

මෙරට උපාධිධාරීන්ට ජපානයේ රැකියා

ජපානයේ විදුලි සැපයුම් ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීමේ අරමුණින් එරට පෞද්ගලික අංශයේ පවතින රැකියා අවස්ථා සඳහා තාක්ෂණ ක්ෂේත්‍රයේ ලාංකික උපාධිධාරීන් බඳවා ගැනීමට කැමැත්තෙන් පසුවන බව ජපානය...

POPULAR ARTICLES

සඳුදා යළිත් පාසැල් වැසෙන ලකුණු

සති දෙකක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් අරඹන බව ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසනවා. ඒ අනුව, ඔවුන් සඳහන් කළේ ලබන සඳුදා (22)...

මුද්‍රිත විදුලි බිල්පත අනිවාර්යයි

පාරිභෝගිකයන් ඉල්ලා සිටින විට මුද්‍රිත විදුලි බිල්පතක් නිකුත් කිරීම අනිවාර්ය බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා. නව විදුලි ගාස්තු සංශෝධනයත් සමග ශ්‍රී ලංකා...

මහින්ද රාජපක්ෂ මිස වෙන ගොනෙක් නෙවෙයි – සනත් නිශාන්තගේ බිරිඳ(වීඩියෝ)

රටේ තිබු යුද්ධය නැති කළ නායකයා මහින්ද රාජපක්ෂ මිස වෙන ගොනෙක් නොවන බව සනත් නිශාන්ත මහතාගේ බිරිඳ චමරි ප්‍රියංකා මහත්මිය පවසනවා. ඇය මේබව කියා සිටියේ...