32 C
Colombo
Thursday, March 28, 2024

කොරෝනා වෛරසයේ ප්‍රභවය පිළිබද සැකසංකා හේතුවෙන් ලෝකය චීනයට දොස් නැගීම සාධාරණද?

- Advertisement -

විශ්වසනීයත්වය පෙරදැරි කරගෙන වැඩ කරන ලෙසට චීනයට එරෙහිව නැගෙන හඩ වේගවත් වෙමින් තිබේ.  කොරෝනා වෛරසයේ ප්‍රභවය සොයාගැනීම සදහා කෙරෙන පරීක්ෂණවලදී චීනය අනුගමනය කරන උනන්දුවක් නොදැක්වීමේ සහ නිසි උද්යෝගයෙන් සහය නොදැක්වීමේ පිළිවෙත ඊට එරෙහිව ලෝක ප්‍රජාව එක්සත් කර තිබේ.  දැන් ‌ලෝක ලෝක ප්‍රජාව විසින් චීනය බිත්තියට තද කොට ඇති අතර වෛරසය මිනිසා විසින් සාදන ලද්දක් හෝ එහි පැතිරීමට මිනිසාගේ කිසියම් හෝ අකාරයක සම්බන්ධයක් ඇති බවට වන සැකය දිනෙන් දින උත්සන්න වෙමින් පවතී.

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මැයි මාසයේදී කළ නියෝගය  චීනයට එරෙහි කෝපය වඩාත් තියුණු ලෙස මතුවූ අවස්ථාවක් ලෙස දැක්විය හැකිය. එහිදී ඔහු ඇමරිකානු බුද්ධි අංශ වෙත නියෝග කළේ කොරෝනා වෛරසයේ  ප්‍රභවය පිළිබද දින අනූවකදී වාර්තාවක් ලබාදෙන ලෙසයි. එහිදී වෛරසය වූහාන්හි විද්‍යාගාරයෙන් කාන්දු වීමක් යන අදහස පිලිබද සොයාබැලීම අනිවාර්ය කර තිබේ.

ලෝකයට තවමත් අවශ්‍ය වී ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයට වෛරසයේ  මූලාරම්භය පිළිබඳව අව්‍යාජ අධ්‍යයනයක් කිරීමට අවකාශය ලබාදීමයි. ඊ‌ට අදාළ පළමු පරීක්ෂණය විහිලුවක් වූ බවත් එහිදී චීනය නිසි සහයක් ලබා නොදුන් බවත් මේ වනවිට බහුතරයක් විසින් පිළිගෙන ඇති කරුණකි. මේ අනුව පසුගියදා පැවති G07 සමුලුවේදී ද එම රටවල නායකයන් චීනයට අවධාරණය කළේ කොරෝනා වෛරසයේ ප්‍රභවය පිළිබද ගෝලීය විමර්ශනයක කොටස්කරුවෙක් වන ලෙසයි.

කෙසේවෙතත්, ජුනි මාසයේ මුල් සති දෙක වන විට  කොරෝනා වෛරසයේ ප්‍රභවය පිළිබඳ න්‍යායන් ගණනාවක් පිළිබඳ මාධ්‍ය වාර්තා ඉදිරිපත් වී තිබේ.ඒ සම්බන්ධයෙන් චීනය නෑසු කන්ව සිටින අතර ජනාධිපති බයිඩන් සහ ඔහුගේ පාර්ශවකරැවන් මේ පිළිබද වන සීතල යුද්ධය ඉදිරියට රැගෙන යමින් සිටියි.

තවමත් චීන ජනාධිපති ෂී ජින් පිං මේ සම්බන්ධයෙන් වන සෘජු විවේචන වලින් බේරී සිටියත්, බැට් වුමන් හෙවත් වවුල් පරීක්ෂිකාව ලෙස නම් දරා සිටින වුහාන් රසායනාගාරයේ වෛරස් විද්‍යාඥ ආචාර්ය  ෂී සෙන්ග්ලි බරපතල ලෙස විවේචනයට මුහුණ දී සිටියි. ඇය යුනාන්හි ගුහාවල වවුලන්ගෙන් මෙම වෛරසය පැතිරයාම සිදුවූ බවට වන න්‍යාය ඉදිරිපත් කර තිබේ.

එහෙත් එම න්‍යායට අමතරව තවත් සැකසහිත න්‍යායන් ගණනාවක් මේ වනවිට ඉදිරිපත්ව තිබේ. ඒවා දරැණු ලෙස පැතිරයාම ඇරඹුණේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ පරීක්ෂණ කණ්ඩායම මාසයක් පුරා චීනයේ සිදුකළ පර්යේෂණ සංචාරය නිමා කිරීමත් සමගය.

චීන රජයේ සහය ඔවුන්ට නිසි ලෙස හිමි නොවුණ අතර කණ්ඩායමට දින 14 ක නිරෝධායනයකට ලක්වන්නටද සිදුවිය. ඔවුන් චීනයේ විවිධ පළාත්වලින් සත්ව හා පක්ෂි සාම්පල 80,000 ක්  ඒකරාශි කරගත්තත් වෛරසට අදාළ වන ප්‍රතිදේහ පිළිබඳ සාක්ෂි සොයාගැනීමට සමත්වූයේ නැත.මෙහිදී බරපතලම කරැණ වූයේ වෛරසයට අදාළව මේ වනවිට පර්යේෂණ සිදුකර ගෙන යන පෙර කී ආචාර්ය ෂී සෙන්ග්ලි ඇතුළු පර්යේෂකයන්ගේ පර්යේෂණ සිදුවන වූවාන්හි පර්යේෂණාගාරය වෙත හෝ ඔවුන්ගේ ලේඛන වෙත ප්‍රවේශය ලබා නොදීමට චීනය පියවර ගැනීමයි.

මේ පසුබිම මැද වුවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාව එළිදුටු අතර ඒ සමගම කොරෝනා වෛරසයේ ප්‍රභවය පිළිබද න්‍යායන් හතරක් කෙරෙහි මූලික වශයෙන් අවධානය යොමු කෙරිණ. ඉන් පළමුවැන්න , වන හෝ ගෘහාශ්‍රිත සතුන් අතරමැදියන් බවට පත්වී මෙම වෛරසය මිනිසුන්ට සම්ප්‍රේෂණය කළ බවයි. දෙවැන්න, වෛරසය සත්ව වෙළඳපොලකින් මිනිසුන්ට සෘජු සම්ප්‍රේෂණයක් සිදුවූ බවයි. සත්ව වෙළඳපොලක් හරහා නිකුත්වීම ආරම්භ වූ වෛරසය සීත කළ ආහාර සැපයුම් දාමය හරහා සම්ප්‍රේෂණය වූ බව තුන්වන න්‍යායයි. කෙසේවෙතත්, මෙය පසුව ඉවතට දැමුණු අතර ඒ වෛරසයට එවන් මතුපිට හරහා සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් නොමැති බව ඔප්පු විමත් සමගිනි. හතරවැන්න හෙවත් මේ වනවිට  වඩාත් අවධානයට ලක්ව ඇති  න්‍යාය වන්නේ වෛරසය රසායනාගාරයක් තුළින් කාන්දු වූවාය යන්නයි.  මෙම න්‍යාය පිළිබද වැඩිදුර අදහස් දක්වන ඇතැම්හු මෙය ජීව විද්‍යාත්මක අවියක් ලෙස පවා හදුන්වමින් සිටිති.

කෙසේවෙතත්, ලෝක සෞඛ්‍ය සංවිධානය, එහි ආයතනික ව්‍යහුය හේතුවෙන්,  මුල් සම්ප්‍රේෂණයේ ප්‍රභවය සහ පැතිරයාමේ මාර්ගය පිළිබඳ සැලකිය යුතු දත්ත ඉදිරිපත් නොකරන අතරම මේ කිසිදු න්‍යායක් පිළිගැනීමට හෝ මේ සම්බන්ධයෙන් කිසිවක් වෙත ඇඟිල්ල දිගු කිරීමටද කටයුතු නොකරයි.

බුද්ධි අංශ පරීක්ෂණය පිළිබද ජනාධිපති බයිඩන්ගේ  නිවේදනය විද්‍යාගාර න්‍යාය පිළිබඳ යළිත් වරක් අවධානය ඇති කර ඇතත් , මේ සම්බන්ධයෙන් නව සාක්ෂි ඉදිරිපත්වීමක් සිදුව නොමැත. කෙසේවෙතත්, අමරිකානු බුද්ධි අංශ තොරතුරැ උපුටා දක්වමින්, වෝල් ස්ට්‍රීට් ජර්නලය වාර්තා කර ඇත්තේ, යුනාන්හි වවුල් ගුහාවකට වවුලන් පිළිබද පර්යේෂණයකට ගිය යුනාන් පරීක්ෂණාගාරයේ කාර්ය මණ්ඩලයේ තිදෙනෙකු 2019 නොවැම්බර් මාසයේදී කෝවිඩ් රෝග ලක්ෂණ සහිතව අසනීප වූ බවයි. කෙසේවෙතත් මීට අදාළ වැඩිදුර තොරතුරැ ලබාගැනීම සහ තහවුරැ කර ගැනීමට මෙතෙක් හැකිවී නැත.

මේ සම්බන්ධයෙන්, ඊමේල් මගින් පැවති සාකච්ඡාවකදී ආචාර්ය ෂී සෙන්ග්ලි සදහන් කර ඇත්තේ: “වුහාන් වෛරස් විද්‍යා ආයතනයට එවැනි සිදුවීමක් වාර්තා වී නැත. ඔබට  හැකි නම්, ඒ නම් ලබාදෙන්න. එවිට අපට ඔවුන් තිදෙනා පිළිබද පරීක්ෂා කළ හැකියි.” යනුවෙනි. ඒ අනුව එම ප්‍රශ්නය විසදීම එම ස්ථානයේ සිරවී ඇත.

ඇමරිකානු බුද්ධි අංශ විද්‍යාගාර කාන්දුවීමේ න්‍යාය පිලිබද මේ අන්දමට පරීක්ෂණ පවත්වමින් සිටියදී ලෝකයේ විද්‍යාඥයන් සැළකිය යුතු පිරිසක් වෛරසය සතෙකුගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණයේ වූවාය යන න්‍යාය පිළිගැනීමට කැමැත්තක් දක්වන බව පෙනේ. එනම්, මෙය ස්වාභාවික සිදුවීමක් මිස,  මිනිසා විසින් සාදන ලද එකක් නොවන බවයි. කෙසේවෙතත් එම න්‍යාය තහවුරැ කිරීම සදහා  ඔවුන්ට ද සාක්ෂි ද නැත. වෛරසය මිනිසාට සම්ප්‍රේෂණයේ කිරීමට සම්බන්ධ අතරමැදි ධාරකයෙකු හඳුනා ගැනීමට ඔවුන්ට තවමත් හැකිවී නැත.  කෙසේ වෙතත්, මේ  න්‍යාය සඳහා යම් විශ්වසනීයත්වයක් ලබා දී ඇත්තේ වසර ගණනාවක පර්යේෂණවලින් අනතුරැව මුල් සාරස් වෛරසය බළලුන් විසින් මිනිසුන්ට සම්ප්‍රේෂණය කරන බව හදුනාගැනීම නිසාය. එහෙත්, මේ සම්බන්ධයෙන් එය එළෙසම අදාළ කරගත නොහැකිය.

 කෙසේවෙතත්, මේ කිසිවක් සම්බන්ධයෙන් විද්‍යාඥයන්ට කිසිදු අවසන් නිගමනයකට එළඹීමට නොහැකි වී ඇත්තේ චීනය වුහාන් පර්යේෂණාගාරයේ දත්ත වෙත ප්‍රවේශය ලබා නොදීම නිසා වන අතර අදාළ ප්‍රවේශය ලබාදෙන තුරු එය කළ නොහැකි වනු ඇත. චීනය වාර්තා කළ පරිදි 2019 දෙසැම්බර් මාසයේදී හෝ ඒ ආසන්නයේදී මෙම වෛරස ව්‍යාප්තිය සිදුවූ අන්දම, අදාළ දිනවල වුහාන් වෙළඳපලවල විකුණන වන සතුන් හෝ වවුලන්ගේ තොරතුරැ, මෙන්ම අදාළ අතරමැදි ධාරක, ගෘහාශ්‍රිත සතුන් පිළිබද මූලික සහ වැදගත් දත්ත සියල්ල ඇත්තේ වූහාන් පර්යේෂණාගාරය සතුවය.

මෙහිදී පැහැදිලිවම පෙනීයන කරැණ වන්නේ මේ පිලිබද කරැණු හෙළිකිරීමේ අවසන් තීන්දුව ඇත්තේ චීනය සතුව බවයි.  අදාළ දත්ත හෙළිකිරීම සහ හුවමාරැ කරගැනීම ඔවුන් විසින් කළ යුතු අතර මෙතෙක් එය සිදුකර ගැනීමට අදාළව කළ සියලු උත්සාහයන්ට බාධා ඇති විය. මේ පිළිබද සහයෝගයෙන් කටයුතු කරනවා වෙනුවට චීනය සිදුකරමින් සිටින්නේ, වෛරසයට විදේශීය, ඇමරිකානු සම්භවයක් ඇති බව පැවසීම වැනි කරැණු සදහන් කරමින් තත්වය තවත් ගැටුම්කාරී සහ සංකීර්ණ කිරීමයි.

මේ පිළිබද කරැණු දක්වන ස්වාධීන නිරීක්ෂකයන් විමසන්නේ සැගවීමට දෙයක් නැත්තම්  චීනය මෙළෙස කටයුතු කරන්නේ ඇයිද යන්නයි. බැලූ බැල්මටම එය සාධාරණ ගැටලුවක් බව පෙනෙන අතරම එය තවදුරටත් තහවුරැ කෙරෙන කරැණු රැසක්ද පවතී. වෛරසය පැතිරයාම ආරම්භ වූ අවස්ථාවේ ඒ පිලිබද කරැණු හෙළිකළ වෛද්‍යවරුන් අත්අඩංගුවට ගත් චීනය ඒ මන්දැයි යන්න විමසූ කිසි විටෙක ඊට සතුටුදායක පිළිතුරක් ලබාදුන්නේ නැත. එමෙන්ම , වෛරසය පැතිරයාම ආරම්භ වූ මුල් අවධියේ එය මිනිසාගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වන බවට තීරණාත්මක සාක්ෂි ඉදිරිපත්ව තිබියදී එය නිසි ලෙස ඉදිරිපත් කිරීමට කටයුතු නොකළ චීනය මේ පිළිබද කිසිදු තොරතුරක් රජයේ පූර්ව අවසරයකින් තොරව ප්‍රකාශයට පත් කිරීම ද තහනම් කරන ලදී.වෛරස් සාම්පල පිළිබඳ සියලු ආකාරයේ දත්ත හෙලිදරව් කිරීමද තහනම් කෙරිණ. ටයිම් සඟරාව වාර්තා කළ අන්දමට, වෛරසයේ චීන සම්භවය සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශයට පත් කිරීම අධ්‍යයන ආයතනවලට තහනම් කරනු ලැබිණ. නිදහසේ ගමන් කිරීමට ජනමාධ්‍යවේදීන්ට ඇති අයිතිය සීමා කරනු ලැබූ අතර විශේෂයෙන් යූනාන් සහ වූහාන්වල ඒ සදහා විවිධ තහනම් පනවනු ලැබිණ.

මෙම සැකසහිත ක්‍රියාවන්ගේ ප්‍රතිපලයක් ලෙස, විද්‍යාගාර කාන්දු වීම පිළිබඳ මතයන් තුළට පුලුල් විශ්වාසනීයත්වයක් ලැබී ඇති බව පැහැදිළිය. මේ අතරවාරයේ, කලක් ආචාර්ය ෂී සමඟ එක්ව වූවාන්හි පර්යේෂණ සිදුකළ කළ වෛරස් විද්‍යාඥයෙකු වන රැල්ෆ් බෙරික් ඇතුලු කණ්ඩායමක් මේ පිළිබද නැවුම් පරීක්ෂණයක් ඉල්ලා ලිපියක් ප්‍රකාශයට පත් කළේය ටයිම්ස් සගරාව සදහන් කරන ආකාරයට එම ලිපිය  මගින් පෙන්වා දී ඇත්තේ  , “ වෛරසය විද්‍යාගාරයකින් නිකුත්වීම හෝ සතුන් මගින් හෝ සතුන් හරහා මිනිසාට සම්ප්‍රේෂණය වීම යන න්‍යාය දෙකම විය හැකියාවේ ශක්‍යතාවයන්ගෙන් යුතු ඒවා බවයි.

ඒ අනුව සිදුවිය යුත්තේ චීනය විසින් විනිවිදභාවයෙන් යුත් නැවුම් පර්යේෂණයක් සදහා අවකාශය ලබාදීම සහ පහසුකම් සැලසීම වුවද චීනය එවැනි නැවුම් පරීක්ෂණයකට එකඟ වේ යැයි උපකල්පනය කිරීම පවා පහසු කාර්යයක් නොවේ. අනෙක් අතට , චීන කොමියුනිස්ට් පක්ෂය සතු බලය ,රටේ සියලුම විද්‍යාත්මක පර්යේෂණාගාර පාලනය කිරීමට සමත් අතර ,දත්ත ඒ ආකාරයෙන් පවත්වාගෙන යාමට මෙන්ම  අවශ්‍ය නම්  වෙනස් කිරීමට, සැඟවීමට හෝ ප්‍රතිස්ථාපනය කිරීමට ප්‍රමාණවත් බලයක් මෙන්ම කාලයක්ද දැනටමත් ගතවී තිබේ.

RECENT ARTICLES - SINHALA

බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය...

මෛත්‍රීට අධිකරණයෙන් හදිසි නියෝගයක්

පාස්කු දින ප්‍රහාරයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් ප්‍රකාශය සම්බන්ධයෙන් අප්‍රේල් මස 4 වනදා ප්‍රකාශයක් ලබාදෙන ලෙස මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන...

සංවර්ධන ලොතරැයි මණ්ඩලයට වාර්තාගත ලාභයක්

සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබෙනවා. ඒ අනුව 2022 – 2023 වසර සඳහා 32%ක ලාභ සීමාවක් වාර්තා...

POPULAR ARTICLES

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අරක්කු මිල පහළට?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සුරා බද්ද අඩු කළහොත් ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ හැකි බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම්...