27 C
Colombo
Wednesday, April 23, 2025

ක්ලබ් වසන්තගේ ඝාතනයට කංජිපානිගේ සම්බන්ධයක් නැද්ද?

- Advertisement -

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනය කිරීමේ මෙහෙයුම ඩුබායීහී සැඟව සිටින ලොකු පැටී හා ගොනා කෝවිලේ ශාන්ත නැමැති අපරාධකරුවන් දෙදෙනා සෘජුවම එක්වී සැලසුම් කර ඇති බව පොලීසිය අනාවරණය කරගෙන තිබෙනවා.

කෙසේවෙතත් ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බවයි වාර්තා වන්නේ.

ව්‍යාපාරිකයකු වන සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඊයේ (08) උදෑසන අතුරුගිරියේ පිහිටි ටැටූ මධ්‍යස්ථානයක් තුළ සිදුවූ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්වුණා.

එම අවස්ථාවේ එහි සිටි ප්‍රසිද්ධ ගායන ශිල්පිනී කේ. සුජීවාගේ සහකරු වන නයන වාසුල නැමැත්තාද මියගිය අතර කේ. සුජීවා, ක්ලබ් වසන්තගේ බිරිඳ, තවත් කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කෙරුණා.

වෙඩික්කරුවන් අදාළ ඝාතනය සිදුකරන අයුරු ආරක්ෂක කැමරාවල සටහන්ව තිබුණා.

ඒ අනුව, බස්නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය ඇතුළු පොලිස් කණ්ඩායම් 6ක් විමර්ශන ආරම්භ කරනු ලැබුවා.

එහි ප්‍රතිඵයක් ලෙස වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය ඝාතනය සිදුවී සුළු වේලාවක් තුළ සොයාගත්තේ, කඩුවෙල, කොරතොට ප්‍රදේශයේ මාර්ගයක හැර දමාගොස් තිබියදීයි.

මෝටර් රථයේ පැමිණි පිරිස වෙනත් වෑන් රථයකින් කොරතොට සිට පළාගොස් තිබූ අතර එම වෑන් රථයද ඊයේ රාත්‍රියේදීම සොයාගැනුණා.

ඒ බුලත්සිංහල, දෙල්මැල්ල ප්‍රදේශයේ පාළු ඉඩමක හැර දමාගොස් තිබියදීයි.

එහි අංක තහඩුද අපරාධකරුවන් ගලාවාගෙන ගොස් ඇති අතර, පොලිස් නිල සුනඛයෙකු යොදාගනිමින් එහි විමර්ශන දියත් කෙරුණා.

එහිදී අනාවරණය වී ඇත්තේ, වෑන් රථයේ සිටි පිරිස රත්නපුර අයගම ප්‍රදේශය දෙසට පළාගොස් ඇති බවයි.

එමෙන්ම වෑන් රථයේ තිබී අත්ල සටහන් 6ක් සහ ඇඟිලි සලකුණු 2ක් පොලීසිය සොයාගෙන තිබෙනවා.

වෑන් රථයේ ඉදිරි වම්පැත්තේ රෝදය අසල බඳෙහි තිබී බෙලිඅත්ත ප්‍රදේශයේ නම සඳහන් මුද්‍රා සටහනක් පොලීසිය සොයාගෙන ඇති අතර ඒ අනුව සැකකරන්නේ මෙම වෑන් රථය එම ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් වූවක් බවයි.

පොලීසිය සඳහන් කළේ, එය බෙලිඅත්ත දෙස සිට පැමිණ ඇතැයි සැකකරන බවයි.

මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය අදාළ ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු ඇතුළු පුද්ගලයන් පස්දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

විමර්ශනවලදී මේවන විට අනාවරණය වී ඇත්තේ, සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනය කිරිමේ මෙහෙයුම ඩුබායීහී සැඟව සිටින ලොකු පැටී හා ගොනා කෝවිලේ ශාන්ත නැමැති අපරාධකරුවන් දෙදෙනා සෘජුවම එක්වී සැලසුම් කර ඇති බවයි.

කංජිපානි ඉම්රාන් නැමති අපරාධකරුගේ සෘජු සබඳතාවක් මෙතෙක් අනාවරණ වී නොමැති අතර ඔහු පිළිබඳව සැක පළකරන්නේ වෙඩිතැබීම සිදුවූ ස්ථානයේ තිබී සොයාගත් පතොරම් කොපුවල සටහන් කර තිබූ ඛ්ඵෛ යන කෙටි යෙදුම හේතුවෙන්.

මේ අතර, කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකර ලබන ගායන ශිල්පිනී කේ. සුජීවාගේ සෞඛ්‍ය තත්ත්වය මේවන විට යහපත් අතට හැරෙමින් පවතින බව එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂ‍ාන් බෙල්ලන මහතා සඳහන් කළා.

ඇයට පැය 4ක පමණ ශල්‍යකර්මයක් සිදුකර ඇති අතර ඒ සඳහා වෛද්‍ය කණ්ඩායම් 5ක් එක්ව තිබෙනවා.

වෙඩි ප්‍රහාරයෙන් ඇයගේ වම් පාදයට දරුණු තුවාල සිදුව තිබුණා.

මේ අතර ක්ලබ් වසන්තගේ බිරිඳව හෝමාගම රෝහලේ සිට කළුබෝවිල රෝහලට මාරුකර යවා තිබෙනවා.

ඇයගේ තත්ත්වය බරපතළ බැවින් මේවන විටත් ඇය එහි දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

රෝහල්ගතව ප්‍රතිකාර ලබන අනෙක් දෙදෙනාගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වනවා.

මේ අතර, ක්ලබ් වසන්තගේ හා අනෙක් පුද්ගලයාගේ සිරුරු තවමත් හෝමාගම රෝහලේ තැන්පත් කර තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

දළදා වදින්න එන අය අඳුරගන්න ස්ටිකරයක්

'සිරි දළදා වන්දනාව' සඳහා මහනුවරට පැමිණ පෝලිමේ සිටින සැදැහැවතුන් හඳුනාගැනීම සඳහා විශේෂ ලාංඡනයක් ලබාදීමට පොලීසිය තීරණය කර තිබෙනවා. අද (23) රාත්‍රියේ සිටම මෙය ක්‍රියාත්මක කරනු...

තීරු බදු සාකච්ඡා සාර්ථකයි – අනුර

අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති 'ඉහළ තීරුබදු' සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සිදුකළ සාකච්ඡා සාර්ථක වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවයම ඒකාබද්ධ ප්‍රකාශයක් සිදුකිරීමට...

ටින් එක ගැන දැනුවත් කිරිමක්

තැන්පතු මුදල්  මත අයකෙරෙන රඳවා ගැනීමේ බද්දෙන් සහනය ලබාගැනීම සඳහා බැංකු හා මූල්‍ය ආයතන වෙත ඉදිරිපත් කළ යුතු ස්වයං ප්‍රකාශන, තමන්ට ටින් අංකයක් නොමැති...

POPULAR ARTICLES

දළදා වදින්න එන අය අඳුරගන්න ස්ටිකරයක්

'සිරි දළදා වන්දනාව' සඳහා මහනුවරට පැමිණ පෝලිමේ සිටින සැදැහැවතුන් හඳුනාගැනීම සඳහා විශේෂ ලාංඡනයක් ලබාදීමට පොලීසිය තීරණය කර තිබෙනවා. අද (23) රාත්‍රියේ සිටම මෙය ක්‍රියාත්මක කරනු...

තීරු බදු සාකච්ඡා සාර්ථකයි – අනුර

අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති 'ඉහළ තීරුබදු' සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සිදුකළ සාකච්ඡා සාර්ථක වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවයම ඒකාබද්ධ ප්‍රකාශයක් සිදුකිරීමට...

ටින් එක ගැන දැනුවත් කිරිමක්

තැන්පතු මුදල්  මත අයකෙරෙන රඳවා ගැනීමේ බද්දෙන් සහනය ලබාගැනීම සඳහා බැංකු හා මූල්‍ය ආයතන වෙත ඉදිරිපත් කළ යුතු ස්වයං ප්‍රකාශන, තමන්ට ටින් අංකයක් නොමැති...