29 C
Colombo
Sunday, October 1, 2023

ඖෂධ නිපදවීමේ ආර්ථික හැකියාවෙන් සිංහරාජය ලොව දෙවැනි තැන?

- Advertisement -

සිංහරාජයේ ගබඩාවී ඇති කාබන්වල වටිනාකම රුපියල් බිලියන 10ක් යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන හා පාරිසරික විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ප්‍රශාන්ති ගුණවර්ධන බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කර ඇත.

සිංහරාජයේ පැරැණි භූමි ප්‍රමාණය අනුව විශාලත්වය හෙක්ටයාර 11,000 ක් ලෙස යොදා ගෙන මෙම තක්සේරුව කර ඇත.

එහෙත් 2019 නොවැම්බර් 20 දිනැති අංක 2150/31 දරණ අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව සිංහරාජයේ විශාලත්වය හෙක්ටයාර 36,474.93ක් දක්වා වැඩි කළ බැවින් එහි නව වටිනාකම තවත් ඉහළ යැයි පැවැසේ.

පාරිසරික ආර්ථික විද්‍යාවේ දැනුම භාවිත කර සිංහරාජයෙන් ලැබෙන ප්‍රයෝජන කිහිපයක ආර්ථික වටිනාකම දැනටමත් තක්සේරු කර ඇතැයි අද ඒ අනුව අනාගතයේදී ඖෂධ නිපදවීමේ හැකියාවේ ආර්ථික වටිනාකම අතින් ලෝකයේ දෙවැනි තැන සිංහරාජ වනාන්තරයට හිමි වන්නේ යැයි ද මහාචාර්ය ප්‍රශාන්ති ගුණවර්ධන මහත්මිය වැඩිදුරටත් බී.බී.සී සිංහල සේවයට සඳහන් කර ඇත.

RECENT ARTICLES - SINHALA

උණුවතුර බොයිලේරුවකට ඇද වැටීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

උණුවතුර බොයිලේරුවකට ඇද වැටී ඉන්දියානු ජාතිකයෙකු ඊයේ (30) රාත්‍රියේදී මියගොස් ඇති බව වැලිපැන්න පොලිසිය පවසනවා. මෙසේ මියගොස් ඇත්තේ වැලිපැන්න, මීගම ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවක සේවය...

ළමා අපචාර සිදුවීම්වල වර්ධනයක්

දෛනිකව ළමා අපචාර සිදුවීම් 05 ක් පමණ වාර්තාවන තත්වයක් පවතින බව ළමා හා කාන්තා කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර මහත්මිය පවසනවා. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවති...

රේගුවට නව බඳවා ගැනීම් රැසක් ඉදිරියේදී

සහකාර රේගු අධිකාරීවරුන් 138ක් සහ රේගු පරීක්ෂකවරුන් 45ක් බඳවා ගැනීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. රුවන්වැල්ල, ගලපිටමඩ ප්‍රදේශයේ පැවති ආගමික...

POPULAR ARTICLES

ඉන්දියාව තුළ ආන්දෝලනයක් වූ විවාහය

උතුරු පන්ජාබ් ප්‍රාන්තයේ සමලිංගික යුවලකගේ විවාහ මංගලය්‍යක් හේතුවෙන් ඉන්දියාව තුළ විශාල ආන්දෝලනයක් හට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ, සමලිංගික විවාහ නීතිගත කිරීම පිළිබඳ ඉන්දීය ශේෂ්ඨාධිකරණය...

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට නියෝගයක්

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පුරප්පාඩු 4,718 ක් පිරවීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය ගත් පියවර වහා ක්‍රියාත්මක කරන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණය අද(27) නියෝග කර තිබෙනවා ඒ අදාළ බඳවා ගැනිම්වලට...

චීනය නිසා එකතු වූ මහින්ද,මෛත්‍රී,ගෝඨා

මහජන චීන සමූහාණ්ඩුවේ 74 වන ජාතික දින උත්සවය ඊයේ (28) කොළඹ ෂැන්ග්‍රීලා හෝටලයේදී පැවැත්වුණා. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු...