30.6 C
Colombo
Thursday, April 25, 2024

ශ්‍රී ලංකාව චීනයේ දේපළක්ද? වෙනත් රටවලට එහි ආයෝජන අවස්ථා අහිමි ද?

- Advertisement -

තමන් ලෝකයේ සියලුම රටවල් සමඟින් කටයුතු කිරීමට සූදානම් බවත් තමන්ගේ නොබැඳි ස්ථාවරය ආරක්ෂා කරගන්නා බවත් ශ්‍රී ලංකාව දිගින් දිගටම ලෝකය හමුවේ පවසන අදහසකි.

එහෙත් නැවත වරක් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සහ විපක්ෂයේ තවත් කුඩා දේශපාලන පක්ෂ කිහිපයක් එක්ව කෙරවලපිටිය එල්එන්ජී ව්‍යාපෘතිය අනවශ්‍ය එකක් බව පවසමින් එය ඇමෙරිකානු බලශක්ති සමාගමක් වන New Fortress Energy සමාගමට ලබාදීම සම්බන්ධයෙන් විරෝධය පළ කරනවා.

නමුත් එම ව්‍යාපෘතිය චීන සමාගමකට ලබා දීම සඳහා අවශ්‍ය කටයුතු සිදු සිදු කෙරෙමින් පවතිනවා. චීන සමාගම එකම ටෙන්ඩර්කරුවා වූ අතර ඔවුන්ගේ ලංසුව මේ වන විට තාක්ෂණික ඇගයීම් සඳහා යොමුකර තිබෙනවා. එමෙන්ම එම සමාගමට එල්එන්ජී බලාගාර ව්‍යාපෘතිය ලබා ගැනීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සහය ලැබෙන බවටද වාර්තා වනවා.

ඉතා සමීපව නිරීක්ෂණය කළහොත් ශ්‍රී ලංකාව තුළ Quad රටවල් ආරම්භ කරන ලද ව්‍යාපෘති බොහොමයක් අවලංගු කිරීමට හෝ දැඩි මතභේදාත්මක තත්ත්වයකට පත්වන බව දක්නට ලැබෙනවා. QUAD රටවල් චීනයේ වර්ධනය වෙමින් පවතින හමුදාම බලයට එරෙහිව කටයුතු කරන කණ්ඩායමක්. QUAD රටවල් වන ඉන්දියාව, ඇමරිකාව සහ ජපානය ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට යෝජිත ව්‍යාපෘති බොහොමයකට පසුගිය වසර කිහිපය තුළ ක්‍රමානුකූල විරෝධයක් එල්ල වුණා.

කෙරවලපිටිය විදුලි බලාගාරය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව දේශිය සමාගමකට ලබා නොදී චීන සමාගමකට ලබා දීමට එරෙහිව 2018 වසරේ දී වසරේ දී මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කෙරුණා. පෙත්සම ගොනු කරනු ලැබුවේ පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ විසින්. පෙත්සම්කරු ඉල්ලා සිටියේ කෙරවලපිටියේ මෙගාවොට් 300ක විදුලි බලාගාරය ඉදිකිරීමට අදාළ ටෙන්ඩර් කටයුතු ඉදිරියට කරගෙන යාම වැළැක්වීමේ අතුරු නියෝගයක් වගඋත්තරකරුවන්ට එරෙහිව ලබා දෙන ලෙසයි. එවකට විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා වූ රංජිත් සියඹලාපිටිය එම අමාත්‍යාංශයේ ලේකම් සුරේන් බටගොඩ සහ තවත් පාර්ශව කිහිපයක් මෙම පෙත්සමෙන් වගඋත්තරකරුවන් කර තිබුණා. පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි (වර්තමාන අධිකරණ අමාත්‍යවරයා) අධිකරණය හමුවේ සඳහන් කළේ විදුලිබල පනතට අනුව ටෙන්ඩරය ලබා දිය යුත්තේ අවම ලන්සුව ඉදිරිපත් කළ සමාගමට බවයි. නමුත් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා අධිකරණය හමුවේ සඳහන් කළේ දේශීය සමාගමක් අවම ලන්සුව ඉදිරිපත් කර තිබියදී ටෙන්ඩරය චීන සමාගමකට පිරිනැමීමෙන් සිදුවිය හැකි පාඩුව රුපියල් බිලියන 40 ක් බවයි. රුපියල අවප්‍රමාණය සැලකිල්ලට ගතහොත් එම පාඩුව රුපියල් බිලියන 80 දක්වා වැඩි වනු ඇති බව ද ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ කියා සිටියා.

කෙසේ වෙතත් මේ වනවිට විදුලි ඉංජිනේරු සංගමය පවසන ආකාරයට අනවශ්‍ය ව්‍යාපෘතියක් ලෙස හඳඅන්වනු ලබන නව බලාගාරය ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා ඇමෙරිකානු සමාගමක් ඉදිරිපත්ව සිටියදී තාක්ෂණික ඇගයීම් කමිටුව වෙත යොමු කර ඇත්තේ අදාළ චීන සමාගම ද යන්න නිශ්චිත නැහැ.

චීන සමාගම් ඉදිරිපත් කරන ආයෝජන ව්‍යාපෘති යෝජනා යෝජනා වලට සාපේක්ෂව බලන විට ඇමරිකාව ඉදිරිපත් කරන එවැනි යෝජනා සඳහා වෘත්තිය සමිති වෘත්තීයවලින් බොහෝ අවස්ථාවල දැඩි විරෝධයක් මෙන්ම ඒ සම්බන්ධයෙන් විවිධ සැක සංකා ද මතු කරනවා.

රට තුළ සිදු කර ඇති චීනයේ අති විශාල ආයෝජන සහ ලබා ගෙන ඇති ණය හේතුවෙන් ශ්‍රී ලංකාව භූදේශපාලනික සීතල යුද්ධයක පැටලී සිටිනවා.

මේ හේතුවෙන් ඇමරිකාව සහ ඉන්දියාව වැනි රටවල් සිදුකරන ආයෝජන ව්‍යාපෘති සඳහා වන සැලසුම් සහ පහසුකම් සැපයීමේ කටයුතු ආපසු හරවා ගැනීමට සිදුවීම හේතුවෙන් ශ්‍රී ලංකා රජයට එම රටවලට මුහුණ දීමට නොහැකිව දේශපාලනික අපහසුතාවකට පත්ව සිටිනවා.

මීට පෙර මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් වැඩසටහන යටතේ ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට ප්‍රදානයක් ලබා දීමට උත්සාහ කළ අවස්ථාවේ දී ද වෘත්තීය සමිති ඇමරිකානු විරෝධී උගතුන් සහ ජාතිකවාදීන් විසින් දැඩි විරෝධයක් එල්ල කරනු ලැබුවා . දීර්ඝ විවාදයකින් අනතුරුව එම්සීසී පාලක මණ්ඩලය තීරණය කළේ ශ්‍රී ලංකාව සඳහා යෝජිත රුපියල් බිලියන 89ක මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් සංවර්ධන ආධාරය නතර කිරීමටයි. එය නිල වශයෙන් පිළිගන්නා ලද ප්‍රදානයක් වුවත් වෘත්තිය සමිති සහ දේශපාලන කණ්ඩායම් එල්ල කළ විරෝධය හේතුවෙන් එම වැඩපිළිවෙළ අත්හිටවනු ලැබුවා.

ඇමරිකාව, ශ්‍රී ලංකාවට ලබා දී ඇති දායකත්වය අතිමහත්. සිය ධුර කාලය අවසන් කොට පිටත්ව යන ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ඇලයිනා බී ටෙප්ලිට්ස් සිහිපත් කළේ ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ සහ සහ අනෙකුත් ද්‍රව්‍ය ලක්ෂ පහක් පමණ ඉවත් කිරීමට ඇමරිකාව දායක වූ බවයි. එමෙන්ම ශ්‍රී ලංකාවට මෑතකදී ප්‍රදානය කෙරුණු ඇමරිකානු ඩොලර් මිලියන 1.5 ක මොඩර්නා සහ ෆයිසර් මාත්‍රා ලක්ෂය සම්බන්ධයෙන්ද ඇය සිහිපත් කළා. එමෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වයේ නිරතව සිටින කාන්තාවන් මූල්‍යනය කිරීම වෙනුවෙන් ඇමරිකාව ඩොලර් මිලියන 265 ක මුදලක් මෙරට ප්‍රමුඛ පෙළේ පෞද්ගලික බැංකු ත්‍රිත්වයකට ලබාදී තිබෙනවා. පසුගිය වසර 12 ක කාලය තුළ ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන වෙළෙඳපොළ වන්නේ ද ඇමරිකා එක්සත් ජනපදයයි. ශ්‍රී ලංකාවේ වාර්ෂික අපනයන ප්‍රමාණය වන ඩොලර් බිලියන 10 භාණ්ඩ අතුරින් ඩොලර් බිලියන 2.5ක්ම අපනයනය කර ඇත්තේ ඇමෙරිකාව වෙතයි.

කෙසේවෙතත් New Fortress Energy සමාගම ශ්‍රී ලංකා රජය සමඟ කෙරවලපිටිය එල්එන්ජී බලාගාරය සංවර්ධනය කිරීම සඳහා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමත් සමඟ ඊට එරෙහිව ලංකා විදුලි ඉංජිනේරු සංගමය දැඩි විරෝධයක් එල්ල කළේ එය ශ්‍රී ලංකා රජය, විශේෂයෙන්ම මුදල් අමාත්‍යාංශය ගත් තාවකාලික තීරණයක් ලෙස පවසමින්.

නමුත් මේ සඳහා ඇමරිකානු සමාගමක් සහ දේශීය සමාගමක් එක්ව අවශ්‍ය මූලික අඩිතාලම සකස් කර තිබුණේ 2021වසරේ අයවැය ඉදිරිපත් කිරීමටත් සති කිහිපයකට පෙරයි.

ශ්‍රී ලංකාවට ලබා ගත හැකි ලබාගත හැකි ප්‍රතිලාභ ඉහළ නංවා ගැනීම සඳහා විධිමත් ටෙන්ඩර් පටිපාටි අනුගමනය කරන ලෙස එක්සත් ජනපද තානාපතිනිය නිරන්තරයෙන් ශ්‍රී ලංකා රජය දිරි ගන්වනු ලැබුවා. ඒ හරහා ව්‍යාපෘතියේ තිරසාරභාවය, ඉහළ ගුණාත්මකභාවය සහ ලාභදායී බව ආරක්ෂා කර ගැනීමට හැකිවන බවද ඇය පෙන්වා දී තිබෙනවා මෙය ප්‍රධාන වශයෙන්ම චීන ව්‍යාපෘති ඉලක්ක කල ඉඟියක් ලෙස සැලකිය හැක්කේ බොහෝමයක් චීන ව්‍යාපෘතිවල පාරදෘශ්‍යභාවය නොමැතිවීම හේතුවෙන්.

New Fortress Energy සමාගම පසුගිය ජූලි 08 වනදා නව එල්එන්ජී පර්යන්තයක් ඉදිකිරීමේ මූලික ගිවිසුමට ශ්‍රී ලංකාව සමග එලැඹුණා. කෙරවලපිටිය බලාගාර සංකීර්ණයේ මෙගාවොට් 350ක ගෑස් බලාගාරයක් ඉදිකිරීමේ අවබෝධතා ගිවිසුමට ඇමෙරිකානු සමාගම සහ යුගදනවි සමාගම එළැඹුණේ පසුගිය ජූලි 31 වනදායි.

කෙසේ වෙතත්, ව්‍යාපෘතිය ඇමෙරිකානු සමාගමට පිරිනැමීමට එරෙහි විරෝධය උත්සන්න වෙමින් තිබෙනවා.

ව්‍යාපෘතිය චීනයට පැවරීමේ අවදානම හොඳින් අවබෝධ කර ගත්තේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂයි.

ඔහුගේ භූදේශපාලනික ඥානය මේ මොහොතේ පෙන්වා දී ඇත්තේ කවර තත්ත්වයක් යටතේ වුවද ඇමරිකාවට ව්‍යාපෘතිය ලබා දිය යුතු බවයි.

එසේ නොවුණොත් ඉන්දු-පැසිෆික් කලාපය සම්බන්ධයෙන් එක්සත් ජනපදය සහ චීනය අතර ආතතිය වැඩි වෙමින් පවතින අවස්ථාවක, එක්සත් ජනපදය මග හැරීම ඔවුන් සමඟ සියුම් යුද්ධයකට ආසන්න පියවරක් විය හැකියි.

මෑතකදී කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය (ඊසීටී) ඉන්දියාවට සහ ජපානයට 51% ක් සහ 49% ක කොටස් ගිවිසුමක් යටතේ භාර දීමට සූදානම් වූ අවස්ථාවේ වරාය වෘත්තීය සමිති දැවැන්ත වැඩ වර්ජනයක් දියත් කළා.

එසේ වුවත් චයිනා මර්චන්ට්ස් පෝර්ට් හෝල්ඩින්ග්ස් සමාගමට 85% ක කොටස් අයිතිය ඇතිව අවුරුදු 35 කට කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්ත බදුදීමේදී කිසිදු විරෝධතාවක් හෝ වර්ජනයක් දියත් නොවීම විශේෂත්වයක්.

කොළඹ ජාත්‍යන්තර බහලුම් පර්යන්තය (CICT) නැගෙනහිර පර්යන්තයට යාබදව තිබූ අතර ඉන්දියාව ද CICT ගනුදෙනුව ගැන කලකිරීමට පත් වුණා.

වෘත්තීය සමිති විරෝධතාවක් හේතුවෙන් ඊටීසී ගනුදෙනුව අවලංගු කිරීම ඉන්දු-ශ්‍රී ලංකා සබඳතා බිඳවැටීමට හේතු වුණා.

ඉන්දියාව ප්‍රශ්න කළේ වෘත්තීය සමිතිවලට ආණ්ඩුවේ යෝජනා මේ ආකාරයට නතර කළ හැකිද යන්නයි? එයට වෘත්තීය සමිතිවලට දොස් පැවරීම හැර ශ්‍රී ලංකාවට පිළිතුරක් නොමැති විය.

ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති, ඊසීටී ගිවිසුමට එරෙහි විරෝධතා කරා මෙහෙයවීම හා ඊට අරමුදල් සැපයීම සිදුකලේ චීනය බවට ඉන්දියාව දැඩි මතයක් ද දැරුවා.

එක්සත් ජනපදය ඉන්දු – පැසිෆික් කලාපය පිළිබඳව වැඩි අවධානයක් යොමු කර ඇති අතර ශ්‍රී ලංකාවද එහි කොටසක්.

එක්සත් ජනපදය ජනාධිපති ජෝ බයිඩන් චීනය දෙසට නැඹුරු වී සිටින රටවල් පිළිබඳව අතිශයින්ම කල්පනාකාරී වන හෙයින් චීනය හැසිරවීමේදී ශ්‍රී ලංකා රජය වඩාත් ප්‍රවේශම් සහගත විය යුතුව තිබෙනවා.

හම්බන්තොට වරාය සහ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ යන දැවැන්ත ආයෝඡන, ව්‍යසනයක් වී ඇත්තේ ශ්‍රී ලංකා රජය ආපසු ගෙවිය යුතු විදේශ ණය ප්‍රමාණය රට ඉපැයූ සමස්ත ආදායම ද ඉක්මවාගොස් තිබීම හේතුවෙන්.

එවැනි වාතාවරණයක් තිබියදී රජය විසින් රජයට අයත් ඉඩම් පුද්ගලික අංශයට විකිණීම අඛණ්ඩව සිදු කෙරෙන අතර බොහෝ ඉඩම්වල අයිතිය හිමි කරගෙන ඇත්තේ China Communication Construction සමාගමයි.

මේ අතර හම්බන්තොටට අමතරව වරාය නගර ව්‍යාපෘතිය හේතුවෙන් කොළඹ නගරය ද මේ වනවිට තවත් චීන ජනපදයක් බවට පත් වෙමින් තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

සන්නස්ගලට ඇප

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනුණු හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල මහතාව ඇප මත මුදාහැර තිබෙනවා. කඳාන...

අමරවීරගෙන් මිලියන 1000ක් ඉල්ලා මෛත්‍රීගෙන් එන්තරවාසියක්

මාධ්‍ය ඔස්සේ සිදුකරන ලද ප්‍රකාශයක් හේතුවෙන් සිදුවූ අපහාසය වෙනුවෙන් වන්දි මුදලක් ඉල්ලා සිටිමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත...

සාමාන්‍ය පෙළ උපකාරක පන්ති හා සම්මන්ත්‍රණ ගැන දැනුම්දීමක්

අධ්‍යායන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. එම...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...