27 C
Colombo
Saturday, June 10, 2023

බිලිපූජාවක් තියන්නද මේ ලෑස්ති වෙන්නේ?

- Advertisement -

රට වැසීමට කටයුතු නොකරන්නේ බිලි පූජාවක් පැවැත්වීමටදැයි සැක පහළ වන බව සමගි ජන බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රි මනුෂ නානායක්කාර මහතා පවසනවා.

සෞඛ්‍ය අංශ පවසන්නේ නම් රට වසන බව පවසන රජය සෞඛ්‍ය අංශ දිගින් දිගටම රට වසන්නැයි ඉල්ලීම් කරමින් පැවතියත් රට වසා කොවිඩ් පාලනය කරන බවක් නොපෙනෙන බවයි ඔහු පවසන්නේ.

මනුෂ නානායක්කාර මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (18) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්.

කොරෝනා රෝගීන් වාර්තාවීම සම්බන්ධයෙන් ආණ්ඩුව දිනපතා වැරදි දත්ත ඉදිරිපත් කරමින් සිටින බවත්, වැරදි දත්ත ඉදිරිපත් කළ බව පෙන්වා දෙන ඒ මහතා වැරදි දත්ත ඉදිරිපත් කරන මාධ්‍යවේදීන්ට ක්‍රියාත්මක වන නීතිය අදාල නිලධාරීන්ටද ක්‍රියාත්මක කර ඔවුන්ව ලධාරීන් අත්අඩංගුවට ගන්නේදැයි විමසා සිටිනවා.

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

”අද වන විට කොරෝනා තත්වය බරපතල ලෙස ජනතාවගේ ජන ජීවිතයට මෙන්ම ජීවිතවලට බලපෑම්කරමින් සිටිනවා. කොරෝනා අර්බුදයට ගත යුතු පියවර ගැන 2020 අවුරුද්ද ආරම්භයේදීම විපක්ෂනායකවරයා කතා කරන විට ආණ්ඩුව ඒ ගැන උපහාසයෙන් කතා කළා මිස එයට අවශ්‍ය පියවර ගත්තේ නැහැ. ඉක්මනින් වැක්සින් එක ගේන්න ඕන කියන විට අපිට උවමනා වෙලාවට ඒක ගේන්නම් කියලා වහසිබස් දෙඩවූවා. ඉක්මනින් එන්නත ගේන්න කියලා කියන විට පැණි මුට්ටි ගඟට දැමූ ආණ්ඩුව පැණි පොවන්න උත්සාහ කළා. එන්නත්කරණය ප‍්‍රමාද කිරීමට කටයුතු කළා.

දැන් මැරෙන්නේ හැටට වැඩි අය කියලා ආණ්ඩුව කියනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය එන්න්තකරණයේ ප‍්‍රමුඛතා ලේඛනයක් ඉදිරිපත් කළා. කොවිඩ් ව්‍යාප්තිය නතර කිරීමට කටයුතු කරන වෛද්‍ය අංශයේ අයට, ආරක්ෂක අංශයේ අයට මුලින්ම එන්නත දෙන්න කියලා කිව්වා. ඉන් පසුව වයස්ගත පුද්ගලයාගේ සිට එන්නත් කරන්න කියලා කිව්වා. ඒත් ලංකාවේ පැණි පොවමින් ඉදලා, මුට්ටි ගගට දමමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ නොතකා කටයුතු කළා. තමන්ගේ හිතවතුන් ඉන්න ක්ෂේත‍්‍රවලට මුලින් එන්නත දුන්නා. ප‍්‍රතිපත්තියක් ලෙස හැටට වැඩි අයට එන්නත ගැහුවේ නැහැ.

අද මැරෙන අයගෙන් බහුතරය එන්නත් දෙකම ගහපු නැති අය නම් ඒකේ වරද කාගේද? එන්නත මිනිස්සුන්ට කඩෙන් අරගෙන ගහන්න බැහැනේ. එන්නත නොගැසීම නිසා සිදුවන සෑම මරණයකටම ආණ්ඩුව වගකිව යුතුයි. ඒ විතරක් නෙමෙයි, ආණ්ඩුවේ සංඛ්‍යාලේඛන අනුව හැටට වැඩි අය වැඩියෙන් මැරෙන බව ආණ්ඩුවේ සංඛ්‍යාලේඛනවලින් පෙන්වනවා. එහෙනම් හැටට වැඩි අයට එන්නත ගහන්නේ නැහැ කියලා තීරණයක් ගත්තේ කවුද? ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශවලට පිටින් ගිහින් හැටට වැඩි අයට එන්නත් නොගැසුවේ මේ උද්දච්ච ආණ්ඩුවයි. වෛද්‍ය නිර්දේශ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ පැත්තකට දාලා තමයි කටයුතු කළේ.”

RECENT ARTICLES - SINHALA

ජංගම දුරකථන සහ උපාංග වල මිල 20% කින් අඩු වන ලකුණු?

ජංගම දුරකථන සහ උපාංග වල මිල සියයට 20 කින් පමණ අඩු කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන සහ...

කිරින්ද වෙරළේදී තරුණියන් දෙදෙනෙකු රළ පහරට හසුවෙයි

කිරින්ද විහාරය ආසන්නයේදී මුහුදු රළ පහරට හසුවීමෙන් තරුණියක් අතුරුදහන්ව තවත් තරුණියක් මියගොස් තිබෙනවා. අද (09) උදෑසන කාලයේදී තරුණියන් තිදෙනෙකු...

විදේශගත ශ්‍රමිකයින්ගෙන් ඩොලර් මිලියන 480 ක්

මැයි මාසයේදී විදේශගත ශ්‍රමිකයන් මෙරටට ඩොලර් මිලියන 480 කට වැඩි මුදල් ප්‍රමාණයක් එවා ඇති බව කම්කරු හා විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

RECENT ARTICLES - ENGLISH

Consideration of ‘Casino Bill’ postponed until regulatory authority established

0
Consideration of Betting and Gaming Taxes (Amendment) Bill postponed until timeline for establishing regulatory authority is worked out, the Committee on Public...

Ajith Prasanna sentenced another six months RI

0
Major (Retired) Ajith Prasanna has been sentenced to six months of rigorous imprisonment by the Court of Appeal. This...

Danushka Gunathilaka to stand trial accused of raping woman in Sydney

0
Cricketer Danushka Gunathilaka will stand trial accused of raping a woman while in Sydney for the T20 World Cup.