30.5 C
Colombo
Wednesday, April 24, 2024

පිටතට යන්න එන්නත් කාඩ් පත අනිවාර්යය ද?

- Advertisement -

සමාජයේ තෝරාගත් ස්ථානයන් සඳහා ඇතුළු වීමේදී කොවිඩ් මර්දන එන්නත් කාඩ් පත පෙන්වීම අනිවාර්යය කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව සෞඛ්‍ය අංශ පවසනවා.

නමුත්, එවැනි තීරණයක් ගැනීමට ඇති හැකියාව පිළිබඳ සොයාබැලිය යුතු බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර අදහස් දැක්වූ වෛද්‍ය හේමන්ත හේරත් මහතා,

“මේක සාකච්ඡා වෙමින් පවතිනවා. නමුත් මේක මම කලිනුත් කියලා තියෙනවා මේකේ තියෙන ප්‍රායෝගික තත්ත්වය. මෙම ලබාදී ඇති එන්නත් කාඩ් පත ප්‍රායෝගිකව එවැනි කාර්යක් සඳහා ප්‍රයෝජනයට ගත හැකි ද? එවැනි දෙයක් කිරීමට අපිට නීතිමය වශයෙන් කොයි ආකාරයේ හැකියාවක් ද තියෙන්නේ. සමහර වෙලාවට පුද්ගලයින්ගේ අයිතීන් පිළිබඳව ප්‍රශ්න සාකච්ඡා වෙනවා. මේවා ආමන්ත්‍රණය කරමින් තමා මෙවැනි ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරන්න වෙන්නේ. අවශ්‍ය කරන විදියට වාතාවරණය ගොඩනැඟුණොත් සමහර විට ඉදිරියේ දී ඒක ක්‍රියාත්මක වේවි. නමුත් නුදුරු අනාගතයේ එවැනි දෙයක් ක්‍රියාත්මක කරන්න තීරණයක් ගෙන නෑ.”

RECENT ARTICLES - SINHALA

යළි හිස ඔසවන මැලේරියාව

2024 වසරේ මේ දක්වා කාලය තුළ මැලේරියා රෝගීන් 09 දෙනෙකු වාර්තා වී ඇති බව මැලේරියා මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ පුබුදු චූලසිරි මහතා පවසනවා. අද...

Fox Hill ධාවකයින් දෙදෙනාට ඇප

ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් තරගාවලියේදී පුද්ගලයින් හත් දෙනකුට මරු කැඳවමින් සිදුවූ අනතුරට අදාළව අත්අඩංගුවට ගත් ධාවකයින් දෙදෙනා ඇප මත මුදාහැර තිබෙනවා. ඔවුන්ව බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත...

විජේදාසට හා මිත්‍රපාලට එරෙහිව වාරණ නියෝගයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. එසේම පක්ෂයේ ප්‍රධාන...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...