28.4 C
Colombo
Friday, April 26, 2024

මහින්දට චීන සමාගමකින් සල්ලි දුන්නා කිව්ව The New York Times පුවත්පතට නඩු දැම්මද? – අනුර

- Advertisement -

ගෝඨාභය රාජපක්ෂ ජනාතිපතිවරයාගේ, මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාගේ, බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයාගේ ඥාති සොයුරියක් විශාල ධනස්කන්ධයක් හෙළිදරව් නොකොට සඟවාගෙන ඇති බව පැන්ඩෝරා පත්‍රිකා හරහා හෙළිදරව් වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඒ, ඊයේ (04) දින මාධ්‍ය අමතමින්.

පැන්ඩෝරා පත්‍රිකා හරහා හෙළිවූ සියලුම පාකිස්ථානු වැසියන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා පැවසුවද මෙරට පාලකයින් ඒ සම්බන්ධයෙන් නිහඬව සිටින බවයි අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ.

“ජනාතිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා හො මුදල් අමාත්‍යවරයා මේ සම්බන්ධව මුකුත් කියන්නෙ නෑ. මොකද, මේ ඔවුන්ගේ ඥාතීන්. මේ තිරු නඩේෂන් කියන්නේ කවුද? මම මීට පෙරත් සඳහන් කරලා තියෙනවා, බැසිල් රාජපක්ෂට අයත් යැයි නඩු තියෙන මල්වානේ නිවසේ ඔප්පුව තිබුණේ තිරු නඩේෂන්ගේ නමට.

2015 ජනවාරි මාසයේ 8වනදා පාන්දර 3ට විතර රනිල් වික්‍රමසිංහ යනවා මහින්ද රාජපක්ෂගේ නිවසට. යන්නේ තිරු නඩේෂන් එක්ක, බලය හුවමාරුව පිළිබඳ සාකච්ඡාවට. තිරු නඩේෂන් හෝ නිරූපමා රාජපක්ෂ මේ චෞර වළල්ලෙන් එළියෙ ඉන්න අය නෙවෙයි. මේ ඒ වළල්ලේම අයගේම ධනයද කියන එක ගැන අපිට ඉතාම සාධාරණ සැකයක් තියෙනවා.

මේ පළමු අවස්ථාව නෙවෙයි. ඉමාඩ් සුබේරි කියන සීඅයිඒ නියෝජිතයා ඇමරිකා එක්සත් ජනපදය අවුරුදු 12කට හිරේ දැම්මා. එතනදී වාර්තා උනා ඔහුට 2013-14 වසර වලදී එවකට මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් කැබිනට් අනුමැතියකින්ද තොරව ඩොලර් මිලියන 6.5ක් ගෙවූ බව.

මීට කලින් ඔබට මතක ඇති, ඇමරිකාවේ නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ මහත්තයා ඉලක්ක කරගෙන ඩොලර් මිලියන 7කට ආසන්න මුදලක් ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයට චීන සමාගමක් විසින් ලබා දුන් බවට පුවතක් පලකරාම අග්‍රාමාත්‍යවරයා කිව්වා ඒ පුවත්පතට නඩුදානවා කියලා. අහන්න කවදාහරි හම්බුනාම නඩුව කොහොමද කියලා.

ලෝකෙ දූෂිත ගණුදෙනු එලියට එද්දි ලංකාවේ නම් එලියට එන එක සාමාන්‍ය වෙලා. ඔබ හිතන්න මේක දූෂිත රාජ්‍යයක් නෙවෙයි ද?” යැයි ඔහු පවසනවා.

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...