අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වන වසන්ත මුදලිගේ මහතා සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යවල දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.
ඒ ඔහු සිය මිතුරෙකු සමඟ කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයට ගොස් සිටින බවට සදහන් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යවල හුවමාරුවීමත් සමඟයි.
මේ සම්බන්ධයෙන් වසන්ත මුදලිගේ හට තදබල විවේචන එල්ලවී ඇති අතර ඉන් බොහොමයකම නිර්දය ලෙස සටහන් කර තිබුණේ වසන්ත මුදලිගේ වැනි අයෙකු හට එවන් ස්ථානයකට යා නොහැකි බවයි.
News19.lk මේ පිළිබදව කළ සොයා බැලීමේදී වාර්තා වූයේ අදාළ ඡායාරූපවල දැක්වෙන ස්ථානය කොළඹ ෂැන්ග්‍රිලා හෝටලය නොව කොළඹ One Galleface Mall හී ආපන ශාලා පවතින ස්ථානය බවයි.
මෙම ස්ථානයට ගොස් ඇති අයෙකු අවට ඇති දෑවලින්ම පහසුවෙන් එය ෂැන්ග්‍රිලා හෝටලය නොවන බවට හදුනා ගත්තද එම ස්ථානයට ගොස් නොමැති අයෙකු එය ෂැන්ග්‍රිලා බවට පැවසෙන නොමඟ යවන සටහන්වලට පහසුවෙන් හසුවිය හැකියි.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් වසන්ත මුදලිගේ සමඟ මෙම ස්ථානයට ගිය අනෙක් සඟයා වන නුවන් ළහිරු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් යොදා තිබුණා.
ඉන් කියැවුණේ පසුගියදා කොළඹ එල්ෆින්ස්ටන් රඟහලේ වේදිකාගත වූ අසංක සායක්කාරයේ ‘කොටු ‘ වේදිකා නාට්‍යය නැරඹීමෙන් අනතුරුව වැසි සහිත කාළගුණයක් පැවති අවස්ථාවේදී තමන් හා වසන්ත මුදලිගේ One Galleface Mall වෙත ගොඩවූ බවයි.
අරගලය පැවති සමයේදී මෙම ස්ථානයට දිනකට තුන් හතර වතාවක් වැසිකිලි අවශ්‍යතා සඳහා සහ මුහුණ සේදීමට පැමිණි බවත් එම මතකයන් අලුත් කරමින් එහි ඇවිද ගිය බවත් නුවන් ළහිරු සටහන් කර තිබුණා.
එහි ආපන ශාලාවලින් එක් ආපන ශාලාවකින් අයිස්ක්‍රීම්ද කෑ බවත් එම ස්ථානයේදී යම් කිසි අයෙකු වසන්තගේ ඡායාරූප ගෙන සමාජ මාධ්‍යයන්හී වෛරය පතුරවන ආකාරයෙන් ප්‍රචාරය කර ඇති බවත් ඔහු සටහන් කර තිබුණා.
එම සටහන පහතින්,
