ISIS සංවිධානයේ ජම්මු කාශ්මීර ප්‍රාන්තයේ නායකයා ලෙස කටයුතු කළ උමාර් නිසාර් බාත් හෙවත් කාසිම් කොර්ෂානි ඉන්දීය බුද්ධි සේවා මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
එරට මාධ්‍ය වාර්තා කළේ ජම්මු කාශ්මීරයේ අනන්තබාග් ප්‍රදේශයේ අචාබාල්හිදී තවත් සගයන් දෙදෙනෛකු සමග මොහු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ප්‍රහාර මෙන්ම අවිආයුධ මිලදී ගැනීම ඇතුලු ත්‍රස්ත ක්‍රියාකාරකම් රැසකට මොහු වගකිය යුතු බව ඉන්දීය ආරක්ෂක අංශ සදහන් කර තිබේ.
සංවිධානයයට සාමාජිකයන් බදවා ගැනීම සදහා මොහු විසින් ඇප් (App), නව මාධ්‍ය ජාලා මෙන්ම සගරා ආදී මාධ්‍ය රැසක් යොදා ගන ඇති බවටද තොරතුරු අනාවරණය වී ඇතැයි ඉන්දීය බලධාරීහු පවසති.