32 C
Colombo
Sunday, June 4, 2023

පොලිසියෙන් කොරෝනා බෝවෙන්නෙ නැද්ද?

- Advertisement -

පසුගිය දින කිහිපය තුළ පැවති උද්ඝෝෂණවලට අදාලව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ව​න වසන්ත කුමාර මුදලිගේ මහතා පොලීසිය අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ (06) අළුයම රත්මලාන ප්‍රදේශයේදීයි.

එහිදී, ඔහු ගමන් ගනිමින් සිටි ත්‍රීරෝද රථය නැවැත්වූ සිවිල් ඇඳුමින් සිටි පිරිසක් ඔහුව රැගෙනයාමට තැත් කිරීමේදී ඔහු ඊට විරෝධය පළකර සිටියා.

එහිදී එම ස්ථානයට මුඛාවරණයක්වත් නොමැතිව පැමිණි උසස් පොලිස් නිලධාරියෙකු විසින් ඔහුව ජීප් රථයක් වෙත ඇදගෙන ගිය අතර එහිදී වසන්ත කුමාර මුදලිගේ මහතා තමන්ව පැහැරගෙන යන්නේ මන්දැයි පොලිස් නිලධාරීන්ගෙන් විමසා සිටියා.

කෙසේ නමුත්, අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුව අගෝස්තු 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරනු ලැබුවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසන්නේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ව​න වසන්ත කුමාර මුදලිගේ ඇතුළු පිරිස නිරෝධායන නීති කඩකර ඇති බවයි.

වරද එසේ නම්, පොලිසියට පැමිණෙන්නයැයි දැනුම් දීමට හැකිව තිබියදී මුඛාවරණද නොපැළඳ, සිවිල් ඇඳුමින් පැමිණ, පුද්ගලයෙක් ගමන් ගන්නා රථයෙන් එලියට ඇදගැනීමට පොරකමින් නිරෝධායන නීති කඩකරමින් හැසිරුණු පොලිස් නිලධාරීන් සිරගත කිරීමටද කටයුතු කරන්නේද යන්න දෙස අප සාවධානව බලා සිටිය යුතු වේ.

නිරෝධායන නීති කඩ කරන්නන් අත් අඩංගුවට ගැනීමට පැමිණෙන තමන්ට නිරෝධායන නීති කඩකළ නොහැකි බවද, තමන් නීතියට ඉහළින් නොසිටින බවද පොලිසිය දැනුවත් බව අප නිගමනය කරන අතර නිරෝධායන නීතිය පවතින්නේ රටේ ජනතාවගේ ආරක්ෂාවට බැවින් එම මූලික විනයවත් ජනතාව පොලිසියෙන් අපේක්ෂා කිරීම අසාධාරණ නොවේ

නොඑසේනම්, පසුගිය දිනක මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම විසින් පොලිස් මාධ්‍යප්‍රකාශකවරයාගෙන්ම විමසූ ආකාරයට, පොලිසිය නීතිපොත් දෙකක් අතැතිව කටයුතු කරන්නේද යන්න විමසීමට අපට සිදුවේ.

උද්ඝෝෂණයේ යෙදී සිටින පිරිස් පහරදුන්නද කරබාගෙන සිටින ලෙස පොලිස් නිලධාරීන්ට උපදෙස් දී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (06) ප්‍රකාශ කර තිබියදී පොලිස් නිලධාරීන් මෙලෙස කටයුතු කරන්නේ ඇමති නියෝගත් නොසලකමින්ද යන ගැටළුවද මෙහිදී අපට මතුවේ.

එමෙන්ම, ප්‍රභලයන්, සහ රජයට සමීප මාධ්‍ය ආයතන ප්‍රසිද්ධියේම නිරෝධායන නීති කඩකරන විට එම මාධ්‍ය ප්‍රධානීන් හෝ ධම්මික සිය පැණිය බෙදන විට දකස් ගණන් ජනතාව පොරබදන විට ධම්මිකව හෝ අත්අඩංගුවට ගැනීමට නිරෝධායන නීතිය ක්‍රියාත්මක නොවූ බවද අප සිහිපත් කළ යුතුව ඇත.


RECENT ARTICLES - SINHALA

දිස්ත්‍රික්ක තුනකට අවදානම් නිවේදන

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නායයෑමේ අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව බදුල්ල, ගාල්ල සහ  කලුතර...

හොරුන්ගෙන් යැපෙන ජනාධිපති හොරු අල්ලන්නේ නෑ- සජිත්

හොරුන්ගෙන් යැපෙන නායකයෙකුට හොරු ඇල්ලීම සිදුකල නොහැකි බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ, උදාවක ඇරඹුම වැඩසටහන යටතේ තිස්සමහාරාම...

සිසුන් 31කට යාපනය විශ්වවිද්‍යාලය තහනම් වෙයි

යාපනය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් 31 දෙනෙකුට එම විශ්වවිද්‍යාලයට ඇතුළුවීම තාවකාලිකව තහනම් කර තිබෙනවා. ඒ, එම විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන...

RECENT ARTICLES - ENGLISH

Excellent win for Sri Lanka

Sri Lanka defeated Afghanistan by 132 runs in 42.1 overs in the second one-day international against Afghanistan. Afghanistan were...

Risk notices for three districts

0
Landslide warnings have been issued in three districts due to inclement weather. According to the National Building Research Organization,...

Jaffna University bans 31 students

A total of 31 students studying at the University of Jaffna have been temporarily barred from entering the university.