26.7 C
Colombo
Monday, July 21, 2025

ඊශ්‍රායල ප්‍රහාර: දින 9කදී ඉරානයේ 400ක් මිය ගිහින්

- Advertisement -

ඊශ්‍රායල ප්‍රහාර ආරම්භ කළ ජුනි 13 වන දින සිට ඉරානයේ පුද්ගලයින් 400 කට වැඩි පිරිසක් මිය ගොස් 3000ක් පමණ තුවාල ලබා ඇති බව ඉරානය පවසනවා.

ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පවසන්නේ ඇමරිකා එක්සත් ජනපදය ඊශ්‍රායලයේ ආක්‍රමණශීලීත්වයට සම්බන්ධ වුවහොත් එය සෑම කෙනෙකුටම ඉතා භයානක වනු ඇති බවයි.

මේ අතර, ඉරානය න්‍යෂ්ටික අවියක් ගොඩනඟන බවට කිසිදු සාක්ෂියක් නොමැති බව ප්‍රකාශ කිරීම වැරදි බව පවසමින් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ ජාතික බුද්ධි අධ්‍යක්ෂ තුල්සි ගැබාර්ඩ්ට ප්‍රසිද්ධියේ බැණ වැදී තිබෙනවා.

මේ අතර, ඊශ්‍රායලය විසින් ඉරානයේ  න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට අඛණ්ඩව එල්ල කරන ප්‍රහාරවලින් යම් බලපෑමක් ඇති වුවහොත් ඉන් පීඩාවට පත් වන පුද්ගලයින්ට ප්‍රතිකාර කිරීමට සූදානම් බව ඉරානයේ නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය අලි ජෆාරියන් සඳහන් කරනවා.

ඊශ්‍රායලය සාම්ප්‍රදායික නොවන අවි භාවිතා කරන බවට තවමත් වාර්තා වී නොමැති වුවත් න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක ඉලක්ක කර ගත් අවස්ථාවක න්‍යෂ්ටික කාන්දුවකට මුහුණ දීමට  සූදානම් බව ඔහු අවධාරණය කර තිබෙනවා.(අල්ජසීරා)

RECENT ARTICLES - SINHALA

ලෝක ටෙස්ට් ශූරතාවේ අවසන් තරඟ තුනක සත්කාරක රට මෙන්න

ලෝක ටෙස්ට් ශූරතාවේ එළැඹෙන අදියර (2027) ඇතුළුව 2029 සහ 2031 වර්ෂන්හි පැවැත්වෙන අවසන් මහා තරග සඳහා ද සත්කාරක රට ලෙස එංගලන්තය නම්කර තිබෙනවා. 2027 අදියරේ...

කොල්ලුපිටියේ සමාජ ශාලාවක දී වෙඩිතැබීමට ගත් උත්සහයක් ව්‍යර්ථ වෙයි

කොල්ලු‍පිටිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක් තුළදී පාතාල කල්ලි සාමාජිකයෙකු ඉලක්ක කර වෙඩි තැබීම සඳහා පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකුට එම රාත්‍රී සමාජ ශාලාවේ ආරක්ෂකයින් පහර දී...

හොර පාස්පෝට් එකකින් රට පනින්න ගිය අයෙක් අත්අඩංගුවට

ව්‍යාජ ලෙස සකස් කළ බ්‍රිතාන්‍ය ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කරගනිමින් ජපානය, තුර්කිය හරහා යුරෝපය වෙත යාමට උත්සහ කළ ඉරාන ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී...

POPULAR ARTICLES