24.5 C
Colombo
Tuesday, June 17, 2025

ඊශ්‍රායල ජාතිකයින් කරන ඉදිකිරීම්වලට අවසර දීලා නැහැ – හරිනි

- Advertisement -

ඊශ්‍රායල ජාතික ආගමික මධ්‍යස්ථාන හෝ ඒ සමාන ස්ථාන ගොඩනැගීම සඳහා රජයේ කිසිදු ආයතනයකින් අවසරයක් ලබාදී නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා අද (08) පාර්ලිමේන්තුවේදී යොමුකළ ප්‍රශ්නයක පිළිතුරු දෙමින් ඇය ඒ බව සඳහන් කළාය.

“ඊශ්‍රායල ජාතිකයින් ආගමික මධ්‍යස්ථාන හෝ ඒ සමාන ස්ථාන ගොඩනැගීම සඳහා මේ දක්වා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය හෝ ඒ යටතේ පවතින දෙපාර්තමේන්තු මගින් අවසර ලබාදීමක් සිදුකර නැහැ. නමුත් අපි දන්නවා ඔවුන් එවැනි මධ්‍යස්ථාන පවත්වාගෙන යන බවට. ඒ සම්බන්ධයෙන් අපිට තොතරු ලැබිලා තියෙනවා. ඒවා පිළිබඳව අපි නිරීක්ෂණයක් කරලා තියෙනවා. එවා අවසරයෙන් කරන ඒවා නෙමෙයි. කිසිවිටක අවසරයක් දීලා නැහැ. ඒ පිළිබඳව මොකද්ද සිදුකළ යුතුතේ කියන එක පිළිබඳව අපි සාකච්ඡා කරනවා. ඒවා නවත්නවන් කුමක්ද කළ යුත්තේ විදෙස් කටයුතු අමාත්‍යාංශය මගින් මැදිහත්වීමක් සිදුවෙනවා.”

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පෙන්වා දුන්නේ අද වනවිට ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල ඊශ්‍රායල් ආගමික මධ්‍යස්ථාන හෝ සංස්කෘතික මධ්‍යස්ථාවටල ආරක්ෂක අමාත්‍යංශය මගින් අවරසය ලබාදී ගොඩනගමින් පවතින බවයි.

එවැනි ස්ථානවලට පොලිස් හා විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව ද යොදවා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා වැඩිදුරටත් පවසා සිටියා.

RECENT ARTICLES - SINHALA

මාලිමා ආණ්ඩුව ගෙනියන්නෙත් රාජපක්ෂ සංස්කෘතිය – මුජුබර් රහුමාන්

කොළඹ මහ නගර සභාවේ පුරපති පත්කිරීමේදී පළාත් පාලන කොමසාරිස්වරිය කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් නීති පියවර ගැනීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී...

පෞද්ගලික බස් රථ සේවක මහත්වරුන්ට විශ්‍රාම වැටුපක්

මේ වසර ඇතුළත පොදු ප්‍රවාහන බස් රථ සේවයේ සුරක්ෂිත ගුණාත්මකභාවයක් ඇති කරලීම සහ මගී ජනතාවට සුවදායක ලෙස සිය ප්‍රවාහන කටයුතු සිදු කරගැනීමට අවශ්‍ය කරන...

දේශබන්දු කමිටුවට තවත් තුනක් සාක්ෂි දීලා

දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇතැයි කියන විෂමාචාර සම්බන්ධයෙන් විමර්ශනය කරන පරීක්ෂණ කමිටුව ඉදිරියේ තවත් සාක්ෂිකරුවෝ තිදෙනෙක් සාක්ෂි ලබා දී තිබෙනවා. පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන්...

POPULAR ARTICLES

මාලිමා ආණ්ඩුව ගෙනියන්නෙත් රාජපක්ෂ සංස්කෘතිය – මුජුබර් රහුමාන්

කොළඹ මහ නගර සභාවේ පුරපති පත්කිරීමේදී පළාත් පාලන කොමසාරිස්වරිය කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් නීති පියවර ගැනීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී...

පෞද්ගලික බස් රථ සේවක මහත්වරුන්ට විශ්‍රාම වැටුපක්

මේ වසර ඇතුළත පොදු ප්‍රවාහන බස් රථ සේවයේ සුරක්ෂිත ගුණාත්මකභාවයක් ඇති කරලීම සහ මගී ජනතාවට සුවදායක ලෙස සිය ප්‍රවාහන කටයුතු සිදු කරගැනීමට අවශ්‍ය කරන...

මැතිව්ස් සහභාගි වන අවසන් ටෙස්ට් තරගය හෙට 

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා පිල අතර පළමු ටෙස්ට් ක්‍රිකට් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හෙට(17) ආරම්භ වනවා. ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටම තුන්ඉරියව් ක්‍රීඩකයෙකු වන ඇන්ජලෝ...