ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු නිළ විදෙස් සංචාරක් සඳහා අමෙරිකාවට පැමිණ තිබෙනවා.
විදෙස් මාධ්ය වාර්තා කළේ අද (02) පෙරවරුවේ බෙන්ජමින් නෙතන්යාහු අමෙරිකාවේ වොෂින්ටන් නුවරට පැමිණ ඇති බවයි.
මෙම සංචාරයේ දී ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ තවත් ඉහළ පෙළේ නායකයින් රැසක් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඩොනල්ඩ් ට්‍රම්ප් ජනපති ධූරයට පත්වීමෙන් අනතුරුව විදේශීය නායකයෙකු සමග පවත්වන පළමු හමුව ද මෙය බව සඳහන් වනවා.
එහිදී හමාස් සංවිධානය අතර පවතින සටන් විරාමයේ දෙවන අදියර පිළිබඳව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සහ අමෙරිකානු ජනාධිපතිවරයා අතර සාකච්ඡා පැවැත්වීමට නියමිත බව විදෙස් මාධ්ය වාර්තා කළා.