29.5 C
Colombo
Wednesday, July 9, 2025

ඊශ්‍රායලයේ ඊළඟ සූදානම

- Advertisement -

ඊශ්‍රායලය විසින් ලෙබනනය වෙත ගොඩබිම් ප්‍රහාර එල්ලකිරීමට බලාපොරොත්තු වන බව අමෙරිකාවට දැනුම් දී තිබෙනවා.

ඊයේ (30) සිට එම ප්‍රහාර ඉක්මනින් දියත් කරන බව ඊශ්‍රායලය විසින් අමෙරිකානු නිලධාරියෙක්ට දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ අතර ලෙබනනය වෙත ගොඩබිම් ප්‍රහාරයක අවදානම තීව්‍ර කරමින් ලෙබනන් – ඊශ්‍රායල දේශසීමාව වෙත ඊශ්‍රායලය විසින් යුද ටැංකි යොමුකර තිබු‍ණා.

මෙවන් පසුබිමක ජාතිය ඇමතූ හිස්බුල්ලා සංවිධානයේ උප නායක ෂෙයික් නයිම් කාසීම් අවධාරණය කළේ ඊශ්‍රායල ගොඩබිම් ප්‍රහාරයකට මුහුණදීමට තම සංවිධානය සූදානමින් සිටින බවයි.

මේ අතර ලෙබනනයේ ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානයේ නායක සායිද් හසන් නස්රල්ලා, ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් මියගියා.

ඝාතනය කෙරුණු හිස්බුල්ලා නායකයාගේ සිරුර, ලෙබනන් සෞඛ්‍ය අංශ සුන්බුන් අතරින් පෙරේදා (29) සොයාගෙන තිබුණා.

ඔහුගේ දේහය සම්බන්ධ අවසන් කටයුතු සිදුකරන දිනය මෙතෙක් අනාවරණ කර නැහැ.

ඊශ්‍රායලය ලෙබනනයේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම තවමත් නවත්වා නොමැති අතර ඊයේත් එල්ල වූ ප්‍රහාරවලින් එරට 105 දෙනෙක් මරුමුවට පත්ව තිබු අතර මියගිය පිරිස අතරට ලෙබනනයේ හමාස් ප්‍රධානියා ද අයත්.

RECENT ARTICLES - SINHALA

අධ්‍යාපන සභාව පිහිටුවීම පිළිබඳ අනුකාරක සභාව ප්‍රථමවරට රැස්වෙලා

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් පත්කරන ලද ‘අධ්‍යාපන සභාව’ පිහිටුවීම පිළිබඳ අනු කාරක සභාව ප්‍රථමවරට රැස්වුණා. ඒ...

වතුර පරිස්සමින් පාවිච්චි කරන්න

පවතින වියලි කාලගුණික තත්ත්ව හේතුවෙන් සෞඛ්‍යාරක්ෂිත පානීය ජලය හැකිතාක් දුරට අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පාරිභෝගික ජනතාවගෙන් ඉතා කාරුණිකව...

නවකවධය වැළැක්වීමට නිර්දේශ රැසක්

විශ්වවිද්‍යාල තුළ සිදුවන නවකවධය වැළැක්වීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් නිර්දේශ කිහිපයක්   ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව නවකවධය පිළිබඳ සිදුවීම් වාර්තා කිරීම සඳහා පැය...

POPULAR ARTICLES

ඉන්දියාවේ පාලමක් කඩාවැටී පුද්ගලයින් දස දෙනෙකු ජීවිතක්ෂයට

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ පාලමක් කඩාවැටීමෙන් පුද්ගලයින් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වසර 40ක් පැරණි මෙම පාලමෙහි කොටසක් කඩා වැටීමත් සමග ට්‍රක් රථ දෙකක්, මෝටර් රථයක්...