27 C
Colombo
Friday, April 19, 2024

සංචිත පහත වැටුනම ණය ගෙවන්න බැරිවෙනවා කියන්නේ මිත්‍යාවක්..!

- Advertisement -

ලෝක බැංකුව ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය ආයතන කුමක් පැවසුවද, වත්මන් ආර්ථික තත්ත්වය තුළ ශ්‍රී ලංකාවේ ප්‍රගතියක් ඇතිවෙමින් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාර්ඩ් කබ්රාල් මහතා පවසනවා.

ඒ, විදේශ විනිමය හා ජාතික ආර්ථිකය පිළිබඳව ඊයේ (23) දින අන්තර්ජාලය ඔස්සේ පැවැත්වූ “Impact of Forex Crisis and Solutions for National Economy” නම් සජීවී සාකච්ඡාවේදී අදහස් දක්වමින්.

මෙම වසර තුළ සියයට පහක පමණ වර්ධනයක් දක්නට අති බවයි ඒ මහතා සඳහන් කළේ.

2019 අවසන් වන විට රටේ සංචිත ඩොලර් මිලියන 7,642 ක් පමණ වූ බවත්, ඒවා සහ අනෙකුත් මුදල් ගලා ඒම් ද භාවිතයට ගනිමින් 2021 වසර අවසන් වන විට ඩොලර් මිලියන 12,443 ක මුළු ණය ප්‍රමාණයක් ගෙවීමට ශ්‍රී ලංකාවට හැකි වූ බව කබ්රාල් මහතා සිහිපත් කළ අතර ඉන් අනතුරුව ද සංචිත ඩොලර් මිලියන 3,538 දක්වා පහත වැටී තිබූ බවත්, එමඟින් ඩොලර් මිලියන 7,939ක් පමණ ශුද්ධ ගෙවීමක් සිදුව ඇති බවත් ඔහු සඳහන් කර සිටිනවා.

2021 වසරේ තුන්වන කාර්තුව වන විට, විදෙස් සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 2,481 දක්වා පහත වැටි මුත් එය ඩොලර් බිලියන 3.1 දක්වා ඉහළ දැමීමට සමත් වූ බවත්, ඒ අනුව ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර මුලපිරීම 2021 ජනවාරි 18 වන පියවා දැමීමට හැකි වූ බව ද ඔහු අවධාරණය කරනවා.

මේ අනුව, විදෙස් සංචිත පහත වැටීම හමුවේ රටකට ණය ගෙවීමට නොහැකි වීම, හෝ රටක් බංකොලොත් වීම යනු මිත්‍යාවක් බවයි කබ්රාල් මහතා පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකාව ඉහළ වර්ධන මාවතකට ගෙන යා හැකි පියවර රැසක් පවතින බවත්, එහිදී මතුවන සෑම අභියෝගයකටම මුහුණ දෙන බවත්, එමඟින් වර්තමානයේ රට තුළ මතුව ඇති අස්ථාවර ස්වරූපය අවම කරගත හැකි බවත් පෙන්වා දෙන කබ්රාල් මහතා වැඩිදුරටත් අවධාරණය කළේ, වෙනත් රටවල් මෙන් ශ්‍රී ලංකාව ද ඉහළ යන උද්ධමනයට මුහුණ පා තිබීම යතාර්ථයක් බැවින්, වැඩි මුදල් ගලාඒමක් දිරිමත් කිරීම හා වැඩි ස්ථාවරත්වයක් රට තුළ ස්ථාපිත කිරීම රජය හා මහ බැංකුවේ සැලැස්ම විය යුතු බවයි.

RECENT ARTICLES - SINHALA

දුම්රිය ගමන්වාර 4 ක් අවලංගුයි

දුම්රිය බලවේග කට්ටල නොමැති වීම හේතුවෙන් දුම්රිය ගමන් වාර 4 ක් අවලංගු කිරීමට දුම්රිය පාලනාධිකාරිය විසින් පියවර ගෙන තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ප්‍රධාන මාර්ගයේ...

නිර්වින්දන හා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය තවදුරටත්

නිර්වින්දන හා ළමා රෝග විශේෂඥවරුන්ගේ හිඟය තවදුරටත් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. බොහෝ පිරිසක් රට ඇත්හැර ගොස් ඇති බවත් තවත් පිරිසක් විදේශ පුහුණුවීම් සදහා ගොස්...

පාලිත තෙවරප්පෙරුමගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද

අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (19) සිදුකිරීමට නියමිතව තිබෙනවා. අද පස්වරු 2ට මතුගම යටදොලවත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...