31 C
Colombo
Sunday, June 4, 2023

සිදුවීම වෙනුවට මාධ්‍යවේදියෙකුට තොරතුරු ලැබුණු ආකාරය සෙවීම බරපතළ තත්ත්වයක් – තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

- Advertisement -

‘කොරෝනා වැඩ මගහැර ලකුණු දමාගන්නා දොස්තරලා’ මැයෙන් 2021 මැයි මස 25 වැනි දා Rata.lk නම් ප්‍රවෘත්ති වෙබ් අඩවියේ පළවූ ලිපියක් සම්බන්ධයෙන් එම වෙබ් අඩවියේ සංස්කාරකවරයාට එරෙහිව ගාල්ල කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂවරයා සහ වෛද්‍යවරුන් පිරිසක් ගාල්ල මූලස්ථාන පොලිසියට පැමිණිලි කිහිපයක් ගොනුකර තිබීමේ සිදුවීම පිළිබදව ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පොලිස්පතිවරයාට ලිපියක් යොමුකර තිබෙනවා.

මාධ්‍යවේදියකුට තොරතුරු ලැබුණු ආකාරය ගැන විමර්ශනය කිරීම බරපතල තත්ත්වයක් බවත් එය ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය කටයුතු ඉදිරියට කරගෙන යෑමේදී දැවැන්ත බාධාවකට හේතුවන බවත් අදාළ ලිපියේ සදහන්.

Rata.lk නම් ප්‍රවෘත්ති වෙබ් අඩවියේ පළවූ එම ලිපිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව එහි සංස්කාරකවරයාට අද (17) පොලිසියට පැමිණෙන ලෙසට දැනුම් දී ඇති බවත් එවැනි විමර්ශනයක් සිදු කිරීම මහජනතාවට තොරතුරු දැන ගැනීමට ඇති අයිතියට ද බාධාවක් වන බවත් එම ලිපියෙන් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පෙන්වා දෙනවා.

එම වෙබ් අඩවියේ සංස්කාරකවරයාට එරෙහිව රෝහල් අධ්‍යක්ෂවරයා සිදුකර ඇති පැමිණිල්ල වන්නේ රෝහල අභ්‍යන්තරයේ හුවමාරු වූ ලිපියක් මෙම වෙබ් අඩවියට ලැබුණු ආකාරය ගැන විමර්ශනය කරන ලෙසයි.

එමෙන්ම තවත් පැමිණිලි කිහිපයක් සිදුකරමින් තවත් වෛද්‍යවරුන් පිරිසක් සඳහන් කර ඇත්තේ එම ලිපිය කොවිඩ් මර්දන රාජකාරිවලට බාධාවක් බැවින් ඒ සම්බන්ධයෙන් අපරාධ විමර්ශනයක් සිදු කරන ලෙසටයි.

අදාළ ලිපිය පහතින්,

චන්දන වික්‍රමරත්න මහතා,
පොලිස්පති,
පොලිස් මූලස්ථානය,
කොළඹ.
පොලිස්පතිතුමනි,

මාධ්‍යවේදියකුට තොරතුරු ලැබුණු ආකාරය සොයා බැලීමට සඳහා විමර්ශනයක් පැවැත්වීම සම්බන්ධවයි

“කොරෝනා වැඩ මගහැර ලකුණු දමාගන්නා දොස්තරලා”(https://si.rata.lk/13981/) මැයෙන් 2021 මැයි මස 25 වැනි දා Rata.lk නම් ප්‍රවෘත්ති වෙබ් අඩවියේ පළවූ ලිපියක් සම්බන්ධයෙන් එම වෙබ් අඩවියේ සංස්කාරකවරයාට එරෙහිව ගාල්ල කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂවරයා සහ වෛද්‍යවරුන් පිරිසක් ගාල්ල මූලස්ථාන පොලිසියට පැමිණිලි කිහිපයක් කර ඇති බව ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය වෙත අද (16) වාර්තා විය.

මෙම පැමිණිලිවලට අදාලව එම වෙබ් අඩවියේ ප්‍රධාන සංස්කාරකවරයා හෙට (17) දිනයේ පොලිසියට කැඳවා ඇතැයි ද වාර්තා විය.

ගාල්ල කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂවරයා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ රෝහලේ අභ්‍යන්තරයේ හුවමාරු වූ ලිපියක් මෙම වෙබ් අඩවියට ලැබුණු ආකාරය ගැන විමර්ශනය කරන ලෙසයි. සෙසු වෛද්‍යවරුන් කළ පැමිණිලිවල සඳහන් වන්නේ වෙබ් අඩවියේ පළ වූ ලිපිය කොරෝනා මර්දන රාජකාරිවලට බාධාවක් බැවින් ඒ සම්බන්ධයෙන් අපරාධ විමර්ශනයක් සිදු කරන ලෙසයි.

මාධ්‍යවේදියකුට තොරතුරු ලැබුණු ආකාරය ගැන විමර්ශනය කිරීම යනු බරපතල තත්ත්වයකි. එය ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය කටයුතු ඉදිරියට කරගෙන යෑමේදී දැවැන්ත බාධාවකට හේතු වනු ඇතුවා පමණක් නොව එවැනි විමර්ශනයක් සිදු කිරීම මහජනතාවට තොරතුරු දැන ගැනීමට ඇති අයිතියට ද බාධාවකි.

එමෙන්ම වැරදි පෙන්වාදීමට, අඩුපාඩු විවේචනය කිරීමට ඔ්නෑම පුරවැසියකුට අයිතිය තිබේ. එම අයිතිය හීන කිරීමට රෝහල් අධ්‍යක්ෂට හෝ වෛද්‍යවරුන්ට නොහැකිය. ජනමාධ්‍යවේදීන්ට ද එම අයිතිය එලෙසින්ම තිබේ. රෝහල් අධ්‍යක්ෂ කළ යුතුව තිබුණේ ජනමාධ්‍යවේදියා පෙන්වා දෙන කරුණු සම්බන්ධයෙන් අභ්‍යන්තර විමර්ශනයක් සිදු කර මාධ්‍යවේදියා පෙන්වා දෙන අඩුපාඩුව නිවැරදි කර ගැනීමය.

ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය සහ ජනමාධ්‍යවේදීන්ගේ නිදහස එකිනෙකට බැඳි පවතින බව ද පෙන්වා දෙනු කැමැත්තෙමු.

එබැවින් මෙම පැමිණිලි විමර්ශනයේ දී ජනමාධ්‍යවේදියාගේ රාජකාරියට කිසිම බාධාවක් නොකරන ලෙසත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කර ඇති ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩ නොකරන ලෙසත්, ජනමාධ්‍යවේදියාගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසත් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ලෙස අපි ඉල්ලා සිටිමු.

ස්තුතියි.
මෙයට,
විශ්වාසී,
ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

RECENT ARTICLES - SINHALA

ඇගළුම් කම්හලක සේවකයෙක් හදිසි අනතුරකින් මරුට

කළුතර උතුර සමඟිපුර ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක මුද්‍රණ යන්ත්‍රයකට හසුවීමෙන් එම කර්මාන්ත ශාලාවේ සේවකයෙකු ඊයේ (03) මියගොස් තිබෙනවා. මෙලෙස...

මුදල් විශුද්ධිකරණයට එරෙහිව ජනපතිගෙන් විශේෂ තීන්දුවක්

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම පිළිබඳව ශ්‍රී ලංකාවේ මීළඟ ප්‍රවේශය නුදුරේදීම ක්‍රියාවට නංවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

චීන පොහොර නැවට සල්ලි ගෙවීම ගැන අල්ලස් කොමිසමෙන් නඩු

2020 සහ 2021 මහ කන්නය සඳහා ගොවි ජනතාවට අවශ්‍ය පොහොර සැපයීම සඳහා අහිතකර බැක්ටීරියා සහිතව චීනයෙන් ආනයනය කළ විෂ සහිත කාබනික පොහොර...

RECENT ARTICLES - ENGLISH

Breaking: Litro gas prices reduced

0
Prices of Litro domestic LP gas cylinders will.be reduced with effect from midnight today (4), the Litro Chairman said.

Odisha train accident: Coromandel express train collides with goods train, many feared dead

0
In a major train accident in Odisha, an express train collided with a goods train in which many are now feared dead.

Khalid and Salama to visit SL today

0
Khalid Al Ameri, a renowned Emirati blogger, columnist, and motivational speaker, is making headlines once again with his upcoming trip to Sri...