තමන් වත්මන් ආණ්ඩුවේ සපත්තු ලෙවකන සුනඛයෙකු බවත් එය තමන්ට අභිමානයක් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසයි.
සුරේන් රාඝවන් මහතා මේ බව පැවසුවේ පෙරේදා (23) පාර්ලිමේන්තුවේදී දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතා කළ චෝදනාවකට පිළිතුරු ලබාදෙමිනි.
“ඔව් මම සපත්තු ලෙවකන බල්ලෙක් තමයි ආණ්ඩුවේ. බෙදුම්වාදයට සහයෝගය දක්වන, මිනීමරු ත්‍රස්තවාදයට උදව් දෙන කුලී හේවායෙක් වෙනවාට වඩා මගේ රාජ්‍යය රැකගන්න මං බල්ලෙක් වෙන එක මං අභිමානයක් හැටියට සලකනවා සභාපතිතුමනි” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.