32 C
Colombo
Saturday, April 20, 2024

සජිත් වගේ කෙනෙක් විපක්ෂනායකකමේ ඉන්න එක තමයි අපිට හොඳම

- Advertisement -

ගෑස් සමාගමේ සභාපතිවරයා සහ නිලධාරීන් නිසි අයුරින් වගකීම් භාරගෙන වැඩ කටයුතු ඉටු නොකළ නිසා රට තුළ ගෑස් පිළිබඳ ප්‍රශ්නයක් ඇතිවූ බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.

ඒ, නව වසරේ රාජකාරි ආරම්භ කිරීම වෙනුවෙන් බත්තරමුල්ලේ පිහිටි මහාමාර්ග අමාත්‍යංශ පරිශ්‍රයේදී පෙරේදා (02) දින පැවති උත්සවයෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්.

අමාත්‍යංශ සංශෝධනය සම්බන්ධව අදහස් දක්වමින් එහිදී ඔහු පවසා සිටියේ කුමන දිනයේදී හෝ එය සිදු කිරීමට අවශ්‍ය බලය ජනාධිපතිවරයා සතුව ඇති බවයි.

එමෙන්ම අමාත්‍යවරුන් හා ලේකම්වරුන් ඉවත් කිරීමේ රැඩිකල් තීන්දු තීරණ ද ජනාධිපතිවරයා ගනු ලබන බවත් එසේ තීන්දු තීරණ නොගතහොත් එක තැන පල්වන්නට සිදුවන බව ත් ඔහු පවසනවා

“සජිත් සියඹලාන්ඩුවට එකක් කියනවා, හම්බන්තොටට එකක් කියනවා. පස්සෙ නෝනා එක්ක වයින් බිබී පාටි දානවා. පොළට ගිහින් කියනවා කන්න නෑ කියලා. හවසට බාල් නටනවා. ප්‍රේමදාස මහත්තයා වගේ කෙනෙක් විපක්ෂනායකකමේ ඉන්න එක තමයි අපිට හොඳම. ” යැයි ඔහු පවසනවා.


RECENT ARTICLES - SINHALA

ඉන්දියාවේ සහය අරන් මන්නාරම ජාත්‍යන්තර වාණිජ නගරයක් කරනවා – මනූෂ (වීඩියෝ)

ඉන්දියාව සමඟ එක්ව මන්නාරම නැවතත් අන්තර් ජාතික වෙළඳ මධ්‍යස්ථනයක් බවට සංවර්ධනය කිරීම සඳහා රජය කටයුතු කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර...

ලොකු ලූනු සතොස හරහා ගෙන්වන්න තීරණයක්

ඉන්දියාවෙන් ලොකු ලූනු ආනයනය ලංකා සතොස හරහා සිදුකිරීමට තීරණය කර තිබෙනවා.. ලොකු ලූනු අපනයනය තහනම ශ්‍රී ලංකාව සඳහා ඉවත් කිරීමට තීරණය කළ ඉන්දීය රජය ශ්‍රී...

අයිස් සමඟ කොටු වූ නාවික හමුදා ලොක්කන් රඳවාගෙන ප්‍රශ්න කරයි

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනා ඇතුළු සිව්දෙනා ලබන 26 වන දින දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය අද (20) අවසර...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

ඊශ්‍රායලයෙන් ඉවත් වෙන්නැයි ඕස්ට්‍රේලියානුවන්ට නිවේදනයක්

ඉරානය වෙත ඊශ්‍රායලය ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ ඊශ්‍රායලයේ වෙසෙන සිය වැසියන්ට එරටින් ඉවත් වෙන ලෙස ඕස්ට්‍රේලියාව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඊශ්‍රාලයෙන් ඉවත් වීම...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...