26.7 C
Colombo
Saturday, June 14, 2025

පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ යට ගසා ඇත්තේ ගෝඨාභයයි – මුජිබර් (වීඩියෝ)

- Advertisement -

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ පරීක්ෂණ සියල්ල ඉදිරියට යාම වළක්වාලමින් කටයුතු කර ඇත්තේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා.

අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මෙම කරුණු අනාවරණය කර තිබෙනවා.

ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් බලය ලබාගත් විගස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පර්යේෂණ පැවැත් වූ නිලධාරින් තිස් දෙනෙකු මාරුකර යවා ඇති බව ඔහු මෙහිදී හෙළිකර තිබෙනවා.

මින් ඇතැම් නිලධාරීන් මාරුකර යවා ඇත්තේ අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පවා දිවුරුම් දීමට පෙර බවයි ඔහු පවසන්නේ.

මේ අතර පාස්කු ඉරිදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ රැඳී සිටිම්න් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ සහරාන් හෂීම් රැඳී සිටි කාමරයේ ඔහුට පෙර නවාතැන් ගෙන සිටි අමුත්තන් සම්බන්ධ තොරතුරු සියල්ල අතුරුදන්වීමේ සිදුවීමක් පිළිබඳ ද ඔහු මෙහිදී කරුණු හෙළිකර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

“මම මුලින්ම කරේ ලොකු පුටුව අයින් කරපු එක” – ලාල් කාන්ත

තමා අමාත්‍යාංශයට ගොස් සිදු කළ පළමු කාර්යය වූයේ අමාත්‍යවරයාට වෙන් කොට තිබූ “ලොකු පුටුව”ඉවත් කිරීම බව කෘෂිකර්ම, වාරිමාර්ග, පශු සම්පත් අමාත්‍ය කේ.ඩි. ලාල් කාන්ත...

බලන්ගොඩ පාසල් සිසුවාගේ මිය යෑම ගැන පරීක්ෂණයක්

බලංගොඩ රජවක මහ විදුහලේ  ගසක අත්තක් කඩා වැටීමෙන් සිසුවකු මිය යෑම සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිදු කර සතියක් තුළ වාර්තාවක් ලබාදෙන ලෙස අධ්‍යාපන සහ උසස්...

ඖෂධ හිඟය ගැන පැහැදිලි කිරීමක්

ඇතැම් පුද්ගලයින් බෙහෙත් සම්බන්ධ සංවේදී කාරණා යොදාගනිමින් සමාජ අවධානය ලබා ගැනීමට උත්සාහ දරන බවත් එලෙස ජනතාව බිය වැද්දීම නොකළ යුතු බවත්  සෞඛ්‍ය හා ජනමාධ්‍ය...

POPULAR ARTICLES