වාහන මිල ඉහළ යාමත් සමග ලීසිං වාරික තුනක් ගෙවීම පැහැර හැර ඇති අවස්ථාවෙහිදීම ඇතැම් මූල්‍ය ආයතන නීති විරෝධී ආකාරයට අදාළ වාහනය අත්පත් කර ගනිමින් තිබෙන බව ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමය සඳහන් කරන බව ලංකාදීප පුවත්පත වාර්තා කරනවා.
මෙලෙස නීති විරෝධී ආකාරයට අත්පත් කර ගන්නා වාහන අධික මිලකට අලෙවි කර මූල්‍ය සමාගම් විශාල මුදලක් උපයා ගනිමින් තිබෙන බවද එම සංගමයේ ප්‍රකාශකයෙක් පැවසු බව සඳහන්.
මේ වසරේ ජනවාරි 01 වැනි දින සිට මේ දක්වා කාලයෙහිදී වාහන 10,000කට ආසන්න ප්‍රමාණයක් සීසර්වරුන් විසින් අත්පත් කරගෙන තිබෙන බවට වාර්තා වන බවද ඔහු සඳහන් කරනවා.
ලීසිං වාරික තුනක් ගෙවීම අතපසු කළහොත් අධිකරණ ක්‍රියා මාර්ග ගෙන අදාළ කටයුතු සිදු කළ යුතු බවට නීතියක් පවතින බව පවසා තිබෙන ඔහු එහෙත් අදාළ ක්‍රමය ක්‍රියාත්මක නොකර වාහන අත්පත් කරගන්නා බලහත්කාරයෙන් වාහන රැගෙන යෑම අසාධාරණ ක්‍රියාවක් බව පෙන්වා දෙනවා.
ලීසිං වාරික ගෙවීම වාහන හිමියාගේ වගකීමක් වුවත් යම් ආර්ථික අර්බුදයක් නිසා ලීසිං වාරික ගෙවීමට නොහැකි අවස්ථාවෙහිදී වාරික ගෙවීම අතපසුවෙන හෙයින් අදාළ කටයුතු නීත්‍යනුකූලව සිදු කළ යුතු බවද සඳහන්.
වාරික තුනක් ගෙවීම පැහැර හැර ඇති අවස්ථාවෙහිදී සීසර්වරුන් අත්පත් කර ගන්නා වාහනය නැවත ලබාගැනීමට නම් ගෙවීමට තිබෙන සියලු මුදල් එකවර ගෙවන ලෙස ඇතැම් මූල්‍ය ආයතන පවසන නිසා වාහන හිමියන් දැඩි දුෂ්කරතාවන්ට පත්වන බවද ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමයේ සභාපති අසංක රුවන් පොතුපිටිය මහතා පවසනවා.
වාහන මිල ඉහළ ගොස් තිබෙන නිසා වාහන අත්පත් කර ගැනීම ඉහළ ගොස් තිබෙන බවද මෙලෙස අත්පත් කර ගන්නා වාහන ඉහළ මිලකට අලෙවි කර අධික ලාභ උපයා ගන්නා බවද එසේ කටයුතු කිරීමේදී වාහන හිමියාට ද යම් සාධාරණ මුදලක් ලබා දිය යුතුව තිබෙන බවද ඔහු කියා සිටිනවා.
පරාටේ නීතිය භාවිත කරමින් ණය ගෙවීම පැහැර හැර ඇති පිරිස්වල දේපළ අසාධාරණ ලෙස අත්පත් කර ගනිමින් තිබෙන බවද හෙතෙම සඳහන් කළා.
රටේ පවතින නීතියට අනුව ණය වාරික කිහිපයක් ගෙවීම පැහැර හැරියහොත් අදාළ ණයකරුට විරුද්ධව අධිකරණ ක්‍රියා මාර්ග ගත යුතු බවයි.
එහෙත් මූල්‍ය ආයතන විසින් සිදුකරනු ලබන්නේ පරාටේ නීතියට අනුව ඔවුන්ගේ අධ්‍යක්ෂ මණ්ඩල තීන්දුවක් බව සඳහන් කරමින් ණය ලබා ගැනීමේදී ඇපයට තැබූ දේපළ බලහත්කාරයෙන් පවරාගෙන වෙන්දේසියේ දැමීම බවද හෙතෙම සඳහන් කළා.
මේ ආකාරයට අත්පත් කර ගන්නා දේපළ පවා අධික මුදලකට අලෙවි කරන බවත් එම මුදලින් කිසිදු මුදලක් දේපළ අයිතිකරුට හිමි නොවන නිසා පරාටේ නීතිය අහෝසි කර ණය ගෙවීම පැහැර හැරීමකදී අධිකරණයේ නඩුපවරන ක්‍රමය ක්‍රියාත්මක කළ යුතු බවත් ඔහු පවසා තිබුණා.
තවද ඔහු පැවසුවේ ණය ලබාගන්නා සියලුම දෙනාගේ වගකීම ණය හා පොලී මුදල් ගෙවීම වුවත් ආර්ථික අර්බුදය නිසා කර්මාන්ත කඩා වැටීමෙන් ණය ගෙවා ගැනීමට නොහැකිව අසරණ වන පිරිස් සිටින බවයි .