27 C
Colombo
Saturday, June 10, 2023

දරුවන් විසින් මහමග දමාගිය වැල්ලම්පිටියේ මහලු යුවලට කොරෝනා

- Advertisement -

මීට දින දෙක තුනකට පෙර වැල්ලම්පිටිය හංදියේ මහලු යුවලක් අතරමං කර දමා ගොස් ඇති බව වාර්තා වේ.

ඔවුන් ඉංගිරිය ප්‍රදේශයේ බවත් යම් කිසිවෙකු විසින් ඔවුන් දෙදෙනාව මේ ස්ථානයේ දමාගොස් ඇති බව තහවුරු කරගෙන තිබේ. කඩයක් ඉදිරිපිට වැටී සිටි මෙම දෙදෙනා ව සෞඛ්‍ය බලධාරීන් විසින් PCR පරීක්ෂණයකට ලක්කිරීමට පියවෙර ගෙන තිබූ අතර ඉන් හෙළිවී ඇත්තේ දෙදෙනාටම කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවය.

ඔවුන් දෙදෙනාගේ තත්ත්වය ඉතා අසාධ්‍ය බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.

ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් ගිලන්රථ වලින් එම දෙදෙනාව IDH රෝහල වෙත රැගෙන ගොස් තිබේ.

එම මහලු යුවලට පසුගිය දින කිහිපය පුරා අසල සිටි පිරිස් විසින් කෑම බීම ලබාදී නාවා පිරිසිදු කර ඇති අතර එම පිරිස් සොයා ඔවුන්ව නිරෝධායන කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පැවසීය.

දරුවන්ට ඇති ආදරය නිසා ඔවුන් දරුවන්ගේ නම් නොපවසන බවයි වාර්තා වන්නේ.

RECENT ARTICLES - SINHALA

ජංගම දුරකථන සහ උපාංග වල මිල 20% කින් අඩු වන ලකුණු?

ජංගම දුරකථන සහ උපාංග වල මිල සියයට 20 කින් පමණ අඩු කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන සහ...

කිරින්ද වෙරළේදී තරුණියන් දෙදෙනෙකු රළ පහරට හසුවෙයි

කිරින්ද විහාරය ආසන්නයේදී මුහුදු රළ පහරට හසුවීමෙන් තරුණියක් අතුරුදහන්ව තවත් තරුණියක් මියගොස් තිබෙනවා. අද (09) උදෑසන කාලයේදී තරුණියන් තිදෙනෙකු...

විදේශගත ශ්‍රමිකයින්ගෙන් ඩොලර් මිලියන 480 ක්

මැයි මාසයේදී විදේශගත ශ්‍රමිකයන් මෙරටට ඩොලර් මිලියන 480 කට වැඩි මුදල් ප්‍රමාණයක් එවා ඇති බව කම්කරු හා විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

RECENT ARTICLES - ENGLISH

Consideration of ‘Casino Bill’ postponed until regulatory authority established

0
Consideration of Betting and Gaming Taxes (Amendment) Bill postponed until timeline for establishing regulatory authority is worked out, the Committee on Public...

Ajith Prasanna sentenced another six months RI

0
Major (Retired) Ajith Prasanna has been sentenced to six months of rigorous imprisonment by the Court of Appeal. This...

Danushka Gunathilaka to stand trial accused of raping woman in Sydney

0
Cricketer Danushka Gunathilaka will stand trial accused of raping a woman while in Sydney for the T20 World Cup.