27 C
Colombo
Monday, December 2, 2024

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

- Advertisement -

උතුරු පළාතේ අහස වලාකුලින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු-මැද පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව එම දෙපාර්තමේන්තුව සදහන් කරනවා.  

සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

උතුරු, උතුරුමැද, වයඹ, බස්නාහිර, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට හමන පැ.කි.මී. 50-55ක පමණ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.

මේ අතර, නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති ෆෙන්ගල් සුළිකුණාටුව 2024 නොවැම්බර් 30 වැනි දින ප.ව. 11.30 වනවිට උතුරු තමිල්නාඩු – පුදුචේරි වෙරළ තීරය හරහා ගමන් කරමින් ඉන්දියාව තුළට ඇතුළු වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එය ඉදිරි පැය 3 තුළදී බටහිර-නිරිත දෙසට සෙමින් ගමන් කර ක්‍රමයෙන් ගැඹුරු පීඩන අවපාතයක් දක්වා දුර්වල වීමට ඉඩ ඇති අතර එම පද්ධතිය මගින් දිවයිනේ කාලගුණයට වන බලපෑම තවදුරටත් අඩු වෙමින් පවතින බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

කෝටි දෙකේ සොරකම

රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් මකර තොරණ සහිත ඉපැරණි ලෝහමය බුදුපිළිමයක් සොරකම් කළ ස්වාමීන් වහන්සේ දෙනමක් සහ සංචාරක හෝටලයක හිමිකරුවෙක් මාවනැල්ල පොලීසිය විසින්...

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මෙන්න

පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස සමගි ජනබලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පත් කර තිබෙනවා. මේ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා සඳහන්...

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයට නව ලේකම්වරියක්

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ ලේකම් ලෙස කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය පත් කර තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත් කිරීම සිදුකර තිබුණා. ඊට අදාළ...

POPULAR ARTICLES