කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ බවට සැකකරෙන පුද්ගලයෙකු මාදිවෙල, ප්‍රගතිපුර ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බැවින් අදාළ ප්‍රදේශයේ රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.
“මෙම ප්‍රදේශයේ සිදුකළ PCR පරීක්ෂණයෙන් අදාළ රෝගියාගේ ජෛව සාම්පල් පරීක්ෂණයේ යම් වෙනසක් තිබෙන බවට පර්යේෂණාගාරය මගින් දැනුවත් කිරීමක් සිදුකර තිබෙනවා. ඒ අනුව රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මේ වන විටත් අප අවශ්‍ය කටයුතු සිදුකරගෙන යනවා.” යැයි ඒ මහතා පවසයි.
මෙරටින් පළමු වරට ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වුවන් හඳුනා ගැනුනේ දෙමටගොඩ, ආරාමය ප්‍රදේශයෙන්.
එහිදී අහඹු ලෙස තෝරාගත් සාම්පල පහක් සම්බන්ධයෙන් කළ වැඩිදුර පරීක්ෂණ වලදී එම සාම්පල පහම ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදයේ බවට තහවුරු කර ගැනුණා