‘අද දෙරණ’ ප්‍රවෘත්ති මගින් විකාශය කළ කුප්‍රකට කැළණි ගඟෙන් නාගරාජයෙක් මතුවීමේ සිදුවීමේ වගකීම තමන්ගේ නොව ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකුගේ බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසනවා.
ඔහු සඳහන් කරන්නෙ කොළඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සාමාජිකයෙකුද වන ජාඇළ ප්‍රාදේශීය මාධ්‍යවේදී බෙනට් ෆර්ඩිනැන්ඩස් අදාළ සිදුවීම වීඩියෝ ගතකර දෙරණ නාළිකාවට ලබාදීමෙන් පසුව මෙය දෙරණ නාළිකාව හරහා විකාශය කළ බවයි.
කොළඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මඟින් තුන්වන වරටත් සංවිධානය කළ ක්‍රිකට් තරඟාවලියේ ආරාධිතයෙකු ලෙස සහභාගි වෙමින් ඔහු මෙම අදහස් පලකළා.
තමන්ගේ දේශපාලන ගමනට උපකාර කළේ තමන්ට අයත් දෙරණ නාළිකාව නොව කොළඹ ජනමාධ්‍යවේදීන් බවත් ඔවුන් තමන්ගේ ළඟම හිතවතුන් බවත් දිලිත් ජයවීර මහතා වැඩිදුරටත් සදහන් කළා.
ඊට අදාළ දර්ශන පහතින්,