27 C
Colombo
Saturday, April 20, 2024

“මොන අන්තර්පාලන ආණ්ඩුවක් හැදුවත් අගමැති මමමයි” – මහින්ද

- Advertisement -

තමා අසනීප වී කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බවට පැතිර යන කටකතා අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රතික්ෂේප කර සිටිනවා.

ඒ ගුවන් විදුලි නාලිකාවක් සමඟ අදහස් දක්වමින්.

“ඒක සම්පූර්ණ බොරුවක්, මම රෝගියෙක් බලන්න ඉස්පිරිතාලෙකටවත් ගියේ නෑ, මම හොඳටම ශක්තිමත්, අදටත් මේ තරුණයන් සමඟ දුවන්න පුළුවන්” යැයි අගමැතිවරයා පවසනවා.

නව අගමැතිවරයකු යටතේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා වූ ඉල්ලීම ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ  ප්‍රතික්ෂේප කරන්නේ විවිධ ප්‍රතිපත්තිමය හේතූන් මත එය ක්‍රියාත්මක නොවන බව පවසමින්.

“කාටවත් වෙනත් අගමැතිවරයෙකු සමඟ හෝ රනිල් වික්‍රමසිංහ සමඟ හෝ වැඩ කරන්න අවශ්‍ය වෙන්නෙ නෑ, සර්ව පාක්ෂික රජයක් තිබුණොත් එය මගේ අගමැතිකම යටතේ මගේ නායකත්වය යටතේ සිදුවෙයි,” ඔහු පැවසීය.


RECENT ARTICLES - SINHALA

සර්වෝදය නිර්මාතෘ ඒ.ටී. ආරියරත්නගේ අවසන් කටයුතු අද

සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ අභාවප්‍රාප්ත ආචාර්ය ඒ.ටී ආරියරත්නගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරස්‍රයේදී අද (20) සිදුකිරීමට නියමිතයි. පසුගිය අඟහරුවාදා අභාවප්‍රාප්ත වන විට ඔහු...

හමුදාව හැරගිය අයට අද සිට පොදු සමා කාලයක්

ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ දීර්ඝ කාලීනව නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින හමුදා සාමාජිකයන් හට අද (20) සිට පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා....

පෑලියගොඩ මාළු මිල ඉහළට

0
අද (20) දිනයේ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ මාළු කිලෝවක තොග මිල පසුගිය දින කිහිපයට සාපේක්ෂව ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, මාළු කිලෝවක මිල මෙලෙස සටහන්...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

ඊශ්‍රායලයෙන් ඉවත් වෙන්නැයි ඕස්ට්‍රේලියානුවන්ට නිවේදනයක්

ඉරානය වෙත ඊශ්‍රායලය ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ ඊශ්‍රායලයේ වෙසෙන සිය වැසියන්ට එරටින් ඉවත් වෙන ලෙස ඕස්ට්‍රේලියාව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඊශ්‍රාලයෙන් ඉවත් වීම...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...