27.8 C
Colombo
Monday, June 23, 2025

මහ මැතිවරණය ගැන ITAK ගත් තීරණය

- Advertisement -

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය ලෙස නිවස සලකුණ යටතේ තරග කිරීමට ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය තීරණය කර තිබෙනවා.

 අද (28) පැවැති පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වීමේදී එම පක්ෂය මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණයට ටෙලෝ සහ ප්ලොට් යන පක්ෂ සමඟ සන්ධානගත වී පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරඟ කිරීමට එම පක්ෂය සැලසුම් කර තිබෙනවා

එමෙනෙම, අනෙක් පක්ෂවල තීරණය දැනුම්දීමට තුනක කාලයක් ලබාදීමට ද අදාළ රැස්වීමේදී එකඟ වී ඇති බව සඳහන්.

අදාළ යෝජනාවට මධ්‍යම කාරක සභාවේ සාමාජිකයන් බොහෝ දෙනෙකු සිය ප්‍රසාදය පළ කර ඇති බවටද  තොරතුරු වාර්තා වෙනවා.

මේ අතර, ඉදිරි මහ මැතිවරණයක දී දෙමළ සහ මුස්ලිම් පක්ෂ එක්ව නව සන්ධානයක් ගොඩ නැගීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.

දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් සහ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් එම්.ඒ සුමන්තිරන් යන හිටපු මන්ත්‍රීවරුන් අතර මෙම සාකච්ඡාව පැවැත්වෙනු ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙහි පළමු වටයේ සාකච්ඡා පසුගිය සතියේ පවත්වා ඇති අතර එහිදී ඉදිරි මැතිවරණවල දී දෙමළ මුස්ලිම් පක්ෂ එක්ව තරග කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබුණා.

කෙසේ වෙතත් මෙහිදී නව සන්ධානයක් බිහි කිරීම පිළිබඳ අවසන් එකඟතාවයකට පැමිණ නොමැති බව වාර්තා වෙනවා.

RECENT ARTICLES - SINHALA

පිල්ලෙයාන්ට ඇපදීමක් ගැන හිතලාවත් නැහැ-  නීතිපති දෙපාර්තමේන්තුව

නීතිපති දෙපාර්තමේන්තුවේ ඇතැම් නිළධාරීන් ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍යයේ එල්ල කර තිබෙන අභූත චෝදනා පිළිබදව විමර්ශනයක් අවශ්‍ය බව, නීතිපති පාරින්ද රණසිංහ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්...

බදුල්ල – දුන්හිද බස් අනතුරට හේතුව මෙන්න

බදුල්ල , මහියංගනය ප්‍රධාන මාර්ගයේ දුන්හිද ප්‍රදේශයේදී අනතුරට ලක්වූ බස් රථය ධාවනය කර ඇත්තේ එම රථයේ රියැදුරු නොව වෙනත් අයෙකු බව විමර්ශනවලදී අනාවරණය වී...

ලංකා විදුලිබල මණ්ඩලයෙන් නිවේදනයක්

බැටරිය සහිත වහළ මත සවිකරන සුර්ය කෝෂ පද්ධති සදහා කරන ගෙවීම් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රධාන ඉංජිනේරු ධම්මික විමලරත්න...

POPULAR ARTICLES

පිල්ලෙයාන්ට ඇපදීමක් ගැන හිතලාවත් නැහැ-  නීතිපති දෙපාර්තමේන්තුව

නීතිපති දෙපාර්තමේන්තුවේ ඇතැම් නිළධාරීන් ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍යයේ එල්ල කර තිබෙන අභූත චෝදනා පිළිබදව විමර්ශනයක් අවශ්‍ය බව, නීතිපති පාරින්ද රණසිංහ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්...

හෝමූස් වසා දැමීමට ඉරාන පාර්ලිමේන්තුවෙන් අනුමැතිය

ඉරාන පාර්ලිමේන්තුව විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට අද (22) ඡන්දය ප්‍රකාශ කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා. ඉරානය ඇතුළු මැදපෙරදිග රටවල් තෙල් අපනයනය...

බදුල්ල – දුන්හිද බස් අනතුරට හේතුව මෙන්න

බදුල්ල , මහියංගනය ප්‍රධාන මාර්ගයේ දුන්හිද ප්‍රදේශයේදී අනතුරට ලක්වූ බස් රථය ධාවනය කර ඇත්තේ එම රථයේ රියැදුරු නොව වෙනත් අයෙකු බව විමර්ශනවලදී අනාවරණය වී...