33 C
Colombo
Thursday, March 28, 2024

මම ජල ක්‍රීඩා කරන ඡායාරූප පරණ ඒවා..! – නාමල්

- Advertisement -

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂගේ මාලදිවයිනේ සංචාරය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුල දැඩි විවේචනයන් එල්ල වූ අතර මාලදිවයිනේ සංචාරය කිරීමට රාජ්‍ය මුදල් වියදම් කිරීමත්, ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවක පියාසර බෝඩිං, ජෙට් ස්කීං ඇතුළු ජල ක්‍රීඩා කිහිපයක යෙදෙමින් විනෝද වීමත් එම විවේචනයන්ට තුඩු දෙන ලදි.

කෙසේ වෙතත්, මාධ්‍ය වෙත අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මෙම චෝදනා දෙකම ප්‍රතික්ෂේප කර සිටිනවා.

2022 මාලදිවයිනේ ක්‍රීඩා සම්මාන උළෙලට සහභාගී වීමට තමා මාලදිවයිනට ගිය බවත්, එහිදී තමාට විශේෂ පිළිගැනීමේ සම්මානය පිරිනැමුණු බවත් අමාත්‍ය රාජපක්ෂ පවසනවා.

මෙම සංචාරය සඳහා ශ්‍රී ලංකා රජය කිසිඳු වියදමක් නොදැරූ බව පැවසූ අමාත්‍යවරයා, සම්පූර්ණ සංචාරය සඳහා මුදල් ගෙවා ඇත්තේ මාලදිවයින් රජය බවද පැවසීය.

ඔහු මාලදිවයිනේ ජල ක්‍රීඩා කරන අයුරු දැක්වෙන ඡායාරූප ඔහු මීට පෙර දිවයිනේ කළ සංචාරයක ඡායාරූප බවද අමාත්‍යවරයා සඳහන් කර සිටින අතර එය මේ සතියේ සමාජ මාධ්‍ය වෙත මුදා හැරි නමුත් එය ඔහුගේ පෙර සංචාරයකට අදාල බව පවසා සිටියා.

මාලදිවයින ක්‍රීඩා සංචාරක ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කිරීම මෙරට ක්‍රීඩා අමාත්‍යාංශය බැරෑරුම් ලෙස සලකා බලන බවත් දැනටමත් එවැනි ජල ක්‍රීඩා ක්‍රීඩා කිහිපයක් කොළඹ වරාය නගරයේ දියත් කර ඇති බවත් අමාත්‍ය රාජපක්ෂ මහතා පවසනවා.

“මම ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස මම රටවලට යන විට ඔවුන් මට එම රටවල ක්‍රීඩා කරන්න, විශේෂයෙන්ම මෙවැනි ක්‍රීඩා සංචාරක ක්‍රියාකාරකම් සඳහා ආරාධනා කිරීම සාමාන්‍ය දෙයක්,” අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

කෙසේ නමුත් මාර්තු මස 17වන දින Maldivian Flyboarders ෆේස්බුක් පිටුව මගින් නාමල් රාජපක්ෂ මහතා සිය ජල ක්‍රීඩා මාධ්‍යස්ථානය වෙත හදිසියේම පැමිණීම සම්බන්ධව ස්තූතිය පළකර තිබුනා.

එදිනම එම ජල ක්‍රීඩා ආයතනයේ instagram පිටුවෙ නාමල් රාජපක්ෂ මහතා ජල ක්‍රීඩා කරන අයුරු ජායාරූප හා වීඩියෝ දර්ශන instagram Story ලෙසින් පලකර තිබුණා.


RECENT ARTICLES - SINHALA

රජිව් ගාන්ධි ඝාතකයන් 03ක් ශ්‍රී ලංකාවට පිටුවහල් කරලා

රජිව් ගාන්ධි ඝාතන නඩුවේ වැරදිකරුවන් තිදෙනෙකු ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට තමිල්නාඩු රජය තීරණය කර තිබෙනවා. රජිව් ගාන්ධි ඝාතන නඩුවේ වරදකරුවන් වූ ශ්‍රීහරන් හෙවත් මුරුගන්,...

ආමර් වීදීයේ ටයර් කඩයක ගින්නක්

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ වේල්ස් කුමාර මාවතේ ටයර් කඩයක ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න මැඩපැවැත්වීම සඳහා කොළඹ ගිනි නිවීමේ ඒකකයෙන් මේ වනවිට ගිනි නිවීමේ රථ 5ක්...

පෘථිවියේ වෙනසක් නිසා දවසෙන් තත්ත්පරයක් අඩුවෙයි?

ගෝලීය උණුසුම ඉහළ යාමත් සමග ධ්‍රැවීය අයිස් තට්ටු වේගයෙන් දියවෙමින් පවතිනවා. ඝන අයිස් දියවීමත් සමග පෘථිවියේ හරයේ සිදුවන වෙනස්කම් හේතුවෙන් පෘථිවි භ්‍රමණ වේගය ඉහළ...

POPULAR ARTICLES

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

අවුරුද්දට කලින් මත්පැන් මිලේ වෙනසක්?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසනවා බදුල්ල...

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...