32 C
Colombo
Friday, March 29, 2024

මම ගුටිකාපු එක සාමාන්‍ය දෙයක්, ගණන් ගන්න එපා..! – චාමර සම්පත්

- Advertisement -

පසුගියදා රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක බදුල්ලේදී ප්‍රහාරයකට ලක්විය. සීසීටීවී දර්ශනවල ඇතුළත්ව තිබුණේ පුද්ගලයෙකු රාජ්‍ය අමාත්‍යවරයාට හෙල්මටයකින් පහර දෙන ආකාරයයි.

මේ සම්බන්ධයෙන් ස්වාධීන රූපවාහිනියේ සංවාදයකට එක්වෙමින් ඇමතිවරයා සඳහන් කළේ එය එතරම් ගණන් නොගත යුතු සාමාන්‍ය දෙයක් බවයි. කොළඹට වී නොසිට තමාට ඡන්දය ලබාදුන් ඡන්දදායකයන්ගේ ගැටලු විමසා බලමින් ගමේ ජීවත්ව සිටින නිසා මෙම ප්‍රහාරය එල්ල වූ බවද චාමර සම්පත් සඳහන් කරනවා.

තමා තවමත් බදුල්ලේ ජනතාවගේ මගුල් ගෙදරට, අවමගුල් ගෙදර සහභාගි වන සාමාන්‍ය වෙළඳසැල්වලින් භාණ්ඩ මිලදී ගන්නා සාමාන්‍ය ජීවිතයක් ගත කරන බවත් එනිසා මෙවැනි සිදුවීම්වලට ලක්වීම සාමාන්‍ය තත්වයක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

මෙම සිදුවීම මාධ්‍ය මගින් වැරදි ලෙස වාර්තා කළ බවටද රාජ්‍ය ඇමතිවරයා චෝදනා කරනවා. මෙම පහරදීමට සම්බන්ධ පුද්ගලයා දෛනිකව මත්පැන් පානය කර කුමන හෝ පුද්ගලයෙකු සමග ගැටුම් ඇතිකර ගන්නා අයෙක් බවත්, එය සංවිධානාත්මකව සිදු වූ ප්‍රහාරයක් හෝ විරුද්ධ පක්ෂයක මෙහෙයවීමකින් සිදු වූ ප්‍රහාරයක්‌ හෝ නොවන බවද චාමර සම්පත් ප්‍රකාශ කරනවා.


RECENT ARTICLES - SINHALA

වතුපාසල් සඳහා ගුරු සහායක පත්වීම් 2,535ක්

ඉදිරි සති කිහිපය ඇතුළත වතු පාසල් සඳහා ගුරු සහායකින් 2,535ක් සඳහා අයදුම්පත් කැඳවීමට අදාළ ගැසට් නිවේදනය පළ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය...

Breaking: ඥාණසාර හිමි බන්ධනාගාර රෝහලට

0
ජාතික හා ආගමික සංහිඳියාවට හානි සිදු වන ආකාරයෙන්, ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ප්‍රකාශයක් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරුවී 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් ලැබූ ගලබොඩ අත්තේ...

ශ්‍රී පාද වන්දනාවේ ගිය විදේශිකයෙක් ප්‍රපාතයකට වැටිලා

රත්නපුර - ශ්‍රී පාද මාර්ගයේ ඇහැලකණුව ප්‍රදේශයේදී ආරක්ෂිත වැටෙන් මිටර් 100ක පමණ ප්‍රපාතයට විදෙස් ජාතිකයෙක් ඇද වැටී තිබෙනවා. ඉන්දීය ජාතිකයෙකු වූ අදාළ විදේශිකයා පසුව...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...